පහත දැක්වෙන්නේ ඔවුන් විසින් මාධ්‍යට කල අදහස් කිපයක්
හොලිවුඩ් නළු අර්නල්ඩ් ස්වාස්නිගර්
"මට මතකයි CONFIUZD ප්‍රෝග්‍රැමර් මමයි එකට ජිම් එකේ 50 වෙයිට් දාපු හැටි ..ඒ කාලෙ ඉදන්ම මිනිහා ඔය වැඩ වලට දක්ෂයි ..දිගටම මෙහෙ හිටියනම් නළුවෙක් වෙන්න තිබ්බා ..මම හදවතින්ම සුභ පතනවා"
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා
"ඔව් මට මේ ගැන දැන ගන්න ලැබුනා ..මම පුද්ගලිකවම ඔහුට සුබ පැතුවා ..ඒ වගේම මුලු ඇමරිකානු දේශය වෙනුවෙන්ම නැවත සුබපතනවා මම මේ අවස්ථාවේදි . ඒ වගේම මම කියා සිටියා නාසා ආයතනයට හා ඇමරිකානු උසස් තාක්ෂන ආයනයට ..ඔහුගේ අන්තර්ජාල සම්බන්දතාවය පිලිබද කටයුතු සොයා බලන ලෙසට ඒවගේම CIA ,FBI හා NSA යන ආයතන වලට ඔහුගේ ආරක්ෂාව පිලිබද සොයා බලන ලෙසට"
විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාර්තෘ ජූලියන් අසන්ගෙ
"CONFIUZD ප්‍රෝග්‍රැමර් හා මම එකට වැඩකලා ..මම මේ අවස්ථාවේ බොහොම කනගාටු වෙනවා මේ කාර්ය්‍යයේදි මට ඔහුත් සමග ඒකට වැඩකිරිමට නොහැකි වීම ගැන ..නමුත් මට හැකි අයුරින් මම ඉතා රහසිගත ලිපිගොනු කිහිපයක් ඔහුවෙත යොමු කලා මම හිතන්නේ ඔහු එම ලිපි ගොනු මේ සතිය තුල ප්‍රසිද්ධ කරයි කියලා"
තලෙයිබාන් ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්
"ඔව් මටත් ආරංචියි මේ ගැන ..මාත් බොක්කෙන්ම සපොර්ට් ..ඔය ආරක්ෂාව සම්භන්දයෙන් ඇමරිකාවෙ සීන් මට අල්ලන් නෑ ..තමන්ගෙ බොසාට සපත්තුවකින් කෙලිනකන් බලන් හිටිය උන් කොහෙද ආරක්ෂාවක් දෙන්නේ වෙන එකෙකුට ..ඒ හිනදා මගෙ කොල්ලො දෙතුන් දෙනක් දැනටමත් යවලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ"
බ්‍රිත්‍යානය මහ රැජින
"CONFIUZD පුතා ගැන මට හරිම ආඩම්බරයි ..මේ වැඩෙන් පස්සේ මම CONFIUZD පුතාට නයිට් පදවියක් දෙන්න තමා හිතගෙන ඉන්නේ"
රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වෙඩෙව් මහතා
"ඔව් මේ ගැන රාජ්‍යත්‍රාන්තික මට්ටමින් නම් කිසිම මැදිහත් වීමක් මගෙ නෑ ..මම සුභ පතන ගමන් නිහඩ පිලිවෙතක් තමා අනුගමනය කරන්නේ ..නමුත් මේ ඇමරිකානු ආගමනයත් සමගම මට සිදුවෙලා තියෙනවා KGB එක සීරුවෙන් තියන්න .කොහොමටත් වොඩ්කා බොතලේකුත් අරන් නිල සංචරයක යෙදෙන්නත් අදහයක් තියෙනවා"
Google inc අධිපති ලැරී පේජ් මහතා
"මට ඉතාමත් සතුටුයි CONFIUZD ප්‍රෝග්‍රැමර් blogger සේවය තෝරාගත් එක පිලිබදව ..ඒවගෙම එම බ්ලොග් අඩවිය ඇමරිකානු ඩොලර් බිලියන 50 කට මිලදී ගැනීම පිලිබද යෝජනාවක් දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා"
හන්දියෙ කඩේ සූටිං අයියා
"ඔය කොලුවා හරි දස්සයා ... ගමේ එකානෙ .ඔන්න කෑම බීම මගේ ගානෙ..අද උදේම කිරි තේකක් යැව්වා ..හැන්දෑවට පාං බාගයක් යවන්නයි කල්පනාව"



12 comments:
නෝ ජොබ් අධිපති මල්$han
ඔය යකා මීට කලින් හොඳට හිටිය එකෙක්..මේ පවුල් පන්සල් උනාට
පස්සේ නට් 1 තද වෙලාද කොහෙද...
හි... හි... මොනා නැතත් මචන් මරු පොස්ට් 1..ඔන්න උදෙන්ම මගේන් පුංචි තල්ලුවක්... :)
කවුද බන් ඔය CONFIUZD ප්‍රෝග්‍රැමර් කියන්නේ?? :-D
දවස්ගනන් බිව්වම මිනිස්සුන්ට ඔහොම මනෝවිකාර පේනවා කියලා අදලා නැද්ද හික් හික් හික් හික්.
එළ එළ ජයවේවාz එළ පොස්ට් එක :)
හැබෑටම කවුද අප්පා මේ???????
අයියා බ්ලොග් එකේ බුදියන් හීනෙන් ලියන්න ලැජ්ජ නැත්ද?????
නැගිටින්න..... නැගිටින්න....... චිකේ..... මෙහෙමත් හීන බැලිල්ලක්.... :D
නියම පෝස්ට් එක.... ජය වේවා...!
Boss: නැගිටපන් නැගිටපන් වැඩට ඇවිල්ලත් නිදි
:D
අනේ ඇත්තට, මචං ඉක්මනට වයිරස් ගාඩ් එකක් දාගනින් බං. නැත්තං උඹට පිස්සු හැදිලා තමා නවතින්නේ.
මැකෝ -
ඔය කොම්ෆියුසයා, ප්‍රෝග්‍රම් කරපු සොෆ්ට්වෙයා එක නිසා මා ආතතියට ලක් උනා :D
ela ela ayya aluth ideas habai poddak amuthui
PirateBunny
ඔය ප්‍රෝග්‍රැමරයා ඉන්නවා නේද ? නිදා ගත්තාම සෝක් කොලු පැටියා..
පොඩි කොස්සකට තියෙන්නේ ඌ ලියන එව්වා මොනා යාකටාවත් තෙරෙන්නෙ නැති එක තමා... මම මගේ නැවේ උන් දාලා කොල්ලා පරිස්සම් කරලා දෙනවා ඕන්...!!
හැබෑට කොන්පියුසෝ උඹේ ෆියුස් ගිහින්දෑ??? :D
අම්මි..
ළහිරු එනවද නැද්ද බත් කන්න මගෙන් ගුටි නොකා (එවිට සිහිනය එලි වූ වගයි :P )
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?