1/4/11

julian assange ලංකාවේ හිටියනම්

සැලකිය යුතුයි :-
මෙය කලකට පෙර ලියන ලද්දකි ..නමුත් අත්වැරදීමකින් පෝස්ට් කිරීමට නොහැකි විය




julian assange  ලංකාවේ හිටියනම්


ප්‍රවෘතියක් :

දිවයිනේ නමගිය අපරාධ කරුවෙකු වන julian assange  අද දින පෙරවරුවේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා . පොලිසියේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකු සහාය ඇතිව කෙරුනු හදිසි වැටලීමකින් පසුව julian assange ව පොලිස් අත්ඩංගුවට ගනු ලදුව ........ මහේස්ත්‍රාත් හමුවට ඉදිරි පත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් පිනිස රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා..


දින 3කට පසුව ප්‍රවෘතියක් :

මීට දින කිහිපයකට පෙර අත් අඩංගුවට ගැනුනු julian assange අද දින පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් උණා .
සඟවා තිබූ වෙබ් අඩවියක් පෙන්වීමට යැයි පවසා පොලිසිය සමග අත හැර දැමූ ගොඩනැගිල්ලකට ගිය අවස්ථාවේදි සගවා තිබූ CAT-05 වර්ගයේ නෙට්වර්ක් කේබලයකින් පොලිස් නිලධාරියකුගේ ගෙල සිරකර දෘඩ තැටි ප්‍රහාරයක් පොලිසිය දෙසට එල්ල කර සැකකරු පලායාමට තැත් කිරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් julian assange එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා

ඔන්න ඔහොම තමා ලංකාවේ වෙන්නේ

11 comments:

KaniRockz said...

:D අන්න කථාව.. ඒක නම් සිරා :D

Sajith Tharaka said...

:D :D patta

Nuwan said...

එහෙම නෙමෙයි.

Julian assange wikileaks වෙබ් අඩවිය හරහා දේශද්‍රෝහී ප්‍රකාශයක් කිරීම හේතුවෙන් යුද්ධ අධිකරණය මගින් මරණ දඬුවම නියම කරයි...

ඊට පස්සෙ සති දෙකකින් උගෙ නමත් අමතක වෙලා යයි.

Nishy said...

At Last Blog Is Updated

පූසා said...

fattaaaaaa :DDD

Kanishka | කණියා said...

හික්.. :D

CALHARA said...

නියමයි.

Unknown_User/හිඟන්නා said...

හික්ස්... සිරා

පවිත්‍ර _ pavithra weerapperuma said...

ඔව මොනාද බන්... නැට්ට පිටින් අලිමැරෙන්නෙ!!! ඊටත් මෙ ලංකාවනෙ! :පී

said...

කවුද julian assange කියන්නේ ??? :-D

dedunu said...

ලංකාවනේ යාලුවා

Post a Comment