6/27/10

Assembly පාඩම 14

Assembly හා software cracking



Software cracking කියන්නේ මොකක්ද?
Software cracking කියන්නේ Software එකක ඇති copy protection, trial/demo version, serial number, hardware key, date checks, CD check වගේ protection method එකක් හෝ වැඩි ගනනක් ඉවත් කිරීමයි
මෙවැනි protection methods වැඩිපුර භාවිතාවෙන්නේ commercial Software වලයි ,මේක නීතිවිරෝධී කටයුත්තක් වගේම හරිම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ කටයුත්තක්..අද මම කියන්න යන්නේ cracking වලට අත් පොත් තැබීමක් ..ඒ වගේම තමා හුගක් cracking teams වලට n00bs ලා බදවාගනිද්දී ලබා දෙන මූලික ගැටලුවක් වන logical bypassing කියන ක්‍රමය

6/25/10

පූස්තඩියා සමඟ JSP -4:parameter passing

අද අපි කතා කරන්න යන්නේ parameter passing ගැන parameter passing මගින් තමා JSP පිටු කිහිපයක් අතර දත්ත හුවමාරුව කරන්නේ

මුලින්ම අපි server එක ඇතුලේ අලුත් jsp පිටුවක් හදා ගම්මු .මම ඒක showdata.jsp කියලා නම් කරා ගන්නවා.ඒ වගේම ඒක ඇතුලට කලින් පාඩමේ කියලා දුන්න HTTP request කෝඩ් එක පේස්ට් කරගන්නවා.

ඊට පස්සේ කරපු වැඩේ හරිද කියලා බලන්න ඕනෑ නම් server එක restart කරලා http://127.0.0.1:8080/JSPClass/showdata.jsp වලට browser එකෙන් ගිහිල්ලා කලින් පාඩමේ අන්තිමට ආපු ප්‍රතිපලය එනවද කියලා බලනවා

6/4/10

පූස්තඩියා සමඟ JSP -4:JSP tags ගැන තවදුරටත්

අදත් අපි JSP tag වල භාවිතය ගැන තව දුරටත් කතා කරමු
මෙතනදි අපි අයෙත් කතා කරන්නේ සාමාන්‍ය java syntax වල භාවිතයම තමා
<%@page contentType="text/html" import="java.util.*" %>


<%java.text.SimpleDateFormat sd =new java.text.SimpleDateFormat("yyyy-mm-dd");%>
<html>

  <head>
    <title>JSP Class</title>
  </head>
  <body>
    <b>Current Date and time is <font color="#FF0000">;<%= new java.util.Date() %></font></b><br>
    <b>Current Date  <font color="#00ff00"><%= sd.format(new java.util.Date()) %></font></b> 
  </body>
</html>

මේ කෝඩ් එක මගින් අපිට පහසු වෙන්ම ලබා ගන්න පුලුවන්

6/2/10

පළවෙනි E-bay ගණුදෙනුව !!!

ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් කොලුවත් සම්පත් වෙබ් කාඩ් එකක් අරන් එහෙම සෙට් උනානේ online transactions කරන්න :D

ඔන්න ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර් ඉස්සෙල්ලාම E-bay එකෙන් ගත්ත අයිටම් එක අද ගෙදරට ඇවිල්ලා ..ඔපීසිය ඇරිලා ගෙදර යනකොට මෙන්න තියෙනවා පාර්සලයක් ...වැඩි හොදට ගෙදර කට්ටියත් කඩලා බිදලා නෑ

වැඩිය මුකුත් නෙමේ ලෙදර් පර්ස් එකක් තමා ගෙන්නුවේ ...පවුම් 3.99 උණා ..ඩොලර් නම් 7 ක් විතර ... කොහොම හරි හරියටම සතියකින් ආවා ....එන්ගලන්තෙන්නේ ගෙන්නුවේ ....

ඔන්න ඉතින් මේ දවස් වල මූඩ් ගහලා ඉන්න Confiuzd ප්‍රෝග්‍රැමර්ට ටිකක් හරි සතුටුයි ගිහින් E-bay එකේ positive feedback එකකුත් දැම්මා ..දාල තමා මේ පැත්තට ගොඩ උනේ



පොඩි ඇඩ් එකකුත් තියෙනවා
 
ඔන්න හෙට උදේ 9 30 විතර බත්තරමුල්ලෙ බුද්දදාස ග්‍රවුන්ඩ් එක පැත්තේ ආවොතින් ප්‍රෝග්‍රැමර්ලා ,වෙන්ඩ ප්‍රෝග්‍රැමර්ලා,ටෙකී ලා ,කට්ටියම එකතු වෙලා 6 සයිඩ් මැච් ගහනවා බලන්න පුලුවන්



ලග පාත ඉන්න අය ඇවිල්ලා පොඩි සප් එක්ක් දෙන්නකෝ

6/1/10

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු
අද මම කියලා දෙන්න යන්නෙ JAVA Program එකක් කොහොමද Windows service එකක් විදියට run කර ගන්නෙ කියලා.

මේක හුගක්ම වැදගත් වෙන්නෙ තමන්ගෙම කියලා severs හදාගත අයටයි :) ඒ වගෙම අපගේ සුප්‍රසිද්ධ JDownloader ඒවගෙම වීදුරු මාලුවා(Glass fish) V3 අඩු සංස්කරන Windows service ලෙස run කරගන්නත් මේක වැදගත් වෙනවා .

ඉතින් මොකටද වැඩි කතා පටන් ගම්මුකො වැඩේ



අවශ්‍ය කරන දේවල්:

Java Service Wrapper මෘදුකාංගය ලැබෙන්නෙ .zip හෝ tar.gz පැකේජයක් විදියට .ඉතින් මේ file එක පහසු තැනකට දිග ඇරගන්න

ඊට පස්සෙ ඔයගොල්ලො service 1කක් විදියට run කරන්න හදන .jar file එක එහෙමත් නැත්නම් application  එක Java Service Wrapper හි bin folder එක තුලට copy කරගන්න

Java Service Wrapper හි conf folder ය තුල ඇති wrapper.conf file එක note pad මගින් open කරගන්න

wrapper.java.mainclass හි අගය org.tanukisoftware.wrapper.WrapperSimpleApp ලෙස ලබා දෙන්න

wrapper.java.classpath.1=../lib/wrappertest.jar
wrapper.java.classpath.2=../lib/wrapper.jar

පසුව
wrapper.java.classpath.3=<ඔබගේ .jar file එක> ලබා දෙන්න
උදා :-
wrapper.java.classpath.3=TimeStampSever.jar


wrapper.app.parameter.1 අගය ඔබගේ .jar file එකේ main method එක අඩංගු class එක ලබා දෙන්න

උදා :-
wrapper.app.parameter.1=timestampsever.Main


wrapper.name=<ඔබගේ Service  එකේ නම>
wrapper.displayname=<ඔබගේ Service  එකේ ප්‍රදර්ශනය කලයුතු නම>
wrapper.description=<ඔබගේ Service  ගැන කෙටි විස්තරයක්>

 දැන් wrapper.conf file එක save කරගන්න


ඉන් පසුව bin folder ය තුල ඇති

InstallTestWrapper-NT.bat මගින් එය Windows service එකක් ලෙස ලබා ගත හැක
UninstallTestWrapper-NT.bat මගින් එය එය ඉවත් කිරීම කල හැකිය