1/6/11

බව්වා හා මං

අද උදේ විදුලි බල අර්බුදයක් විය .කරන්නට කිසිම දෙයක් නැති තැන අලින්දයේ බිම වාඩි ගෙන කනුවකට හේත්තු වී පාර දෙස බලගෙන ඉන්නට විය .කොහෙදෝ සිට පැමිණි අපේ බව්වා මට හොම්බෙන් ඇන්නේය ..එය ගනන් නොගත් කල ඌ දිව එලියට දමා ගෙන හිස ඇලකරගෙන මා දෙස බලන් ඉන්නට විය ..පසුව එය ඌටම එපා වී මා අසලට පැමින ඇන තබාගෙන පාර දෙය බලාගෙන ඉන්නට විය





බව්වා නම් පුදුමාකාර සතෙකි ..ඒ අතරින් අපේ බව්වා තවත් පුදුමාකාරය.ඌට ඇති වැඩකුත් නැත .නැති වැඩකුත් නැත .දවල් නිදාගෙන සිටියාට මුකුත් කියන්නේත් නැත ..රෑ දෙගොඩ හරියේ ගෙදර ආවාට මුකුත් කියන්නේත් නැත ..අවේලාවේ ගෙදරින් එලියට යද්දිත් මුකුත් කියන්නේ නැත.මොනදේ කලත් කෑම පිගාන වරදින්නේත් නැත ..
එක අතකට ඌ බල්ලෙකි ..මම කොල්ලෙකි..

තවමත් ඌ පාර දෙස බලාගෙන ඉදියි...ඌ මොනවා හිතනවා ඇත්ද ??

සමහර විට බුරන්නට උගන්වන උසස් ඩිප්ලෝමා පාඨමාලාවකට යන්නට සිතනවා ඇත ..ඉන් පසුව මීට වඩා හොද ගෙදරක් මුරකිරීමට යාමට සිතනවා ඇත .

ඉන් පසු අල්ලපු ගෙදර බැල්ලිය සමග පවුලක් පන්සලක් වී කුක්කෙකු දෙන්නෙකු හදාගෙන ඉන්නට හීනයක් දකිනවා ඇත

අනෙක් අතට අද දවල්ට කන්නට මොනවා හම්බ වෙනවාදැයි සිතනවා වෙන්නට හැකිය

මොනවා හිතුවත් ඕනෑම වෙලාවක හතර ගාතෙන් බුදියාගැනීමටත් . උසි කිව් විට වත්තේ හතර කොනට දිවීමටත් ඌට පුලුවන්ය

එක වරම ඌ නැගිට පාර දිගේ යන්නට විය ..සමහර විට ඌ අල්ලපු ගෙදර බැල්ලිය බලන්නට යනවා වෙන්නට පුලුවන

ඌ බල්ලෙකි ..මම කොල්ලෙකි.

12 comments:

වැප් said...

කරුමෙක මහත :D

Kanishka | කණියා said...

හික් :D බල්ලා පරිස්සං කරගනිං..

..ChAnDiKa.. said...

මට බව්වෙක් සහ බව්වියක් සිටිති. උන්ද මේ වගේය. ඒ නිසා මේ ලිපිය මරුය. එම නිසා මම මෙයට එල කියා කියමි. :D

Bugs Bunny said...

උබ ඉතින් බව්වා වෙන්නැතිව ඉදිං :P මේ අර උබෙන් ගුටිකාපූ බව්වා නේද ? අනේ මෙහෙමත් බව්වෙක්... මේවගේ %#&%# හාම්පුතෙක් එක්ක ඉන්නවානේ :P

෴ හසියා ෴ said...

බව්වා කොල්ලාට වඩා හොදය.ඒ අපේ අම්මාගේ මුවින් දවසකට වැඩිම වාරයක් ගිලිහෙන එකම වචනයයි.එක අතකින් ඒ කතාව හරිය.මට බව්වාට මෙන් දුවන්නට බොරුවට බුරන්නට නිදියන්නට නොහැකිය.හැබැයි බව්වටත් වඩා හොදින් හා වැඩියෙන් අහාර අනුමතය හැකිය...ඉතිං මට මා ගැනම ආඩම්බරය....

මේ බයිලාව අහන් හිටි උඹලාට පාන්ද....

පූසා said...

අඩෝ ෆට්ට කතාව බං :DDD

Anonymous said...

http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
Add your blog to awakasha.com

raala said...

ඌ බල්ලෙකි ..මම කොල්ලෙකි.
හාපොච්චියේ ඕඅන්න ඔය කාරනේ නෙව හෙනේට හිටල තියෙන්නේ

ෆා said...

නියමයි බව් ‍කොල්ලගේ කතාව නම්..

Astro Boy said...

බව්වා යනු පුදුමාකාර සතෙකි. මේ ලිපිය දෙස බැලුවහම මේක ලිව්වෙත් බව්වෙක් කියා පෙනෙයි. :පී

Anonymous said...

මරු මරු

Nishy said...

ලස්සනයි...බව්වටයි ඔයාටයි දෙන්නටම සුභ පැතුම් :)

Post a Comment