5/28/10

පූස්තඩියා සමඟ JSP -3:JSP tags

අද අපි මූලික වශයෙන් කතා කරන්න යන්නේ JSP tags ගැන ඊට කලින් දැනට server එකේ තියෙන html file එක jsp එකක් කරාගෙන ඉම්මූ



මේ වැඩේ කරන්න හරිම පහසුයි කරන්න තියෙන්නේ index.html කියන file එක index.jsp කියලා rename කරගන්න එක

ඒ වගේම අපේ web.xml එකේ ඇති index,html කියන තැනටත් index.jsp කියලා දා ගන්න එතකොට වැඩේ හරි

ඊට පස්සේ ඉතින් server එක restart කරලා http://127.0.0.1:8080/JSPClass/ browse කරලා කරපු වැඩේ හරිගිහිල්ලා ද කියලා බලන්නත් අමතක කරන්න එපා

5/27/10

All time VG hits || ගේමට සෙට් වෙමුද ?

වීඩියෝ ගේම්ස් අපූරු මාතෘකාවක් මේ තියෙන්නේ මට ලෝකයේ හොදම වීඩියෝ ගේම් 10 තෝරන්න කීවොත් මම තෝරන ඒවා ටික

Pacman


කථා දෙකක් නෑ ..මේක නැත්නම් ගේමුත් නෑ

Wolfenstein 3D


Half Life .Far cry ,වගේ රෝල් ප්ලේයින් ගේම්ස් වල ආරම්භකයා තමා මේ

Virtua Cop 2


මවුස් එකෙන් සම්පූර්නයෙන්ම ගහන්න පුලුවන් ඇක්ෂන් ගේම් එකක්

Age of Empires II


ඉවරයක් නැතුව අවුරුද්දක් උනත් සෙල්ලම් කරන්න පුලුවන්

Need For Speed Hot Pursuit 2


මේ වාගේ යුරෝපියන් Car Lineup එකක් වෙන කිසිම ගේම් එකක් නෑ

Hitman :Silent Assassin


එරස් නම් ගොඩයි ඒත් නියම ගැලීමක් තියෙන හැකියාව වගේම ලක් එකත් ඕනෑ කරන ගේම් එකක්

The Thing



පුලුවන්නම් රෑක තනියම සරවුන්ඩ් සවුන්ඩ්ස් දාගෙන ගහන්න බලන්න

Counter Strike


හ්ම්ම් මේක ගැන මම කියන්න ඕන්නෑ gamerslk පැත්තේ ගියානම් හරි

GUN :The Game


ගේම් එකක් නෙවේ හරියට චිත්තර පටියක් වගේ ගහලම බලන්න ඕනෑ මේකනම්

Moto GP 2


බයික්ස් ට්‍රැක්ස් රයිඩර්ස්ලා ඔක්කොම ඇත්ත ඒවා

5/20/10

පූස්තඩියා සමඟ JSP -2:WEB-INF හා තවත් දේ

අපි අද කතා කරනවා කීවෙ JSP webapp එකක ඩිරෙක්ටරි ආකෘතිය හා web.xml file එක ගැනයි
ඊට කලින් අපි සරල වෙබ් පිටුවක් අපේ සර්වර් එකට දාලා බලමු සර්වර් එක හරියටම වැඩ කරනවාද කියලා :D
ඉස්සරලා ම මේ වෙබ් පිටුව හදාගෙන ඉම්මු

<html>
 <head>
  <title>My Test Page</title>
 </head>
 <body>
 
 <h1>Hellow World</h1>
 
 </body>
</html>
මේ හදා ගත්ත පිටුව අපි කලින් පාඩමේ හදා ගත්ත JSPClass කියන folder එක ඇතුලෙ index.html කියන නමින් save කරගන්න

5/7/10

පූස්තඩියා සමඟ JSP -1:තඩී පූසා ගැන (tomcat)

ඔන්න කට්ටිය බලාගෙන හිටිය ඒ මොහොත උදාවුනා:D

දැන් නිළවශ්‍යයෙන් අපේ JSP පන්තිය පටන් ගත්තා....කෝ මේ ලමයි ඔක්කොම ඉන්නවද ?

නටන්න කලින් පොළොව ගැන බලමූ..........!

කට්ටිය මේ වෙනකොට JDK එක හා Tomcat ස්ථාපනය කරගෙන ඇති  කියලා හිතනවා

mega අච්චාරු

මාස දෙකක් ගෙවිලා ගියා ...අන්තිම අච්චාරුවෙන් පස්සේ...
ඉතින් මේ මාස දෙකට හැපනින් දෙයක් නම් සිද්ද වුනේම නෑ....හැම දවසම හරියට while loop එකවගේ හරියටම execute වුනා ..




ඉදලා හිටලා ඔන්න ටිකක හරි out of order වැඩ වෙච්චි දවස් දෙකක් තුනක් තිබ්බා
.:පඩි නඩි නාඩගම්:.
සෑහෙන කාලෙකට පස්සේ දැනෙන්නම අවුරුද්ද කෑවා...හැබැයි මාසෙ අන්තිමට පඩිය අතට ලැබුනාම තමා හොදටම දැනුනේ :D
 -=[..!..]=-
.:තේ එකක්බොමුද?:.


කොහොමින් හරි මේ අවුරුද්දේ ගෙවල් ගානේ ගිහින් තේ බොන කෝස් එක නම් කට් කරා ගන්න පුලුවන් උනා :D
 -=[..!..]=-
.:පැපරාසි කෙල්ලෝ:.


ආ අවුරුද්දට කලින් කෝච්චියේ යන අතරතුර පොඩි පොටෝ ෂූට් එකකටත් හිටියා (කොල්ලා ඉතින් ඇහැට නැතත් කනට වත් පේන එකා නේ) පොටෝ ගත්ත බවලත්තු දෙන්නට (නෑ අනේ පොඩි ගැටිස්සියො දෙන්නෙක්) කියන්නේ පොටෝ ටික මටත් ලැබෙන්න සලස්වනවනම් හොදයි :p
-=[..!..]=-

.:රැකියාව:.

ඊට පස්සේ ඔන්න හා හා පුරා කියලා වැඩට ගියා ඒ එක්කම පොඩි අවුරුදු උත්සවයකුත් තිබ්බා
-=[..!..]=-

.:මැරතන්:.

ඔය අස්සේ කොහොමින් කොහොමින් හරි මැරතනුත් දිව්වා කියමුකෝ ...පැය හයයි දිව්වේ ..වතුර ටිකකුත් වැදුනා ..අන්තිමට මැරතන් දිවිල්ල පැත්තක තියලා කොට්ට පොරයකුත් බලලා නිදාගත්තා

(ඒ අස්සේ මගෙ යාලුවෙකුත් සිංහල බ්ලොග් කරනයට පිවිසුනා)
-=[..!..]=-

.:හොඳ හිත:.




කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත project ගොඩ දැමීමත් මේ පහුගිය කාලෙ ජයටම කලා,,ඒවා කරලා අන්තිමට නරක නාමෙකුත් ගන්න තැනකට පත් වෙන්නත් සිද්ධ වුනා (ඔහොම තමා අස්ථීර වූ ස්ත්‍රී චිත්තය :D)
කට්ටිය බය වෙන්න එපා මොන බාධක ආවත් Confiuzd ප්‍රෝග්‍රැමර් සමාජ සේවයේ යෙදෙන එක නවත්තන් නෑ ඒ නිසා ඔබගේ සියලු කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත java project මා වෙත යොමුකරන්න (සාධාරන මුදලකුත් එක්ක හොදේ :D)

.:මේ දවස් වල:.

මේ දවස් වල නම් ඩොමේන් කතාවයි ,කතා කරන ගෙබි කුමාරිගෙ කතාවයි තමා හැම තිස්සෙමෙ මතක් වෙන්නේ

අතුරු කතා වාරේදිනම් ඉතින තව තව කථා යනවලු...........වැදගත් ඒවා නම් වැඩිය නෑ ....ආ තව smampath web card එකටත් ඇප්ලයි කලා ආවාම තමා ඒ ගැන කියන්න වෙන්නේ

මැරතන් එකේදි ලියන්න පටන් ගත්ත පබ්ලිස් කරන්න බැරි වෙච්ච පෝස්ට් කොට ටිකකුත් තියෙනවා ..ඒවා වලින් හොද ඒවා දෙක තුනක් තෝරලා සම්පූර්න කරලා දාන්නත් ඕනෑ :D

මේ ඔක්කොම හුට පට අස්සේ පූස්තඩියා සමඟ JSP  කියලා අලුත් පාඩම් මාලාවකුත් පටන් ගත්තා කට්ටියම එකත් එක්කත් අත්වැල් බැද ගනී කියලා හිතනවා
 
අදට ඇති ....පූස්තඩියා සමඟ JSP  එක්ක ආයෙ හමුවෙමු :D

--Confiuzd ප්‍රෝග්‍රැමර්

5/1/10

පූස්තඩියා සමඟ JSP:ආරම්භක පාඩම

අළුත් වැඩක් සමඟ Confiuzd ප්‍රෝග්‍රැමර්
මැරතන් එක වෙලාවෙදි වගේම පටන් ගත්ත කාලෙදිත් මම කිව්ව නේ "පූස්තඩියා සමඟ JSP" පාඩමක් කරන්න අදහසක් තියෙනවා කියලා

ඔන්න ඒක පටන් ගන්නයි යන්නේ..මුල සිට සරලවම ...හැබැයි මේතනදි මම ජාවා උගන්වන්නන්ම් යන්නෑ..JSP තමා උගන්වන්නේ..ඒ නිසා මෙකදි භාවිතා වෙන අතුරු තාක්ෂනයන් ගැන පොඩි වැටහීමක් තියෙනවනම් තමා හොද..

දැන් අපි බලමු මගෙ පංතියට එන්න තියෙන්න ඔනෙ මූලික සුදුසුකම් :D
  • ජාවා පිලිබද දැනීම (ඒ කියන්නේ RMI හරි advance hash index වගේ දේවල් නෙමේ,class එකකින් අලුත් object එකක් හදන තැනට දැන ගත්තම ඇති (මෙන්න පටන් ගන්න පොට් 1කක්))
  • HTML/XML (එතනදිත් ඕනෙ අර බේසික් දේවල් tag එකක් ඇරියම එක වහන දෙවල් වගේ වැඩ)
  •   TCP\IP හා http,https සම්මුතීන්ගේ හැසිරීම පිලිබද මූලික අවබෝධය(බය වෙන්න එපා .ඕක බැරිනම් මේ පොස්ට් 1ක බලන්නත් බෑ)
.:ඕනෑ කරන ආයුධ ටික:.

.:JDK එක 1.5 ඉදලා ඉහලට ඕනෑ එකක්:.

මෙන්න මෙතනින් ගන්න පුලුවන්
ස්ථාපනය කරන හැටි මෙන්න මෙතන තියෙනවා මරුවටම

.:Apache tomcat sever:.

මෙන්න මෙතැනින් ගන්න පුලුවන්
install කරන්න හරි ලේසියි .ජාවා මුලින් install කරලා ඉන්න ඕනෑ

.:IDE එක:.

මුල පාඩම් වලට භාවිතා කරන්නේ සරල text editor 1කක් පස්සෙ Eclipse හරි Netbeans වලට හරි මාරුවෙමු එතකම් මම පාවිචි කරන්නේ Notepad++ 


මෙන්න මෙතැන තියෙනවා IDE ගැන විස්තරයක්

ඔන්න පන්තිය පටන්ගන්නේ ලබන සතියෙ ලමයි වෙලාවට එන්න :D