ඔන්න ඉතින් දන්නෙම නැතුව අවුරුද්දත් ඇවිල්ලා කට ලගටම
ඉතින් මටත් හිතුනා පරණ අවුරුද්දෙ අන්තිම බ්ලොග් ලිපිය ටාර් ගාලා ලියලා දාන්න ..
ඔන්න ඉතින් මුලින්ම අපි පරන තරහා මරහා ඉවරයක් කරලා ඉමුකෝ :D
අවුරුදු උදාව ගත්තමනම් කිසි ගෝ එකක් නෑ වගේ .. කෝහෝ කෑ ගහන් නෑ ..මිනිස්සුන්ගෙත් කිසි සූදානමක් නෑ එහෙමත් තියෙන එකේ ආයි මං මොකටද අලුත් සූදානමක් ..ඔන්න ඔහෙ හිටපු විදියටම ඉන්න තමා කල්පනාව
කොහෙද ඉතින් කට්ටිය අවුරුද්දට කලින්ම අවුරුදු උත්සවයක් තිබ්බනේ .කෝමින් හරි නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒකට සහභාගී වෙන්න බැරි උනා
ඒ උනාට අවුරුද්ද සමරන සකල ශ්‍රී ලංකා වාසි අවශේෂ ජනතාවට ..ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ආයිමත් අලුත් අවුරුද්දෙ හම්බ වෙමු !!
4/12/11
Subscribe to:
Post Comments (Atom)



3 comments:
සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
Which Type of language is this ????
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?