9/6/10

ආදරෙන් පිස්සු වැටිලා !!!!!

පුදුම සතුටකින් ඒවගේම හදිස්සියකින් තමා මේක ලියන්නේ 


කවුරු හරි කෙනෙක් 

අහින්සකව නුඹ අසල දැවටුන
මගේ පුන්චි සිහින පොදිය
සුණු විසුණු කර නුඹ නික්ම ගොසින් අවසන්
ඇය වෙතට ...
ඒත්
...ආයෙමත්
පුන්චි පුන්චි සිහින එකතු කරන්
නොබිඳෙන්නටම
සිහින මන්දිරයක් තනන්නට
අඩිතාලම දානව මම
ඔහු වෙනුවෙන්...


කියලා කිව්වොත් මොකද කියන්න ඕනේ ................ මම නම් කිව්වේ 



අරුත් සුන් ජී‍විතේ අරුත් නොසොයන්නෙමී...
ඔබේ රජ මාලිගේ පහන් දල්වන්නෙමී...


කියලයි ...මම දැනට ගත්ත හොදම තීරණය කියලා තමා ...මම මේ ගැන හිතාගෙන ඉන්නේ. ...


ඔව් ඔව් කට්ටිය හිතුවා හරි ........
මාත් දැන් 
ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ

9/1/10

Confiuzd Programmer වැඩට ගිහිනුත් අවුරුද්දක්

ඔන්න දඩි බිඩියෙ මේ පොස්ට් එක ලියන්නේ ....Confiuzd Programmer වැඩට ගිහින් අවුරුද්දක් පිරීම නිමිත්තෙන්



මේක ඉතින් Confiuzd Programmer ගෙ පලවෙනි ජොබ් එකනේ ...කටු ලෝකයක් තමා මුලින්ම :D

කොහොම කොහොම හරි ශේප් එකේ වැඩේ කරාගෙන හිටියා ....

මේ අතරතුරේදි හුගක් අය Confiuzd Programmerට හම්බ උනා  ...හුගක් කට්ටිය එක්ක වැඩ කරන්න සිද්ද උනා ...ඔය අතරේ පොඩි පොඩි සිත් අමනාපකම් ..වගේම ලොකු ලොකු සිත් අමනාප කමුත් සිද්ද වුනා

හදවතට සමීප අය හම්බ උනා ...ඒ අයගෙන් වෙන් වෙන්න සිද්ධ උනා .....


යාලුවෝ ගැන අලුත් විදියකට හිතන්න පුරුදු උනා  ...අලුත් යාලුවෝ හම්බ උනා ..

ඉතින් මේ අවුරුද්දක කාලය තුල හම්බ වෙච්චි හැමදෙනාටම ස්තූති කරන්න Confiuzd Programmer කැමතියි ...ඒ වගේම වැඩ කරන අතර තුර හා ඊට පිටින් ඇතිවෙච්ච සිත් අමනාප කම් වලට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා



ප:ලි : ඇත්තමයි මේක හුගක් වැදගත් දවසක් ......2010/09/01