1/28/11

ඉගෙනීම

CONFIUZD ප්‍රෝග්‍රැමර් කියලා බ්ලොග් 1කට නම දාගෙන හිටියට මේ අවුරුද්දටම එක programming ටියුටෝරියල් එකක් වත් දැම්මෙනම් නෑ ඔන්න ..ඒ අස්සේ මේ බ්ලොග් සතිය ... ඔන්න ඉතින් මෙන්න මේ පෝස්ට් එකත් programming ගැනනම් නෙවෙයි









මේක මගෙ programming ලැන්වේජ් ගැන පොඩි ආපසු හැරී බැලීමක්




ඔන්න මම හා හා පුරා කියලා මගේම කොම්පීටරෙකට අත ගැහුවේ 2004 වසරේ අග බාගයේදි තමා ..හැමෝම වගේ මාත් ගේම් ගහපු එක තමා කලේ වැඩිපුරම ..ඔන්න එක ගේම් එකක් තිබ්බා පොඩි emulator එකක් .bas කියන extension එකත් එක්ක .ඒ එක්කම readme file එකකුත් ..ඒකෙ තමා විස්තර කරලා තිබ්බේ . කොහොමද මේක run කරන්න ඕනි කියලා .ඒ වගේම තමා ඒකෙ තිබ්බා .කොහෙන්ද qbasic හොයා ගන්න පුලුවන් කියලා .(win 98 cd එකේ tools\oldmsdos ෆෝල්ඩරේ තමා)

ඒ එක්කම තිබ්බා QBASIC.HLP file එකත් ..ඔන්න ඔය දෙකෙන් තමා ඉස්සෙල්ලාම පොඩි program එකක් කියලා එකක් ලිව්වේ ..ඒ එක්කම ටික කාලයක් යනකොට batch file ගැනත් පොඩ්ඩක් ඉගෙන ගත්තා

ඊට පස්සේ තමා මට වෙබ් සයිට් උණ බෝ උනේ .HTML වගේම javascript ඉගෙන ගත්තෙත් තනියම 

2006 පටන් ගන්න කාලෙදි තමා මට ඉන්ටර්නෙට් ලැබුනේ ..ඩයල් අප් තමා..ඒ කාලෙදි තනිවම C හා VB6 ඉගෙන ගන්නත් . javascript වගේම VBscript ඉගෙන ගන්නත් පුලුවන් උනා

ඒ වගේම Nullsoft Scriptable Install System ඉගන ගත්තා 

2007 වසරෙදි ඔන්න මම හා හා පුරා කියලා VB.net ඉගෙන ගන්න .පන්තියකට ගියා .උසස් අධ්‍යාපනයත් ඉවර නිසා තව Java ඉගෙන ගැනීමේ ආශාවකුත් තිබ්බා ..ඔක්කොටම හරියන්න කියලා ..තොරතුරු තාක්ෂන පාඨමාලවකටහ් ගියා කියමුකෝ

ඔය අතරෙදි තමා assembly ඉගෙන ගන්න උවමනාවත් ඇතිඋනේ ..

කොහොමින් හරි රෑකියාවට ගියාට පස්සේ තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තේ .hibernate,sturts,spring,tile අතොරක් නැති frameworks, ඊට පස්සේ Apache ,jboss,glassfish sever platforms , තව SVN , එතකොට ant maven build tools, ඇයි තව EJB .. 

ඒඅස්සේ front end use කරන jquery ,AJAX ..

තව ඒ අස්සේ restful... JPQL ..HSQL .SQL අම්මෝ කොච්චර ජාතිද ?

මම  මේ ක්ෂේත්‍රයට ආස කරන එක කාරනාවක් තමා මේ දේ ..කවදාවත්ම කම්මැලි කමක් දැනෙන් නෑ .. හැම තිස්සේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .. අනික ඒ දේ ඉගෙන ගන්න තනියම පුලුවන් ..පොඩ්ඩක් ගූගල් සර්ච් එකක් දාන්න විතරයි තියෙන්නේ 

4 comments:

Nilan Sanjaya said...

අන්තිමට කියපු කතාවනං සහතික ඇත්ත. අනිත් ඒවත් එක්ක බලද්දී මේ ක්ෂේත්‍රයේ විශේෂ කම තමි කවදාවත් කම්මැලි කමක් දැනෙන්නේ නැ. කොච්චර කරත් එපා වෙන්නේ නැ !

Nilan S.K said...

ඇත්ත තමා.කොම්පීටරයක් ලග ඉද ගත්තම ඕන කරදරයක් අමතක කලෑකි.software cracking නැතිව Assembly ගැන ලියන්න රත්තරං.ඔයා තමා අනාථ අපට ආධාරයක් උනේ. අපිව CONFIUZ කරන්න එපා.

Cual-Dor-රශෝද් said...

අම්මපා කියන්න මටත් ඔය උන සැහෙන්න තියෙනවා.හැබයි ගෙදරින් හෙන උදැල්ල තමයි.අපෙ අම්මලට ඔනෙ මාව දොස්තරයෙක් කොරන්න.එව කොහෙද,මගෙ ඔලුව තියෙන්නේ මෙවා ගැන තමයි.
එල



මගෙ බ්ලොග් එක-http://pinthura.info

මුතූ - iRaMaLa said...

කතාව නම් ඇත්ත CP, කම්මැලිකමක් නම් නොදැනේ

Post a Comment