6/20/11

Cruncher 2011 " Make games, make global "

ඔන්න Cruncher පලවෙනි පාරට ලංකාවෙ ගේම් ඩිවෙලොප් කරන අයට තරගාලියක්

වැඩි විස්තර http://www.ieslcruncher.blogspot.com/ නිල බ්ලොග් අඩවිය හා http://www.cruncher.lk/ නිල වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්

තාම කිසිම ලියාපදිංචි කිරීමක් ගැන නම් විස්තර නෑ .. ඉදිරියට  ක්ෂේත්‍රය පිළිබඳවත්, නව තාක්ෂණයන් සහ මෘදුකාංග පිළිබඳවත් නව දැනුම ගෙන දෙන වැඩමුළු පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය අදහස් කරනවාලු



ඉතින් මේකෙ ආරම්භය ගන්න අදහසක් ගන්න බැරි අයට පොඩි උදව්වක් දෙන්න හිතුවා
ආකේඩ් ගේම්ස් හදන අයටනම් නෙවෙයි ...ඊට වඩා පොඩ්ඩක් ඉහල මට්ටමේ ගේම් එකක් හදන්න හිතාගෙන ඉන්න අයට

කතාව (story line)
හැම ගේම් එකක් පස්සෙම කතාවක් තියෙනවා ..ඒ කතාව පොඩියට හිතාගෙන ඉන්න .. ඒක තමා පලවෙනි පියවර ..

ගලායාම (story flow)
ඒ කියන්නේ කතාව ඉදිරියට ගලා යාම ගැන .. හුගක් වෙලාවට තියෙන්නෙ goal base ඒ කියන්න් අපි මොකක් හරි quest එකක් විසදුවම තමා අපේ කතාව ඉදිරියට යන්නේ .. ඒ ගැන දල සටහනක් ඇද ගන්න

චරිත (characters)
කතාවෙ ඉන්න චරිත වෙන් කරගන්න ඊට පස්සේ ඒ අය කොහොමද ප්‍රධාන චරිතෙ වටා එකතු වෙන්නේ කියලා සැලසුමක් හදා ගන්න

ඔන්න ඔය කරුනු ටික ගැන තමා මුලින්ම හිතා ගන්න ඕනෙ
ඔය කරුනු වලින් පස්සේ තමන්ගේ ගේම් එක අයිති වෙන කැටගරියට අනුව තමා තීරනය වෙන්නේ

මේ ලිපිය වැදගත් එකක් ද කියලා සැකයක් මට තියෙනවා ..කොහොම හරි මට ඕනෙ උනේ ගේම් එකක් හදනවා කියන්නේ කෝඩ් එඩිටර් එකක් ඇරගෙන කෝඩ් කරනවා කියන එක නෙවෙයි කියලා පැහැදිලි කරලා දෙන්නයි

උසස් නිර්මානශීලීත්වය පරිකල්පනය වගේම උසස් තාක්ශනයත් එක වගෙ මුසුවෙලා නිර්මානය වෙන දෙයක් තමා පරිගනක ක්‍රීඩා කියන්නේ

මම හිතනවා Cruncher 2011 තුලින් මේ සියල්ල සපිරුනු පරිගනක ක්‍රීඩා කිහිපයක් බිහිවේවි කියලා

4 comments:

Sameera Nishshanka said...

එල එල..

Dimal Perera said...

godak porawal knowledge eka share karaganne na ban ...
math Game development gana godak baluwa ...
porawal godakata FB request damma ... wadak une na

dannam thaniyama poddak sine eka hoyanawa
new porawal walata kiyanna thiyenne XNA, 3d max modeling, game engine technology gana hoyanna kiyala thami

sohan said...

පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

අනුරුද්ධ තෙන්නකෝන් said...

http://www.cruncher.lk/register.php walin cruncher walata register wenna puluwan.wadi wisthara one nam info@cruncher.lk walata liyanna

Post a Comment