ඔන්න උනුසුම යන්ට කලින්ම පටන් ගත්තා වැඩේ .....මේක හුග දෙනෙක් පුද්ගලිකවම වගේම කොමෙන්ට්ස් හරහා ප්‍රසිද්දියෙත් ඉල්ලපු දෙයක් (ඇත්තටම එක්කෙනයි ප්‍රසිද්දියෙ ඉල්ලුවේ ඒ වුනාට ඒක මට ලොකු දෙයක්)
ඔන්න ඉතින් කොහොමෙන් හරි මන් කොටන්නයි යන්නේ මොනාද
JAVA
JAVA Kiss එකක්
kiss කිව්වේ keep it short and simple :D
දැන් බලමු මේක කා සදහාද කියලා
- ජාවා ක්‍රමලේඛනයට අලුතෙන් පිවිසෙන අයට
- ක්‍රමලේඛනය ගැන මොකුත් දන්නේ නැති අයට
- ගෘහනියන්ට..ලමයින්ට...
- කොටින්ම කිව්වොත් ක්‍රමලේඛන ශිල්පයේ කෙල පැමිනි අය ඇර අනිත් හැමෝටම
ඔන්න එහෙනම් පටන් ගත්තා
---------------------------------------------------------------------------
JAVA කියන්නේ මොකද්ද ? :
java කියන්නේ පරිගනක ක්‍රමලේඛන භාශාවක් .. 1996 දි තමා පලවෙනියෙන්ම නිකුත් කලේ..Sun Microsystems ලට තමා අයිතිය James Gosling ,Mike Sheridan සහ Patrick Naughton අය තමා මේකට මහන්සි වෙලා වැඩ කලේ
මේ හැම පරිගනක ක්‍රමලේඛන භාශාවක්ම යම්කිසි Paradigm එකකට සහයෝගය දක්වනවා ජාවා සහය දක්වන්නේ Object-oriented, structured, imperative කියන එව්වටයි
දැන් බලමු ඕනෑම භාශාවක තියෙන ලක්ෂන ටිකක්
- Support for consents
- Grammar (Syntax/Lexical )
- Standards
Support for consents
මේ කියන්නේ අපිට කරන්න පුලුවන් දේවල් ගැන හරියට පොත් ලියන එක , කතා කරන එක ,බැන ගන්න භාශාව යොදා ගන්න එක වගේ ජාවා නම් Object-oriented වලට තමා වැඩි කැමැත්තක් දක්වන්නේ
Grammar (Syntax/Lexical )
භාශාවේ ව්‍යාකරන වචන වැකි ලියන හැටි තමා මෙතන කියන්නේ .... අපේ මූලාරම්භයත් මෙතන තමා keywords , Standard API ගැන තමා මෙතන කියවෙන්නේ
Standards
ඔන්න ආවා පොයින්ට් එකට හුගක් අය මේකට කින්ඩිය දායි ..පොත් වල මෙහෙම දෙයක් නෑ ..කියලා ..ඔව් මේක මගෙ එකක් .. අපි සිංහල ලියද්දි වමේ ඉදලා දකුනට උඩ ඉදලා පහලට වචන අතර පරතර තියලා ලියනවා වගේ තමා .. අනික එහෙම ලියන පොත් වලට පිට කවර දාලා ලස්සනට තියනවා වගේ තමා අපි ලියන ක්‍රමලේඛන පිටපත (source code) එක තියාගන්න ඕනි විදියක් තියෙනවා .. මම හිතන්නේ මෙතනදි ඒකත් වැදගත්
මොකක් හරි භාශාවක් ඉගෙන ගන්න කලින් අපි ඒකෙ අකුරු ටික දෙන ගෙන ඉන්න ඕනිනෙ ..මුලින්ම අපි ජාවා keywords ටික බලමු මේ ටිකනම් අනිවාර්යෙන්ම මතක තියා ගන්න ඕනි වැඩිය නෑ ඔක්කොම 50 යි
abstract continue for new
assert default if package
boolean do goto private
break double implements protected
byte else import public
case enum instanceof return
catch extends int short
char final interface static
class finally long strictfp
const float native super
switch
synchronized
this
throw
throws
transient
try
void
volatile
while
මෙව්වට අමතරව
true හා false keywords වගේ පෙනුනට ඇත්තටම එව්වා Boolean literals ඒ වගේම null කියන එක අයත් වෙන්නේ null literal වලටඊලගට බලමු ජාවා source code එකක් අඩංගු file එකක structure එක මොන වගේද කියලා ... ඒක මතක තියගන්න තියෙන්නේ
P -package Declaration
I -Import Statements
C -Class Declaration
Statements
සියලුම ජාවා statements ; -semi colon තමා ඉවර වෙන්නේ ..ඒක අනිවාර්යයි
P -package Declaration
අපි ලියන හැම ජාවා file එකක්ම යම් කිසි package එකකට අයිති වෙනවා .. අපි package එකක් සදහන් කලේ නැත්නම් ඒක default package එක යටතට වැටෙනවා
package කියන keyword එකෙන් තමා package එක අපි දක්වන්නේ
Test කියන folder එක ඇතුලේ com/test/NewTest.java file එකේ package declaration එක වෙන්නේ
package com.test;
package එකක් සදහා ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්නා ඕනෑම valid folder name එකක් දෙන්න පුලුවන් ..ඉලක්කම් වලින් හරි සංකේත වලින් හරි පටන් ගන්න බෑ ඒ වගෙම ජාවා කීවර්ඩ් 50 හරි අර කිව්ව literals වලිනුත් package හදන්න බෑ.වචන දෙකක් අතර space තියන්නත් බෑ මේ වගේ වචන වලට අපි කියනවා valid Identifiers කියලා
උදා : count
imAnIdentifier (මෙහෙම ලියනවට කියන්නේ hungarian notation කියලා)
MyIdentifier (මෙහෙම ලියනවට කියන්නේ upper-camel notation /camel case notation කියලා)
java4you
මෙහෙම එව්වා අදාල නෑ
$go
the space
and+this
this
මේක අනිවාර්යෙන්ම තියෙන්න ඕනිත් නෑ .. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න්නේ all simple names විතරයි
I -Import Statements
අපි හදපු හරි ... ජාවා සමග ලබා දීලා තියෙන Standard packages වල තියෙන classes imports කර ගන්න තමා මේ statements අපි ලියන්නේ
import java.util.*;
මේ කියන්නේ java.util කියන package එක ඇතුලේ තියන සියලුම classes අපේ runtime class path එකට ලබා ගන්න කියන එකයි
ආ runtime class path කියන්නේ දැනට අපේ වැඩකරන source code එක run වෙන path එක
import java.util.Date;
කියන්නේ java.util කියන package එක ඇතුලේ තියෙන Date.class එක අපේ runtime class path එකට ලබා ගන්න කියන එකයි
මේ statements එකත් අපිට පාවිච්චි කරන්නම වෙන් නෑ .. මේ statements ගොඩක් අපිට එක source code file එකක් ඇතුලේ ලියන්න පුලුවන් .. නමුත් duplicate වෙන්න බෑ .. ලියන්න පුලුවන් එකම තැන class declaration එකට කලින් විතරයි
C -Class Declaration
ජාවා file එකක් ලිව්වානම් අනිවාර්යෙන්ම මේ එකක් තියෙන්න ඔනි class <name>කියන කීවර්ඩ් එක තමා අපි පාවිච්චි කරන්නේ
මේකත් එක්ක අපිට
private,public,protected
එකක් සමග
final ,abstractඅතුරින් එකකුත් හා
යන්නත් එකවිට යොදා ගන්න පුලුවන්strictfp
මේ ගැන වැඩි දුර අපි ඉදිරියට කතා කරමු දැනට අපි class rules ගැන ආයෙත් කතා කරමු class name සදහා අපිට valid Identifier එකක් යොදා ගන්න පුලුවන් Standard ක්‍රමය තමා upper-camel notation එක
class MyClass
එක source file එකක් ඇතුලේ ඕනි තරම් class declare කරන්න පුලුවන් නමුත් public modifier එක දාපු classes එකයි තියෙන්න පුලුවන් . ඒ වගෙම public modifier එක දාපු class name එකෙන් තමා අපේ source file එක save කරන්න ඕනි
public class MyClass
save කරන්න ඕනි MyClass.java කියලා
අපි ඊලගට බලමු මොනාද මේ modifier නැත්නම් access modifier කියලා


14 comments:
Lecturing පටන් ගනින් මචන් .. maxxa! .. :)
ලොවෙත් නෑ ඉතින්
ela ela... digatama karan yamuu...!!!
aruwa elawala anthony ayawa damu bn... supiri..:) jayawewaa..
සමහර “ මුල සිට සරලව“ ලිපි “මාලා“ වගේ නොවී - මුල පමණක් නොවේවා අගත් තිබේවා!
දිගටම ලියවේවා!
ජය වේවා!
අඩේ එල එල දිගටම ලියමු.. ඔන්න අපිත් ආවා!
Congratz...now plz keep writing...
මම තමයි java ලියන්න කියල ඉල්ලපු එකම එකා එහෙනම්.ජයෙන් ජය ආරම්බයට.එහෙනම් අපි බලාගෙන ඉන්නව අනිත් ලිපි ටිකත් එනකම්
good.....plese,keep writing dr....
ගුඩ් ලක් කිව්ව.
මමත් ජාව කාලෙකට ඉස්සෙල්ල ඉගෙනගත්ත, ඒත් මට හරියන වැඩක් නෙමෙයි. :( අලි පොතකුත් ගත්ත. පිටු 10ක්වත් බැලුවෙත් නෑ. :( අපරාදෙ සල්ලි.
ඒක නෙමෙයි, පස්සෙ මේ ලිපි එකතු කරල පොඩි පොත් පිංචක් හදල PDF එකක් විදිහට පබ්ලිශ් කරන්න.
පට්ට පට්ට..... දිගටම ලියන්න අයියේ.
ela ela keep writing!!!!
good luck!!
Maxxa wadak machaaa...keep it up..uba nirmal neda?
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?