1/28/11

ඉගෙනීම

CONFIUZD ප්‍රෝග්‍රැමර් කියලා බ්ලොග් 1කට නම දාගෙන හිටියට මේ අවුරුද්දටම එක programming ටියුටෝරියල් එකක් වත් දැම්මෙනම් නෑ ඔන්න ..ඒ අස්සේ මේ බ්ලොග් සතිය ... ඔන්න ඉතින් මෙන්න මේ පෝස්ට් එකත් programming ගැනනම් නෙවෙයි





1/27/11

මල් සරාගේ උක්දඩු දුන්න ගැන වයිමා විසින් කරන ලද ප්‍රකාශය

මේ වයිමා විසින් මල් සරාගේ දුන්න ගැන කල ප්‍රකාශයයි



1/26/11

විකිලීක්ස්:මල්සරාගේ diplomatic cable පණිවිඩය

මෙම පනිවිඩය මල්සරා විසින්  ශක්‍රයා,වයිමා ප්‍රමුඛ විශේෂ කමිටුවක ඉදිරියේ කල කරුනු දැක්විමක ලිඛිත සටහනකි

විකිලීක්ස් වෙබ් අඩවියට ලැබුණු ..ලිපි ගොනුවකින් උපුටා ගන්නා ලදී



අනේ දෙයියනේ ..මම දන්නවා ඔය නර පනුවො දෙතුන් දෙනෙක් මට විරුද්දව ඔබ තුමා පෙත්සම් ගහලා කියලා ..ඒ වුනාට මම කොහොමද දෙයියනේ  මෙව්වා නරපනුවන්ට කටක් ඇරලා කියන්නේ

1/25/11

CONFIUZD ප්‍රෝග්‍රැමර් blog ලියයි

බස් බ්ලොග් සතිය අලලා බ්ලොග් ලියනන CONFIUZD ප්‍රෝග්‍රැමර් ගැන   ලෝක සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අවදානය දැන් යොමුවෙලා තියෙනවා



පහත දැක්වෙන්නේ ඔවුන් විසින් මාධ්‍යට කල අදහස්  කිපයක්

1/24/11

මකුලුවා

බව්වා ඇරුනු කොට මම ආසම ඊලග සතා මකුලුවාය
ඌද පට්ට සතෙකි ..



ඌ පට්ට සතෙක් යැයි කියන්නේ හේතු කීපයක් ඇතිවය

1/14/11

නම



දිනය :- වසර 2006 මැද භාගය
ස්ථානය :- ගම්පහ කොලඹ පාරේ පිහිටි .......

දූවිලි වැකුනු විදුලි පංකාව ..ප්ලාස්ටික් තිර පට... ෆ්ල්යිවුඩ් බිත්ති ..අබලන් වූ ලීබඩු අතර මම සිට ගෙන සිටිමි,මා සමඟ පැමිණි මිතුරාද අසලක නොමැත

1/6/11

බව්වා හා මං

අද උදේ විදුලි බල අර්බුදයක් විය .කරන්නට කිසිම දෙයක් නැති තැන අලින්දයේ බිම වාඩි ගෙන කනුවකට හේත්තු වී පාර දෙස බලගෙන ඉන්නට විය .කොහෙදෝ සිට පැමිණි අපේ බව්වා මට හොම්බෙන් ඇන්නේය ..එය ගනන් නොගත් කල ඌ දිව එලියට දමා ගෙන හිස ඇලකරගෙන මා දෙස බලන් ඉන්නට විය ..පසුව එය ඌටම එපා වී මා අසලට පැමින ඇන තබාගෙන පාර දෙය බලාගෙන ඉන්නට විය

1/4/11

මට බෑ

ඔන්න ඉස්සෙල්ලාම අලුත් අවුරුද්දට සුබ පැතුවාය (පරක්කුද මන්ද)

කෙටියෙන් කාරනාව කියන්නම්

දැන්නම් බ්ලොග් ලියනවා කියන්නේ වහ කදුරුය ..එපා වෙන්නේය ..එනමුදු සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට ගිය නිසා ජාමය බේරා ගැනීමට ලිවිය යුතුය ..ගුනාත්මක භාවය බව්වාට දමා මොනවා හරි කොටන්නේ ඒ නිසාය

කලකට පෙර Assembly නමින් පාඩම් මාලවක් පටන් ගත්තේය . එහි සොෆ්ට්වෙයාර් ක්‍රැක් කිරීමට ඉගැන්වීමට ගොස් නවනිංගිරා කතා අහගත්තෙය . සොෆ්ට්වෙයාර් පයිරසියට මම උර දෙන්නෙලු . ෆීල්ඩ් එකට එන පොඩි වුන්ට නරක ආදර්ශ්‍යයක් ලු

මානම් එය ලියන අවස්තාවේ තුන් හිතකවත් එවැන්නක් තිබුනේ නැත ...


ඊට පසු පූස්තඩියා සමඟ JSP තවත් එකක් පටන් ගත්තේය .ඒකවත් දිගටම ලිවිය යුතුය . ඔය අස්සේ SCBCD පාඩම් කල යුතුය . shot note එක විදියට බ්ලොග් ඒකේ ලිව්වොත් ජාමය ගොඩය

අනිත් කස්ටියනම් දවසට බ්ලොග් පොස්ට් 5 - 6 ලියති ..තමන්ට වෙච්චි දෙවල් ,ඉස්කෝලෙ සෙට් එකත් එක්ක කෙලපු බුලවල්,පැරනි ආදර අන්දර ..මටද ඔව්වානම් ගමකට ලිවිය හැක ..ඒත් එයින් කුඩු වෙන්නේ මගේම කාඩ් එකය

තනිකඩව ඉන්න කාලේනම් ඔව්වා ලිව්වාට කම් නැත ..දැන් ඔව්වා ලියන්නට ගොස් නා ගැනීමට මට බැරිය

මේ දවස් වල පොල් ගනන්ය ..බ්ලොග් නොලියා පොල් ගහක් වටේ කෙටුවානම් හොදය ..අපේ අම්මා කියන්නේ එසේස..

මොනවා වුනත් බ්ලොග් ලිවීම අත ඇරීමට මට බෑ ය

julian assange ලංකාවේ හිටියනම්

සැලකිය යුතුයි :-
මෙය කලකට පෙර ලියන ලද්දකි ..නමුත් අත්වැරදීමකින් පෝස්ට් කිරීමට නොහැකි විය




julian assange  ලංකාවේ හිටියනම්


ප්‍රවෘතියක් :

දිවයිනේ නමගිය අපරාධ කරුවෙකු වන julian assange  අද දින පෙරවරුවේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා . පොලිසියේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකු සහාය ඇතිව කෙරුනු හදිසි වැටලීමකින් පසුව julian assange ව පොලිස් අත්ඩංගුවට ගනු ලදුව ........ මහේස්ත්‍රාත් හමුවට ඉදිරි පත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් පිනිස රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා..


දින 3කට පසුව ප්‍රවෘතියක් :

මීට දින කිහිපයකට පෙර අත් අඩංගුවට ගැනුනු julian assange අද දින පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් උණා .
සඟවා තිබූ වෙබ් අඩවියක් පෙන්වීමට යැයි පවසා පොලිසිය සමග අත හැර දැමූ ගොඩනැගිල්ලකට ගිය අවස්ථාවේදි සගවා තිබූ CAT-05 වර්ගයේ නෙට්වර්ක් කේබලයකින් පොලිස් නිලධාරියකුගේ ගෙල සිරකර දෘඩ තැටි ප්‍රහාරයක් පොලිසිය දෙසට එල්ල කර සැකකරු පලායාමට තැත් කිරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් julian assange එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා

ඔන්න ඔහොම තමා ලංකාවේ වෙන්නේ