1/4/11

මට බෑ

ඔන්න ඉස්සෙල්ලාම අලුත් අවුරුද්දට සුබ පැතුවාය (පරක්කුද මන්ද)

කෙටියෙන් කාරනාව කියන්නම්

දැන්නම් බ්ලොග් ලියනවා කියන්නේ වහ කදුරුය ..එපා වෙන්නේය ..එනමුදු සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට ගිය නිසා ජාමය බේරා ගැනීමට ලිවිය යුතුය ..ගුනාත්මක භාවය බව්වාට දමා මොනවා හරි කොටන්නේ ඒ නිසාය

කලකට පෙර Assembly නමින් පාඩම් මාලවක් පටන් ගත්තේය . එහි සොෆ්ට්වෙයාර් ක්‍රැක් කිරීමට ඉගැන්වීමට ගොස් නවනිංගිරා කතා අහගත්තෙය . සොෆ්ට්වෙයාර් පයිරසියට මම උර දෙන්නෙලු . ෆීල්ඩ් එකට එන පොඩි වුන්ට නරක ආදර්ශ්‍යයක් ලු

මානම් එය ලියන අවස්තාවේ තුන් හිතකවත් එවැන්නක් තිබුනේ නැත ...


ඊට පසු පූස්තඩියා සමඟ JSP තවත් එකක් පටන් ගත්තේය .ඒකවත් දිගටම ලිවිය යුතුය . ඔය අස්සේ SCBCD පාඩම් කල යුතුය . shot note එක විදියට බ්ලොග් ඒකේ ලිව්වොත් ජාමය ගොඩය

අනිත් කස්ටියනම් දවසට බ්ලොග් පොස්ට් 5 - 6 ලියති ..තමන්ට වෙච්චි දෙවල් ,ඉස්කෝලෙ සෙට් එකත් එක්ක කෙලපු බුලවල්,පැරනි ආදර අන්දර ..මටද ඔව්වානම් ගමකට ලිවිය හැක ..ඒත් එයින් කුඩු වෙන්නේ මගේම කාඩ් එකය

තනිකඩව ඉන්න කාලේනම් ඔව්වා ලිව්වාට කම් නැත ..දැන් ඔව්වා ලියන්නට ගොස් නා ගැනීමට මට බැරිය

මේ දවස් වල පොල් ගනන්ය ..බ්ලොග් නොලියා පොල් ගහක් වටේ කෙටුවානම් හොදය ..අපේ අම්මා කියන්නේ එසේස..

මොනවා වුනත් බ්ලොග් ලිවීම අත ඇරීමට මට බෑ ය

7 comments:

Hasitha ජයසූරිය said...

මේක මාරය.. :D

chanakalin said...

@හසිත,
මේක නොව මේකා මාරය.


සහෝදරය ෆීල්ඩ් එකට එන පොඩි උන්ද ක්‍රරැකින් ඉගෙනගත යුතුය. ඉස්සරහටම යං.

Bugs Bunny said...

මොන මගුලක්ද.. මට ඔය ක්‍රැක් කිරිල් තෙරෙන්නෙ නැති නිසා කියෙව්වෙ නැත්තෙ :P

මොනා හරි තාක්ශනික ලිපියක් ලියහං බං..දැන් බ්ලොග් කෙරුවාව බව්වාගේ ගැනීටම ගිහිල්ලා.. :-/

මොකක් හරි සොෆ්ට්වෙයාර් කැල්ලක් දාවී.. මැක්කා මැක්කා ගාවී..වැඩක් නැනෙ බං එහෙම සයිට්.. බොලාවත් තාක්ශනික ලිපිකැල්ලක් දාහංකෝ...

Nishy said...

Good Luck

෴ හසියා ෴ said...

උඹත් හොර බනියාගේ භාෂාව ඉගෙන ගෙනය...ඒ ගැන නම් මට දුකක් නැත...උඹට ඕනි විදිහකට ලිව්වාට කම් නැත.මොකද මේක උඹේ බ්ලොගය බැවින...

ඒත් දෙනවා කිවනම් දෙයක් දීපිය...නැතිනම් අපි සැරය....බයිලා නැතිව පටන් ගත්ත පාඩම් ටික ලියපිය...නැතිනම් ඉතිං දන්නවානේ වෙනදේ....

මොනාවෙන්නද...

අහ් උඹටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

Kanishka | කණියා said...

ඔවු ඉතිං බොට නං මො‍කෝ.. පොල් වතු ගනන් තියෙන්නේ.. මේ ටිකේ සල්ලි ගනන් කරගන්න බැරුව ඇත්තේ :D

Unknown_User/හිඟන්නා said...

මෙහෙත් එසේමය .... , දුක තමා සහෝදරයා !!!

Post a Comment