මේ කියන්නේ type එක විදියට අපි (හරි SUN එකේ කට්ටිය හරි) ලියපු class එකක් Reference කරන variables
මේ type එකේ default value එක null ,අපි value එකක් දුන්නොත් එක reefer කරන්නේ memory එකේ තියෙන object එකකට
මේ type එකේ store කරන්න පුලුවන් data වල ප්‍රමානය .. හැඩය ..class එකෙන් class එකට වෙනස් වෙනවා .අපි ඒ ගැන ඉදිරියට කතා කරමු
String s = null;
මෙතෙන්දි String s කියන variable එක stack එකේ සෑදෙනවා . නමුත් එය සදහා තවම reference object එකක් නෑ .. ඒ නිසා එය null pointer මගින් රදවා තබාගෙන ඉන්නවා
String s = new String("Hello");
String("Hello"); කියන object එක heap එකට එකතු වෙලා තියෙන්නේ.. එය stack කොටසෙ තියන String s කියන variable එකට point වෙලයි තියෙන්නේ
අපි මෙක ගැන තවත් ඉදිරියට කතා කරමු ..
variables use කරන්න කලින් අනිවාර්යෙන්ම declare කරලා initiate කරලා ඉන්න ඕනි ක්‍රම කීපයක් තියෙනවා
String s = new String("Hello");
මේ සිංගල් ලයින් method එක
String s;
s = new String("Hello");
මේ තියෙන්නේ සාමාන්‍ය ක්‍රමය
int x=10,y=5,z=55;
මේ සිංගල් ලයින් multiple method එක
int x ,y ,z=55;
මෙහෙම කලොත්නම් z විතරයි initiate වෙන්නෙ
variables අපි තවදුරටත්
- Global Variables
- Local Variables
විදියට තව දුරටත් වෙන් කරන්න පුලුවන්න
අපි මෙතඩ් එකක් (method) හරි වෙන කිසියම් scope එකක් ඇතුලෙ හරි declare කරන variables Local Variables ගණයට වැටෙනවා මේ Local Variables සදහා යොදන්න පුලුවන් එකම modifier එක final කියන modifier එක පමනයි
එතකොට ඒ හැර වෙන ඕනෑම class scope එකක ලියන Variables Global Variables වෙනවා
public,{default},protected,private
යන access modifier වලින් එකකුත්
final,static,transient,volatile
modifier වලින් අවශ්‍යතවය අනුව කිහිපයකුත් යොදා ගන්න පුලුවන් නමුත් කිසිම අවස්තාවක volatile හා transient එකට යොදා ගන් නෑ
අද අපි අලුතෙන් ඉගෙන ගත්ත keyword ගැන පැහිදිලි කිරීමක් කරමුකෝ
final
මේ keyword එක යෙදීමෙන් පසුව තව දුරත් ඒ holder ව වෙනස් කිරීමකට ලක් කරන්න බෑ
final int i = 10;
i=15;
කරොත් compile error එකක් එනවා
static
static keyword එකමගින් යම් කිසි දෙයක් class එකකට අයිති බව හගවනවා .. ඒකියන්නේ static holder ලගෙ පවතින්නේ එක instance එකයි ... තව දෙයක් තමා .. class එකක් RAM එකට ලෝඩ් වෙන අවස්තාවෙ ඒ class එකට අයත් සියලුම static දේවලුත් RAM එකට ලෝඩ් වෙනවා
ඒ වගේම static holders ලව access කරන්න පුලුවන් static holders ලට විතරයි
transient
මේක ගැන ඉදිරියට කතා කරන්න නම් Serialization ගැන කතා කරන්න වෙනවා වෙනවා
Serialization : Serialization කියන්නේ යම් කිසි variable එකක් media (HDD,CD,Network) එකකට save (persistent) කරන එක ..මෙහෙම persist කරපු එකක් ආපහු java වෙත ඒ ආකරයෙන්ම ලබා ගැනීම de-serialization කියලා කියනවා .. මේ ගැන අපි ඉදිරියට කතා කරමු
..නමුත් දැනට මතක තිය ගන්න transient modifier එක යොදපුවාම ඒ variable එකේ දැනට අඩංගු දත්ත persist වෙන අවස්තාවේදි default value එකට හැරවෙනවා .. අපි ආපහු de-serialization හරහා ලබා ගනිද්දි .. කලින් තිබ්බ ඩේටා අපිට ලැබෙන් නෑ
volatile
මේ keyword එකෙන් දැනට තියෙන variable status එකේ copy එකක් ගන්නවා ... අපිට access කරන්න ලැබෙන්නේ ඒ copy එකයි ...කරන සියලු වෙනස් කම් වෙන්නෙත් ඒ copy එකටයි .. අපි නැවත වරක් වෙන තැනකින් access කලොත් නැවතත් අපිට ලැබෙන්නේ variable එකේ මු status එකයි
මේ කී වර්ඩ්ස් ගැන ඉදිරියට තව කතා කරනම් දැන් අපි Arrays ගැන සුලුවෙන් ටිකක් කතා කරමු
Arrays
Arrays කියන්නේ එක වර්ගයකට අයත් වෙන Variables set එකක්
int i[] = new int [5]
මෙතනදි අපි හැදුවේ element 5 ක් තියෙන int type එකේ array එඅක් සෑම විටම Array එකක index එක පටන් ගන්නේ 0 න්
i[0]
i[1]
i[2] i[3]
i[4]
කියන index වල තමා element 5 තියෙන්නේ array එකක් හදන්න අපිට class types හරි primitive type එකක් හරි use කරන්න පුලුවන් නමුත් primitive type Variables වල පාවිච්චි වෙන casting කියන සංකල්පය මෙතන්ට වැඩ කරන් නෑ කියලා දැනට මතක තියා ගන්න




1 comments:
:D
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?