12/19/10

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010

photo from http://pamalblog.blogspot.com


2010 දෙසැම්බර් 19 තමා ඔන්න 2 වන සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව  තිබ්බේ ..රැකියාවෙනුත් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්න CONFIUZD ප්‍රෝග්‍රැමරුත් ඕකට ඇටෙන්ඩ් එක දාන්න තමා හිටියෙ කොහොම හරි ඔන්න මායි තව බ්ලොග් ලියන කීප දෙනෙකුත් එක්ක ..අද වැඩේට එන්ටර් උනා

වැඩේනම් සාර්තකව සිද්ද උනා...ඒ ගැන කට්ටිය පෝස්ට් වගේම පොටෝ කෑලිත් ඔය අප්ලෝඩ් කරන්නේ එක දෙක

ඉතින් අද උදේ ..පානදරම ..මාත් ඉතින් G2G එකට එන්න හිතාගෙන ,,ඉතින් ආවා ..කලින් කතා කරගෙන හිටිය විදියට කණියා එක්ක තමා එන්න හිටියේ ..එන කෝච්චිය කතා කර ගත්තට ,,,නගින්න ඕනි පෙට්ටිය ගන කිව්වෙ නෑ නෙ කෝහොම හරි සෙට් උනේ මරදානෙදි තමා

ඊට පස්සෙ අපි ආවා කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටට ..ඒ අපේ පොඩි කණියා හා සජියා එක්ක ...
ඔන්න ඊට පස්සේ කස්ටිය හතර අතට කෝල් දදා කට්ටිය එකතු කරනවා ..ලොකු හසියා ..හසී .. දෙන්නා ..මගී පාලම උඩ බර කතාවක් ..ඔය අතරේ පොඩි හසියා ඇන්ඩ් පුබුදු ආවා අපි හිටිය තැනට

ඔය අතරේ තමා මගෙ ප්‍රාණ සමාන ..මගෙ සුරංගනාවි ආවේ ..ඔන්න එයත් එක්ක ආයෙ බස් හෝල්ට් එකට ..එතකොටම ලොකු හසියාම,හසී ඒ දෙන්නත් ආවා .

ඔන්න නඩේ කට්ටිය හරි ..කණියා GPS එකට පින්සිද්ද වෙන්න 500m යන්න තිබ්බ ගමන 1km වලින් DHPL බිල්ඩින් එකට ආවා ඒ එනකොටම හමු උනේ මාධව

කොහොම හරි අපි auditorium එන්ටර් ව්ව්නකොටම හිටියා ..අපේ වත් අක්කා :) දොඩං අයියා ..මාරයත් හිටිය නොවැ

 හප්පා ..එතකොට බනියා,හිගන්නා,ජේඩී,ඉන්දරේ,ෆා ,ජීවා,නීනු,මලින්ත,ඩනිශක .... තව ඩා[ර්]ක් පූසා ..බ්ලොග් ගඩොල් කස්ටිය


කොහොමහරි ඔය නම් කීව අයයි නොකී අයයි කට්ටියම ඇවිත් හිටියා ..කොහොම හරි පොටො කෑලි දෙක තුනකටත් ඉදලා ..  කට්ටිය බෝම සතුටින් විසිර ගියා

ඔන්න මාත් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මා ..දිගටම ආයෙ ලියන්න ගන්නත් ඕනි ... ඉතින් ඊ ලග G2G එකේ හමු වෙමු

(අල්ලපු පොටො කෑලි ටික දැන් ඔන්න මූනු පොතට අප්ලෝඩ් කරනවා කට්ටිය ..මම යනවා ඒ පැත්තේ)