කෝමින් හරි මේ පිංබර උදෑසන අපි දෙන්නම ඔන්න කෝචිචියෙන් කොලොම් තොටට ගියා කියමුකෝ කිසි කරදරයක් නැතුව
කොහොමින් හරි මං දවස් හතකින් කාලා නෑ වගේ කෑ ගහපු හින්දම සුරංගනාවි මාවත් ඇදගෙන ගියා පෙරේරා සහ පුත්‍රයෝ ගාවට .. ඔතනින් බඩට මොනා හරි දාගෙන ..තේජස් පුරේට එනකොට 9 ට විතර ඇති .. එතන තීනවයි කිව්වේ පයිරෙට්ස් ඔෆ් ද කරබියන් නේ ..පෝලිමේ කොන යට තට්ටුව හරියේ ... :D
කොහොමත් අපු ඒක බලන්න සෙට් වෙන් නැති හින්දා 10.30 ටත් වෙලා නැති නිසා ටිකක් කැරකි කැරකි ඉදලා සැවෝයි එක පැත්තට ගියා
අම්මෝ පෝලිම තියෙනවා බීච් එක කිට්ටුවටම ..ඔන්න කොහොම හරි පෝලිමේ අග හොයාගෙන ගිහින් සෙට්වෙලා ටිකට් කවුන්ටරේ ලගටම යද්දි දැම්මේ නැතෑ හවුස්ෆුල් කියලා ... මගෙ මූන වේරම්බවාතතයට අහුවෙච්ච පුවක් මල වගේ වුනා
කෝම හරි ත්‍රීවිල් අයියා කෙනෙකුට පින්සිද්ද වෙන්න 10.30 ට කලින් ලිබර්ටියට යන්න පුලුවන් උනා ..එතනත් ගන්න පුලුවන් උනේ අන්තිම ටිකට් දෙක
කෝම හරි අන්තිමට තුන් හිතකවත් නොතිබුනු කුන්ග් ෆු පැන්ඩා බැලුවා ..ස්ක්‍රිරීන් එකට අඩි 10 විතර ලග ඉදගෙන
කෝම හරි ආපහු එනකොට තමා හරි හරි වැඩ උනේ ...කෝච්චියේ ජනේලයක් වැටුනනේ අත උඩට ...
කෝම හරි ඉස් මුදුනින් තරු පනිද්දි ඒකත් ඉවසගෙන සුරන්ගනාවිත් ගේ ලගටම ගෙනිහිල්ලා දාල ඇවිත් තමා මේක කොටන්නේ .. තාමත් වම් අත මගෙ ඇගේ කොටසක් නෙවෙයි වගේ තමා තේරෙන්නේ
මදෑ ලියන්න පටන් ගත්ත මුල් දවසෙම වෙච්ච දේවල් ටික




12 comments:
ඇරඹුමම කඳුලක් වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා...
එල එල ලහිරු අයියා..
සාර්ථක ආරම්භයක්... :D
මෙන්න මේකාට බ්ලොග් එක මතක් වෙලා..
මැවිලා පෙනේවි රූපේ :P
දර්ශණේ ණී සෝබා..
අපරාදෙ බං ඔය කොහේ හරි තැනකට අල්ලලා ලැපකිං බලන්න තිබ්බානේ :D
හෆොයි... මදෑ කොරගත්තා.....
@සම්පත් : O.o ඒකත් එහෙමද ... කවදත් ඇරඹුමම කඳුලක් නේ
@ හාවා : ලැපෙන් බලන්න හොද කොපියක් තාම නෑ නෙ
@හසී : :( ඒක නොවැ
මේ ලමයට මේ ටිකේ මෙහෙම දුක් කරදර පෙන්නුම් කරන්නේ අනාගතේ කෑල්ලගෙන් නොවූ විරූ සැපසම්පත් ලැබෙන්ට තියෙන නිසයි, මං කියපු දෙයක් අද උදේ වෙනකම් වැරදිලා නෑ :D
@චූටි මල්ලි :මටත් පේන්නේ ඒවගේ තමා
රෙස්ලින් වලට කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com
හපොයි... දකුනෙන්වත් ලියමු නෙ.. ;)
කොමොමින් හරි කුන්ෆු පැන්ඩා බලපු එකම මදැයි!
@sohan : :D
@ගීත් : දකුනෙන් තමා ලියන්නේ
@malee : කුන්ෆු පැන්ඩාත් බලාගෙන යද්දී නරකම නෑ
කොහොමද මචන් මගේ බ්ලොග් අඩවිය , සිංහල බ්ලොග් වලට දා ගන්නේ ????
හෙහ් හෙහ් හෙහ් හෙහ්.. හොහ් හොහ් හොහ් හොහ්.. :D
කෙලින්ම ලිබර්ටි ගියා නං ඉවරයිනෙ බං :P
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?