මෙම පනිවිඩය මල්සරා විසින් ශක්‍රයා,වයිමා ප්‍රමුඛ විශේෂ කමිටුවක ඉදිරියේ කල කරුනු දැක්විමක ලිඛිත සටහනකි
විකිලීක්ස් වෙබ් අඩවියට ලැබුණු ..ලිපි ගොනුවකින් උපුටා ගන්නා ලදී
අනේ දෙයියනේ ..මම දන්නවා ඔය නර පනුවො දෙතුන් දෙනෙක් මට විරුද්දව ඔබ තුමා පෙත්සම් ගහලා කියලා ..ඒ වුනාට මම කොහොමද දෙයියනේ මෙව්වා නරපනුවන්ට කටක් ඇරලා කියන්නේ
ඔබ තුමා නම් දන්නවා ..මල් සරා මම .මල් දුනු මද්දුමයා වෙච්චි ..අනංගයා පොඩ්ඩා ..අපි තුන් දෙනෙක් කියලා ..ඒත් ඔය විත්තිය මේ නර පනුවෝ දන්න එකක් යැ..පිය උරුමෙන් මට ලැබුනු උක් දඩු දුන්න ..පොඩ්ඩා උගස් තියලා සූදු කෙලපු විත්තියනම් ඕන් මන් ඔබ තුමාට කිව්වනේ
ඔය අරෝව බේරන්න ගිය වෙලාවෙ මගෙ අතකුත් කැඩුනනේ ..ඔන්න ඔය වෙලාවෙම තමා ඔබ තුමා ..වයිමට කියලා දිව්‍යමය පොල්පිත්තක් අරන් හදපු ටෙම්පරි දුන්න මල් දුනුට ඉෂූ කලේ .. මිනිහා ඉතින් පොඩි එකා කලෙ ඉදලම ලෙඩා දුකා ..ඩම් එක දාලා දුන්න අදින්න බෑ ..ඒ උනාට ඒකා පුලුවන් විදියට හොඳ ජෝඩු තෝරලා විද්දනේ .. හරියටම සෙට් නොවුනත් ජෝඩු ගැලපුනා නේ
ඔය කාලෙදිමනේ මම සික් ලීව් ඉදලා ..එන ටිකට ..වයිමාට දුන්න හදන්න දාපු උක් දඬු ටෙන්ඩර් එකෙන් කොමිස් ගහලා මදයායි,ඌරුවිසියි මාට්ටු උනේ ..කොහොමින් හරි උක් දඬු ටෙන්ඩර් එකත් ඔබ තුමා යට ගැහුවනේ
අන්තිමේදි ඔන්න වයිමා මට රුකත්තන ලීයෙන් කොහොම හරි දුන්න හදලා දුන්න කියමුකෝ...මේකෙ කිසි පිකප් එකක් ..නෑනෙ ..ටර්ගට් කරන්න අමාරුයි ..විදින ඊතල අහක යනවනේ ..ඔය අස්සෙම ..තමා ඔබ තුමත් මේ ඔඩිට් එකක් පටන් ගත්තේ ..අහක ගිය ඊතල වලට මම අතින් ගෙවන්නයැ ..මාත් එක තලෙන් වැඩේ ශේප් කරන්න තමා බලන්නේ
මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මට අලුත් දුන්නක් ඉෂූ කරන්න කියලා ... නැත්නම අර නර ලෝකෙ යටලීයෙන් නරිලතා මල් පීදෙනකන් බලන් ඉන්න සෙට් එක මාව කම්බස් කරලා දායි
වයිමා විසින් කරන ලද ප්‍රකාශය .................ඊලගට බලාපොරොත්තු වන්න
1/26/11
Subscribe to:
Post Comments (Atom)



5 comments:
ඔය ඕඩර් එක මට ගන්න බැරිද දන්නැනේ.. මට හැකි යකඩෙන් හදලා දෙන්ට :P
එක්කො ඕකාට T56 වගේ අරන් දෙන්න කියමු නැත්නම් ඉස්නයිපර් එකක්.. එක වරම තියලා දාතැහැකිනේ :P
මට ඕකුං එකෙක් උනත් එකයි, තුනක් උනත් එකයි. මුලිච්චි වෙනකං තමයි මමත් මේ බලං ඉන්නේ - කෙළවනවා දෙයියම්පා!
කාලකණ්නි පගා මරුවෝ, මුං සමහරුන්ට මල්ටි බැරල් රොකට් ලෝන්චර් වලිං වෙඩි තියන අතරේ සමහරුන්ට කැටපෝලෙකිංවත් දමල ගහන්නෙ නෑ! අහුවෙද්දෙංකෝ ඕකුං මට!!
දිගටම ලියන්න මගෙ වස්තු..මගෙන් උණුසුම් සුභ පැතුම්
මාළුවෙක් ගහල ඉන්නෙ තුන්දෙනාගෙන් කාගෙ කොඩියෙද?
@Nishy අක්කෙ සුභ පතලා හරියන්නැ මේන් මේකාත බෙහෙත් ටිකක් අරන් දෙන්න.. මැසිමක් වැටිලා ඔලුව උඩට :-D
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?