12/26/11

Statements හා main() method

Statements
Statement  එකක් කියන්නේ Unit  of declaration or execution .අපිට program එකක execution  එක තවදුරටත් Statements වශයෙන් කොටස් වලට වෙන් කරනන් පුලුවන් ..කලිනුත් කිව්වා වගේ Statement   එකක් ඉවර වෙන්නෙ (;) semicolon  එකෙන්

දැන් මේ Statements ආකාර කිහිපයක් ඉගෙන ගම්මු

Variable declaration statement
<type> <variable>, <variable>, …;

int var1, var2;

මේ විදියට තමා අපි Variable declare කරන්නේ


Assignment statement
<variable> = <expression>;

var1 = 100;
var2 = 100 + var1; 

මේ විදියට තමා Variable එකකට value එකක් දාන්නේ

ඊලග එක තමා වැදගත්ම එක

 Method call
<method ID>(<expression>,<expression>,...);

System.out.println(“Answer is “ + var1);

(.) dot Operator එක තමා අපි object එකක් හරි class එකක් ඇතුලෙ හරි තියෙන යමකට access කරන්න යොදා ගන්නේ .. සියලුම Operators ගැන කතා කරන්න කලින් අපි තව එක විශේෂ දෙයක් ගැන කතා කරමු

12/24/11

Variables ....


Reference Types (or class types)
මේ කියන්නේ type එක විදියට අපි (හරි SUN එකේ කට්ටිය හරි) ලියපු class එකක් Reference  කරන variables 
මේ type එකේ default value එක null ,අපි value එකක් දුන්නොත් එක reefer කරන්නේ memory එකේ තියෙන object එකකට 
මේ type එකේ store කරන්න පුලුවන් data වල ප්‍රමානය .. හැඩය ..class එකෙන් class එකට වෙනස් වෙනවා .අපි ඒ ගැන ඉදිරියට කතා කරමු

12/23/11

Access Modifiers හා Variables

අපි අන්තිමට නැවත්තුවෙ කොතැනද ?
Access Modifiers ගැන

මෙතන්දි අපි

private
protected
{default} -not keyword
public
ගැන කතා කරනවා

private

මේක තමා තියෙන පොඩිම ... වගෙම වැඩිම ආරක්ශාවක් තියෙන්නේ මේ modifier එක යෙදුවා කියන්නේ .. ඒ holder ව use කරන්න පුලුවන් ඒ scope එකේ විතරයි

protected

private වගේ මයි නමුත් .. නමුත් මේක use කරන holder සමග සම්බන්දයක් තියෙන ඕනෙම කෙනෙකුට එයාගෙ scope එක අතුලෙත් use කරන්න පුලුවන්

 default :
මේකට කීවර්ඩ් එකක් නෑ ... මුකුත් modifier එකක් use නොකර තියෙනකොට .. අපිට හම්බ වෙන්නේ මේ modifier  එක ..මේකෙ scope එක package ලෙවෙල් එකේ තියෙන්නේ .. ඒ කියන්නේ එක ෆොල්ඩර් එකක් ඇතුලෙ ඕනෑන කෙනෙකුට ඇක්සස් කරන්න පුලුවන්

public

හ්ම් -scope එක තමා ඕනෑම package එකක කෙනෙකුට ඇක්සස් කරන්න පුලුවන්

12/22/11

ආවා........ආවා.........අවා..........

ඔන්න ඉතින් මං ඊයෙ අඬ බෙර ගහ ගෙන පටන් ගත්තනේ වැඩක් ::P

ඔන්න උනුසුම යන්ට කලින්ම පටන් ගත්තා වැඩේ .....මේක හුග දෙනෙක් පුද්ගලිකවම වගේම කොමෙන්ට්ස් හරහා ප්‍රසිද්දියෙත් ඉල්ලපු දෙයක් (ඇත්තටම එක්කෙනයි ප්‍රසිද්දියෙ ඉල්ලුවේ ඒ වුනාට ඒක මට ලොකු දෙයක්)

ඔන්න ඉතින් කොහොමෙන් හරි මන් කොටන්නයි යන්නේ මොනාද

11/26/11

Merge multiple Jasper Reports in to Single Report

If you are working with Jasper Reports and JAVA you should meet with this problem


[jasperreports-questions] Merge multiple JasperPrint Objects

jeipack
Mon, 16 Apr 2007 04:55:31 -0700
Hi
I just want to show several JasperPrint Objects in only one JRViewer. Is
there a function to concat 2 or more JasperPrint Objects to one JasperPrint
Object? or something like that?

In pseudo code:
JasperPrint jp1 = JasperFillManager.fillReport(url.openStream(), parameters,
                    new JRBeanCollectionDataSource(inspBean));
JasperPrint jp2 = JasperFillManager.fillReport(url.openStream(), parameters,
                    new JRBeanCollectionDataSource(inspBean));
JasperPrint jp = jp1+jp2

jrviewer= new JRViewer(jp);


I hope its clear what i mean.
Thanks for your help!
jeipack




http://www.mail-archive.com/jasperreports-questions@lists.sourceforge.net/msg00728.html

a slimier question is [update] http://stackoverflow.com/questions/2666001/how-to-merge-two-pdf-documents-into-a-single-report-in-jasperreports/8278526#8278526

unfortunately the solution is build a sub report and use the 2 different DataSource or what ever connection you used



but there is an easy way to get over with this question :D
just simple no new reports ..... Wolaah

ok lets do it

JasperPrint jp1 = JasperFillManager.fillReport(url.openStream(), parameters,
                    new JRBeanCollectionDataSource(inspBean));
JasperPrint jp2 = JasperFillManager.fillReport(url.openStream(), parameters,
                    new JRBeanCollectionDataSource(inspBean));


ok we have over 2 records ..lets take our first record  jp1 and add jp2 content into it
  
List pages = jp2 .getPages();
            for (int j = 0; j < pages.size(); j++) {
            JRPrintPage object = (JRPrintPage)pages.get(j);
            jp1.addPage(object);
        
    }
    JasperViewer.viewReport(jp1,false);


This work like a charm .. with couple of loops you can merge any number of report together .. without creating new reports  

Questions are welcome

6/27/11

object oriented programming | වස්තු පාදක ක්‍රමලේකනය III

Encapsulation vs Abstraction


ඔන්න කීප දෙනෙකුට ප්‍රශ්නයයක් ඇවිල්ලා තිබ්බා මේ Encapsulation සහ Abstraction ගැන ඒ හින්දා ටිකක් ඒක වැඩිපුර පැහැදිලි කරන්න හිතුවා

මුලින්ම පොතේ තියන විදියට දාන්නම්කෝ
 Encapsulation is information hiding.
 Abstraction means working on a higher level, not worrying about the internal details

6/24/11

object oriented programming | වස්තු පාදක ක්‍රමලේකනය II

පසු ගිය පාඩමින් අපි class හා object ගැන අදුනා ගත්තා ..මේ පාඩමින් අපි OOP වල මූලික සංකල්ප 4 ගැන කතා කරමු


  1. Encapsulation (සංවෲත හාවය)
  2. Inheritance (පැවත ඒම)
  3. Abstraction (උකහා ගැනීම)
  4. Polymorphism (බහුරූපි භාවය)

6/21/11

object oriented programming | වස්තු පාදක ක්‍රමලේකනය

what is object oriented programming ?
වස්තු පාදක ක්‍රමලේකනය කියන්නේ මොකක්ද?

object oriented programming කියන්නේ අපි යම්කිසි real world problem එකකට පරිගනකයක් ආශ්‍රයෙන් විසදුමක් ලබා ගන්න ඕනි උනා ම  real world එකේ problem එකට අදාල සියලුම වස්තුන් (object ) වලට අනූරූපව හා අංගසමව පරිගනකය තුල object ලෙසට නිර්මානය කරලා අපි පරිගනකය තුල නිර්මානය කල objects අතර අන්තර්ක්‍රියාරිත්වය මගින් ගැටලුව පරිගනකය තුල නැවත නිර්මානය කර විසදුමක් ලබාගෙන අප  real world object වලට ඇති අංග සමතාවයෙන් real world problem එකට විසදුමක් ලබා ගැනීමයි

6/20/11

Cruncher 2011 " Make games, make global "

ඔන්න Cruncher පලවෙනි පාරට ලංකාවෙ ගේම් ඩිවෙලොප් කරන අයට තරගාලියක්

වැඩි විස්තර http://www.ieslcruncher.blogspot.com/ නිල බ්ලොග් අඩවිය හා http://www.cruncher.lk/ නිල වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්

තාම කිසිම ලියාපදිංචි කිරීමක් ගැන නම් විස්තර නෑ .. ඉදිරියට  ක්ෂේත්‍රය පිළිබඳවත්, නව තාක්ෂණයන් සහ මෘදුකාංග පිළිබඳවත් නව දැනුම ගෙන දෙන වැඩමුළු පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය අදහස් කරනවාලු

6/19/11

පුදුමාකාර විකාර දවසක්

ඔන්න ඉතින් විබාග මානසිකත්වයෙන් මිදිලා ...අලුත් ලෙක්චර් එහෙම පටං ගන්න කලින් පොඩි පික්චැර් කෑල්ලක් එහෙම බලා ලා පොඩි පහේ ඩේ අවුට් එකක් යන්න කියලා තමා මායි මගේ සුරංගනාවිගෙයි අදහස තිබ්බේ



කෝමින් හරි මේ පිංබර උදෑසන අපි දෙන්නම ඔන්න කෝචිචියෙන් කොලොම් තොටට ගියා කියමුකෝ කිසි කරදරයක් නැතුව

කොහොමින් හරි මං දවස් හතකින් කාලා නෑ වගේ කෑ ගහපු හින්දම සුරංගනාවි මාවත් ඇදගෙන ගියා පෙරේරා සහ පුත්‍රයෝ ගාවට .. ඔතනින් බඩට මොනා හරි දාගෙන ..තේජස් පුරේට එනකොට 9 ට විතර ඇති .. එතන තීනවයි කිව්වේ පයිරෙට්ස් ඔෆ් ද කරබියන් නේ ..පෝලිමේ කොන යට තට්ටුව හරියේ ... :D

කොහොමත් අපු ඒක බලන්න සෙට් වෙන් නැති හින්දා 10.30 ටත් වෙලා නැති නිසා ටිකක් කැරකි කැරකි ඉදලා සැවෝයි එක පැත්තට ගියා

6/18/11

බ්ලොග්කරණයට නැවත පිවිසීම



දැන්නම් මම බ්ලොග් අවකාශයේ අවලංගු කාසියක් වෙලා :D  (වලංගු වෙලත් හිටියේ නෑ නොවැ) .. සින්ඩි වලිනුත් මන් හිතන්නේ පන්නලා

මේ තාක්ෂනික දේවල් ලියනන් එක හරි නීරසයි ..කිසි ෆන් එකක් නෑ .. කවි කතන්දර ලියන එකනම් ඔන්න ආතල් වැවේ (කරුමෙට මට කවි ලියන්න බැරි උනේ)

මෙහෙම මගෙ බ්ලොග් පඩංගුව ගූගල් ලට බරක් වෙන්න අරිනවාට වඩා හොදයි නෙ මොනා හරි කුරුටු ගාන එක

ඔය කාරනාව නිසාම ඔන්න මම ආයෙත් පටාං ගන්නයි යන්නේ බ්ලොග් ලියන එක .... ලියන එක ලියනවා දිගට හරහට ආයෙ නෑ ...

4/14/11

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

මේ උදා වූ ... 
නව වසර 
ඔබගේ  
අධ්‍යාපනික ..රැකී රක්ෂා ..විවාහ ..ප්‍රේම සබදතා

එකී මෙකී නොකී සියලු

පැතුම් බලාපොරොත්තු 
ඉටුවන්නා වූද ....

දේපල ඉඩකඩම් ..යානවාහන ...ගව මහීෂාදි සම්පත්
නොඅඩුව ලබන්නා වූද.. 
 සුබ නව වසරක් වේවා !!!

4/12/11

අවුරුද්දත් කිට්ටු කිට්ටු

ඔන්න ඉතින් දන්නෙම නැතුව අවුරුද්දත් ඇවිල්ලා කට ලගටම

ඉතින් මටත් හිතුනා පරණ අවුරුද්දෙ අන්තිම බ්ලොග් ලිපිය ටාර් ගාලා ලියලා දාන්න ..

ඔන්න ඉතින් මුලින්ම අපි පරන තරහා මරහා ඉවරයක් කරලා ඉමුකෝ :D
අවුරුදු උදාව ගත්තමනම් කිසි ගෝ එකක් නෑ වගේ .. කෝහෝ කෑ ගහන් නෑ ..මිනිස්සුන්ගෙත් කිසි සූදානමක් නෑ එහෙමත් තියෙන එකේ ආයි මං මොකටද අලුත් සූදානමක් ..ඔන්න ඔහෙ හිටපු විදියටම ඉන්න තමා කල්පනාව

කොහෙද ඉතින් කට්ටිය අවුරුද්දට කලින්ම අවුරුදු උත්සවයක් තිබ්බනේ .කෝමින් හරි නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒකට සහභාගී වෙන්න බැරි උනා

ඒ උනාට අවුරුද්ද සමරන සකල ශ්‍රී ලංකා වාසි අවශේෂ ජනතාවට ..ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා



ආයිමත් අලුත් අවුරුද්දෙ හම්බ වෙමු !!

2/12/11

බ්ලොග් කරණයට අවුරුද්දයි

අම්මෝ !!!!!!!

කොහොම හරි අවුරුද්දක් මේ බ්ලොග් පඩංගුව ඇදගෙන ඇවිත් ..

මුලින්ම ඔන්න ස්තූතිය මේ අවුරුද්ද පුරාම මේ බ්ලොග් 1ක කියවපු කට්ටියට තමා . ඒ වගේම කොමෙන්ට් කරපු අයටත් බොහෝම ස්තුතියි

1/28/11

ඉගෙනීම

CONFIUZD ප්‍රෝග්‍රැමර් කියලා බ්ලොග් 1කට නම දාගෙන හිටියට මේ අවුරුද්දටම එක programming ටියුටෝරියල් එකක් වත් දැම්මෙනම් නෑ ඔන්න ..ඒ අස්සේ මේ බ්ලොග් සතිය ... ඔන්න ඉතින් මෙන්න මේ පෝස්ට් එකත් programming ගැනනම් නෙවෙයි





1/27/11

මල් සරාගේ උක්දඩු දුන්න ගැන වයිමා විසින් කරන ලද ප්‍රකාශය

මේ වයිමා විසින් මල් සරාගේ දුන්න ගැන කල ප්‍රකාශයයි



1/26/11

විකිලීක්ස්:මල්සරාගේ diplomatic cable පණිවිඩය

මෙම පනිවිඩය මල්සරා විසින්  ශක්‍රයා,වයිමා ප්‍රමුඛ විශේෂ කමිටුවක ඉදිරියේ කල කරුනු දැක්විමක ලිඛිත සටහනකි

විකිලීක්ස් වෙබ් අඩවියට ලැබුණු ..ලිපි ගොනුවකින් උපුටා ගන්නා ලදී



අනේ දෙයියනේ ..මම දන්නවා ඔය නර පනුවො දෙතුන් දෙනෙක් මට විරුද්දව ඔබ තුමා පෙත්සම් ගහලා කියලා ..ඒ වුනාට මම කොහොමද දෙයියනේ  මෙව්වා නරපනුවන්ට කටක් ඇරලා කියන්නේ

1/25/11

CONFIUZD ප්‍රෝග්‍රැමර් blog ලියයි

බස් බ්ලොග් සතිය අලලා බ්ලොග් ලියනන CONFIUZD ප්‍රෝග්‍රැමර් ගැන   ලෝක සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අවදානය දැන් යොමුවෙලා තියෙනවා



පහත දැක්වෙන්නේ ඔවුන් විසින් මාධ්‍යට කල අදහස්  කිපයක්

1/24/11

මකුලුවා

බව්වා ඇරුනු කොට මම ආසම ඊලග සතා මකුලුවාය
ඌද පට්ට සතෙකි ..



ඌ පට්ට සතෙක් යැයි කියන්නේ හේතු කීපයක් ඇතිවය

1/14/11

නම



දිනය :- වසර 2006 මැද භාගය
ස්ථානය :- ගම්පහ කොලඹ පාරේ පිහිටි .......

දූවිලි වැකුනු විදුලි පංකාව ..ප්ලාස්ටික් තිර පට... ෆ්ල්යිවුඩ් බිත්ති ..අබලන් වූ ලීබඩු අතර මම සිට ගෙන සිටිමි,මා සමඟ පැමිණි මිතුරාද අසලක නොමැත

1/6/11

බව්වා හා මං

අද උදේ විදුලි බල අර්බුදයක් විය .කරන්නට කිසිම දෙයක් නැති තැන අලින්දයේ බිම වාඩි ගෙන කනුවකට හේත්තු වී පාර දෙස බලගෙන ඉන්නට විය .කොහෙදෝ සිට පැමිණි අපේ බව්වා මට හොම්බෙන් ඇන්නේය ..එය ගනන් නොගත් කල ඌ දිව එලියට දමා ගෙන හිස ඇලකරගෙන මා දෙස බලන් ඉන්නට විය ..පසුව එය ඌටම එපා වී මා අසලට පැමින ඇන තබාගෙන පාර දෙය බලාගෙන ඉන්නට විය

1/4/11

මට බෑ

ඔන්න ඉස්සෙල්ලාම අලුත් අවුරුද්දට සුබ පැතුවාය (පරක්කුද මන්ද)

කෙටියෙන් කාරනාව කියන්නම්

දැන්නම් බ්ලොග් ලියනවා කියන්නේ වහ කදුරුය ..එපා වෙන්නේය ..එනමුදු සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට ගිය නිසා ජාමය බේරා ගැනීමට ලිවිය යුතුය ..ගුනාත්මක භාවය බව්වාට දමා මොනවා හරි කොටන්නේ ඒ නිසාය

කලකට පෙර Assembly නමින් පාඩම් මාලවක් පටන් ගත්තේය . එහි සොෆ්ට්වෙයාර් ක්‍රැක් කිරීමට ඉගැන්වීමට ගොස් නවනිංගිරා කතා අහගත්තෙය . සොෆ්ට්වෙයාර් පයිරසියට මම උර දෙන්නෙලු . ෆීල්ඩ් එකට එන පොඩි වුන්ට නරක ආදර්ශ්‍යයක් ලු

මානම් එය ලියන අවස්තාවේ තුන් හිතකවත් එවැන්නක් තිබුනේ නැත ...


ඊට පසු පූස්තඩියා සමඟ JSP තවත් එකක් පටන් ගත්තේය .ඒකවත් දිගටම ලිවිය යුතුය . ඔය අස්සේ SCBCD පාඩම් කල යුතුය . shot note එක විදියට බ්ලොග් ඒකේ ලිව්වොත් ජාමය ගොඩය

අනිත් කස්ටියනම් දවසට බ්ලොග් පොස්ට් 5 - 6 ලියති ..තමන්ට වෙච්චි දෙවල් ,ඉස්කෝලෙ සෙට් එකත් එක්ක කෙලපු බුලවල්,පැරනි ආදර අන්දර ..මටද ඔව්වානම් ගමකට ලිවිය හැක ..ඒත් එයින් කුඩු වෙන්නේ මගේම කාඩ් එකය

තනිකඩව ඉන්න කාලේනම් ඔව්වා ලිව්වාට කම් නැත ..දැන් ඔව්වා ලියන්නට ගොස් නා ගැනීමට මට බැරිය

මේ දවස් වල පොල් ගනන්ය ..බ්ලොග් නොලියා පොල් ගහක් වටේ කෙටුවානම් හොදය ..අපේ අම්මා කියන්නේ එසේස..

මොනවා වුනත් බ්ලොග් ලිවීම අත ඇරීමට මට බෑ ය

julian assange ලංකාවේ හිටියනම්

සැලකිය යුතුයි :-
මෙය කලකට පෙර ලියන ලද්දකි ..නමුත් අත්වැරදීමකින් පෝස්ට් කිරීමට නොහැකි විය




julian assange  ලංකාවේ හිටියනම්


ප්‍රවෘතියක් :

දිවයිනේ නමගිය අපරාධ කරුවෙකු වන julian assange  අද දින පෙරවරුවේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා . පොලිසියේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකු සහාය ඇතිව කෙරුනු හදිසි වැටලීමකින් පසුව julian assange ව පොලිස් අත්ඩංගුවට ගනු ලදුව ........ මහේස්ත්‍රාත් හමුවට ඉදිරි පත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් පිනිස රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා..


දින 3කට පසුව ප්‍රවෘතියක් :

මීට දින කිහිපයකට පෙර අත් අඩංගුවට ගැනුනු julian assange අද දින පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් උණා .
සඟවා තිබූ වෙබ් අඩවියක් පෙන්වීමට යැයි පවසා පොලිසිය සමග අත හැර දැමූ ගොඩනැගිල්ලකට ගිය අවස්ථාවේදි සගවා තිබූ CAT-05 වර්ගයේ නෙට්වර්ක් කේබලයකින් පොලිස් නිලධාරියකුගේ ගෙල සිරකර දෘඩ තැටි ප්‍රහාරයක් පොලිසිය දෙසට එල්ල කර සැකකරු පලායාමට තැත් කිරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් julian assange එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා

ඔන්න ඔහොම තමා ලංකාවේ වෙන්නේ