4/30/10

Assembly පාඩම 13

ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද  windows System Parameter Inflammations වලට Assembly  වලින් ඇතුල් වෙන්නෙ කියලා
මෙතනදි මම ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක තමා වෙනස් කරන්නේ මේ කෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔනෙ කෙනෙකුට පොඩි ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක ලොක් කරන වැඩසටහනකුක් හදා ගන්න පුලුවන්

වැඩි කතා ඔන් නෑ ඔන්න කෝඩ් එක
.486                      ; create 32 bit code
      .model flat, stdcall      ; 32 bit memory model
      option casemap :none      ; case sensitive
  
;     include files
;     ~~~~~~~~~~~~~
      include \masm32\include\windows.inc
      include \masm32\include\masm32.inc
      include \masm32\include\gdi32.inc
      include \masm32\include\user32.inc
      include \masm32\include\kernel32.inc
      include \masm32\include\Comctl32.inc
      include \masm32\include\comdlg32.inc
      include \masm32\include\shell32.inc
      include \masm32\include\oleaut32.inc
      include \masm32\macros\macros.asm

;     libraries
;     ~~~~~~~~~
      includelib \masm32\lib\masm32.lib
      includelib \masm32\lib\gdi32.lib
      includelib \masm32\lib\user32.lib
      includelib \masm32\lib\kernel32.lib
      includelib \masm32\lib\Comctl32.lib
      includelib \masm32\lib\comdlg32.lib
      includelib \masm32\lib\shell32.lib
      includelib \masm32\lib\oleaut32.lib

      include \masm32\include\dialogs.inc
   
       
   .data
   FileName db "test.bmp", 0
   .data?
   hFile HANDLE ?
   
   
  .code


start:
  
 
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 
          invoke ExitProcess,eax


end start
මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දි ඒ ෆොල්ඩරේ ඇතුලට "test.bmp" කියලා BMP ඉමේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා

අර ලොක් කරන සීන් එක කරන්න ඕනෙනෙම් මෙන්න මේ කෝඩ් කෑල්ල දාන්න
lbl1:
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 invoke Sleep, 10000 
jns lbl1

4/25/10

Confiuzd ප්‍රෝග්‍රැමර් ගේ නිළ මැරතන් අවසන් කිරීමේ ලිපිය

ඔන්න මම දුවලා ඉවරයි....!!! මේක දාන්නේ ඔෆිස් 1කෙ ඉදන් :D

ඔන්න දඩි බිඩියෙ තවත් පෝස්ට් එකක්

සුබ උදෑසනක් වේවා!
කට්ටිය දුවලා වගේ හි හි :D
බිඟුවා යි ජේ ඬී යි කරට කර දුවනවා..
අනික හොද හොද සෙල්ලම් තිබිලා තියෙන්නේ එලිවෙන ජාමේ...
අපරාදේ මටත් 10 විතර පටන් ගන්න තිබ්බේ :D
තව පැය 3ක් දුවන්න තියෙනවා නේ

key Bord 1කේ keys 202 ?

හම්මෝ දැන්නම් මට බෑ key Bord 1කේ keys 202  විතර තියෙනවා වගේ පේනවා උදේ 4 නැගිටින්නත් ඕනෙ....
ඔන්න ඉතින් මාත් හැලුනා............
අයෙ පුලුවන් කමක් තිබුනොත් උදේට පොස්ට් 2ක් වත් දාන්නම්

වතුර ගහපු..බලන්න ආපු හැමෝටම තෑන්කූ වේවා !
-- Confiuzd ප්‍රෝග්‍රැමර්

metallica යකඩ සංගීතයේ පිය උරුමය

බර යකඩ නැත්නම් Heavy metal ගැන කතා කරනවා නම් ඉතින් metallica ගැන කතා නොකරම බෑ
මෙන්න ඔවුන් ගැන පොඩි විස්තරයක්
බෑන්ඩ් එක පටන් ගත්තෙ 1981 එතකොට හිටිය කට්ටිය තමා Ron McGovney Dave Mustaine Cliff Burton Jason Newsted James Hetfield Lars Ulrich Kirk Hammett Robert Trujilloකියන කට්ටිය
ඔක්කොම සින්ගල්ස් 45 විතර කරලා තියෙනවා
"Hit the Lights" තමයි ඔවුන්ගේ පලවෙනි ගීතය  Nothing Else Matters තමා ජනප්‍රියම සින්දුව



රස විදලම බලන්නකෝ

ළගින් හිටිය හිතවතා NOKIA 6630

මේ කියන්නේ මගේ ළගින් අවුරුදු තුනක් විතර නොසැලී සිටිය හිතවතා ගැනයි ඒ තමයි මේ
හංගේරියාවෙ උපත ලබලා තියෙන මෙයා මගෙ ලගට ආවෙ 2007 අවුරුද්දේ අගෝස්තු මාසයේ විතර.ඒ වෙනකොට මේගොල්ලන්ට හැදෙන සාමාන්‍ය ලෙඩක් වෙන display blink රෝගය  හැදිලයි හිටියෙ.ඒ ලෙඩේට නිට්ටාවටම සුව වෙන්න දෙන බෙහෙත වෙන display මාරු කිරීම කරලා 15,000 (ඒ කියන්නේ NOKIA 6230i+2500) ආසන්න මුදලකට මෙයාව මම අයිති කරගත්තා

එතැන් පටන් මෙයාගේ මූලික රාජකාරිය උනේ Local host එක හා මා අතර සියලුම සංනිවේදන කටයුතු කිරීම ,මිතුරන් අතර කෙටි පනිවිඩ හුවමාරුවට සහය දැක්වීම,NIMBUZZ chating කිරීමට,පාලු වෙලාවට Game ගැසීමට වගේ දේවල් වලට තමා ඒ වගේම ඔරලෝසුවක් ලෙස මට නිහඩවම සේවයක් කලා

2008 අවුරුද්දේදි 3G video calling ,හා 3G (384 kbps) මොඩමයක් ලෙසත් ඉතා අනර්ග සේවයක් ඉටුකලා  නමුත් 2009 අග භාගයේදි huawei e220 මගින් ඒ කටයුත්ත භාර ගත්තට පස්සෙ මෙයාට විවේකයක් ලැබුනා

වර්තමානයේ දි මෙය සතු executive calendar එක මගින් මගේ දිනපතා රාජකාරි කලමනාකරනයටත් උදව් දෙනවා

මේ මොහොතෙත් මෙයා මගෙ ලගින්ම ඉන්නවා ..එකම එක වතාවක් බැටරිය සම්බන්ද රෝගයක් වැලදිලා මෙයාට පෙරනිමියෙන් ආ බැටරිය (Li-Ion 900 mAh (BL-5C)) වෙනුවට  Li-Ion 900 mAh (BL-5CA) බැටරියක් යෙදුවා ඒ සමගම මෙයාගෙ Talk time එක විශාල වශයෙන් අඩු වුනා :(

මෙයා දැනට ගිනිය නොහැකි බිම වැටීම සංඛ්‍යාවකටත් ,5 වරක් පමන ජලපහරට හසුවීම් වලටත් (එක් වරක් මුහුදු ජලයට) මුහුන දීලා තියෙනවා

මෙයාගෙ අඩුපාඩුවක් ලෙස මම් දකින්නේ Secondary Videocalling කැමරාවක් නොමැති වීමත් රේඩියෝවක් නොමැති වීම විතරයි

ඉතින් අස්ථාන ගතවීමක් වගේ දෙයක් නොවුනොත් මම  nokia vertu එකක් ගන්න කල්ම මාත් එක්ක මෙයා ඉදීවි :D

4/24/10

LP හා මම ...

මම වැඩියම LP ලට කැමති නෑ ....ඒ කට හේතුව තමා මේක :D


LP රසික රසිකාවියො මාත් එක්ක තරහ වෙන්න එපා ...............

ඒ අය මේක බලන්න



ඊලග පොස්ට් 1ක ලියන්න කල් ගන්නයි මෙහෙම කරන්නේ :D

Knock'n on heavens door රස දෙකකින්

වතුර ගහන්නත් කට්ටිය නැති එකේ ගියා U නලය පැත්තේ

යකඩ සංස්කරනය



ගෑරුප්පු ගල් සංස්කරනය

50 තව ලිපි 4 යි ....!!

මගෙ මුලු පෝස්ට් ගාන 50 වෙන් තව ලිපි 4 ඕනෙ .....
මේක ඔට්ටුද දන් නෑ නේ :D
පැය 24 හිටියනම් අනිවා 100 පන්නනවා :D

Nos ගැහුවම හයියෙන් යන්නේ කොහොමද?

The Fast and the Furious වල ජවනිකාවක්

O'Conner යි Dom යි කරට කර drag එකක් ඔන්න අපේ O'Conner ස්විච් එකක් එහෙම දාලා බටන් එකක් ඔබනවා ..කාර් එක එකපාරටම රොකට් එකක් වගේ වෙනවා RPM කට්ට කොනේ ....ඒ අස්සේ Domත් අර වගේ ම සීන් එකක් කරනවා ...මිනිහගේ කාර් එකත් රොකට් ....

කට්ටිය මේ වගේ ජවනිකා දැකලා ඇතිනේ එකපාරටම ටික වෙලාවකට වාහන වලට සුපිරි බලය ලබා දෙන මේ ක්‍රමයට කියන්නේ NOS එහෙමත් නැත්නම් nitrous oxide systems කියලා
 මෙතන්දි වෙන්නේ ද්‍රව කරනය කල nitro­us oxide (N20) කෙලින්ම එන්ජිම තුලට ඇතුල් කිරිමයි .සාමාන්‍යයෙන් එන්ජිමක ධාවන තත්වයේදී උෂ්ණත්වය 570  Fවිතර ඒ කියන්නේ සෙල්සියස් නම් 300 ක් මේ උෂ්ණත්වයේ දි  N20 පහසුවෙන්ම oxygen හා nitrogen බවට පත් වෙනවා ඒ කියන්නේ දහන කුටීරය (combustion chamber) තුල oxygen වැඩියි .මේ නිසා එන්ජිම තුල වැඩි ඉන්දන ප්‍රමානයක් දහනය කරන්න පුලුවන් ඒ නිසා වැඩි අශ්වබල ප්‍රමාණයකුත් ගන්න පුලුවන්
N20 තවත් වාසි දෙකක් තියෙනවා N20 වාශ්පී කරනය වෙද්දි උරා ගන්නා තාපය නිසා intake වායු ධාරාව සිසිල් වෙනවා එම නිසා PV=nRT අනුව intake කලහැකි වායු ප්‍රමානය වැඩි වෙනවා එයිනුත් සැලකිය යුතු oxygen ප්‍රමානයක් ලැබෙනවා ඒ වගේම nitrogen මගින් combustion chamber තුල පීඩනය නියතව තබා ගන්නවා.එමගින් ගෑස්කට් පිපිරීම වලක්වනවා
කොහොම උනත් මේ මගින් ගන්න පුලුවන් බලයේ කාලසීමාව අවමයි ඔය ඉහල රූපයේ තියෙන ටැංකියෙන් යන්තම් තප්පර 2 විතර දුවා ගන්න පුලුවන්.ඒ වගේම තමා NOS බටයක් කැඩුනොත් රෝස් පාන් ..නිවැරදි උෂ්ණත්වය RPM එක එන්ජිමේ නොතිබුනොත් මුලු එන්ජිමම ඉවරයි

ඉතින් NOS ගැහිල්ල හරියට කරන්න ඕනෙ .නියමිත වෙලාවෙදි විතරයි ..ඒක හරියටම දන්න Dom හැම තිස්සෙම දිනනේ ඒකයි :D

confiuzd Programmer ළඟ නිතරම තියෙන දේවල්

ආයෙත් විකාර වැඩක් :D කට්ටිය ටෙක්නොලොජියට වඩා මේවට කැමතියි වගේ :D
මේවා තමයි Confiuzd Programmer ගෙදරින් එලියට බහිද්දි නොවරදවාම අරන් යන දේවල්


  1. T.sonic 610





  2. sony in-ear හෙඩ් සෙට් එක




  3. NOKIA 6630




  4. Kingston DT 100



  5. huawei e220 with මොබිටෙල් connection


බුදු අම්මෝ මගෙ ඇගිලි රිදෙනවා !!! aooch

දැන් නම් ඇගිලි රිදෙනවා හරියට .....එක්කෙනෙක් කිව්වා ගිටාර් එක play කිරීම මේකට හොදයිලු
විනාඩි 15 කින් ආයෙ හමු වෙමු .....ආ වතුර ගහන අයට තෑන්කූ :D

සයි-හැකිං || psi-hacking


අළු තොප්පිකාරයො (Gray Hat) අතර භාවිතා වෙන අළුත්ම password Cracking ක්‍රමය තමා psi-hacking
මේකෙ ක්‍රමවේදය තමා සමාජ-ජාල,සංවාද මණ්ඩප වලට ඇවිල්ලා ගොදුරු කරගන්න ඕනෑ පුද්ගලයා  කතා කරන ඒවා ,post කරන ඒවා බලලා ඒ පුද්ගලයාගේ රුචි අරුචි කම් තෝරා ගෙන ,ඒ හරහා එම පුද්ගලයා භාවිතා කිරිමට පුලුවන් මුරවචන ,ආරක්ශක ක්‍රම හොයාගැනීම
මේක මනෝවිද්‍යාවටත් සම්බන්දයි.මොකද 80% දෙනා භාවිතා කරන මුරවචන තමන්ගෙ පුද්ගලික ජීවිතයට සම්බන්ද නියා
මෙහි ඉතා පැතිරුනු අවදානමක් නෑ කියලා හුගක් අය කීවත් අවදානමක් තියෙනවා ,දැනට මේ ක්‍රමය අළු තොප්පිකාරයො යොදාගන්නේ Directory brutal force ක්‍රමයේදි යොදා ගන්නා word list එක කෙටි කිරීමට.නමුත් ඉදිරියට ඔවුන් ක්‍රමයක් සොයාගනීවි කෙලින්ම මුරවචනය සොයා ගන්න.අළු තොප්පිකාරයො පවසන විදිහට මෙය 65% ම සාර්ථක ක්‍රමයක් ලු ඒ වගේම Directory brutal force දි වැයවෙන කාලය 40% අඩුකරගන්න පුලුවන්ලු
(ප්‍රංශ ජාතික තරුනයෙක් ඔය වැඩේ කරලා මාට්ටු උනාලු)

NSIS එන්. ඇස්. අයි .ඇස්

NSIS (Nullsoft Scriptable Install System) කියන්නේ පහසුවෙන් setup හදාගන්න භාවිතා කල හැකි  Scriptable language එකක්
setup factory Installshield වැනි setup හදන tools වලින් NSIS වෙනස් වන්න හේතුව තමා Script language වීම මොකද එය ඉතා පහසුවෙන් වෙනස් කිරීමට හැකි වීම



Nullsoft කියන්න ජනප්‍රිය winamp player හදපු සමාගමේ පලවෙනි නිෂ්පාදනය

Confiuzd Programmer අදින්න කැමති දේවල්

ටිකක් විකාර රූපියි ...ලියන්න දේවල් ඇත්තෙම නෑ ඉතින් මම පොඩි විකාරයක් කලා
  1. සුදු ටී shirt එක (ටොප් එක සුදු වෙන්න ඕනෙ)







  2. නිල් ඩෙනිම් එක








  3. නිල්පාට sneakers







  4. belt එක (මේක දාන්නේ නම් කලිසම වැටෙනවට :D)






  5. leather wristband (හම් අත්පලදනාව)




(ඔය වගේ ඇදුම් ඇදගත්තු ගීක් ඩයල් එකක් දැක්කොත් ඒ මම තමා)
තව විනාඩි 15 කින් වැඩකට ඇති දෙයක් ලියන්නම් :D

Apache Struts



JAVA වෙබ් applications වලට තියන සරල framework තමයි Struts කියන්නෙ ,
වෙබ් applications වෙබ් site වලින් වෙනස් මොකද වෙබ් applications ඩේටා බේස් එකක් එක්ක සම්බන්ද වෙලා ගතික(dynamic) වෙබ් පිටු තමා අපිට ලබා දෙන්නේ

ඒ වගේම Struts මගින් Model-View-Controller (MVC) ආකෘතිය අපට ලබා දෙනවා ඒ වගෙම ප්‍රභල severe side validation පහසුකමත් SOAP හා AJAX සමගත් වැඩ කිරීමට පහසුකමත් ලබා දෙනවා
මෙහි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා
  • "request" සම්මත URL map කිරීමේ පහසුව
  • "response" response එක සම්පූර්න කිරීමට අව්‍යශ අනෙකුත් සම්පත් හැසිරවීමේ පහසුකම
  • A tag library HTML හා form-based JSP සෑදීමේ පහසු කම ලබා දීම
මටනම් ඉතින් MVC ප්‍රොජෙක්ට් එකක් කරන්න කීවොත් ඉතින් Struts ම තමා !!! (දන්නෝ දනිති :D)

MySQL AUTO INCREMENT වැඩ

MySQL AUTO INCREMENT එක්ක වැඩ කරද්දි නිතරම ඕනැ වෙන query දෙකක්

ALTER TABLE tbl_name AUTO_INCREMENT =0


මේකෙන් වෙන්නේ ටේබල් එකේ AUTO INCREMENT එක රීසෙට් වෙන එක

LAST_INSERT_ID()


අපි අන්තිමට update කරපු row එකේ id 1ක ගන්න පුලුවන්

NOs ගැහිල්ල

මහ ලොකුවට Nos ගහන්න කතා කලාට මොබිටෙල් connection එක hsdpa වලට මාරුවෙනව ආයෙ wcdma එනවා හරි සෝක්


මේ වෙලාවට කියන්න තියෙන්නේ "රොසාන් තමා"



විනාඩි 15 ආයෙ එන්නම්

වෙබ් Container

පූස්තඩියා ගැන කියද්දි මතක් උනේ වෙබ් Container නැත්නම් බහාලුම්.මේවත් එක්තරා අකාරයක servers තමා නමුත් JSP,PHP වගේ CGI  scripting භාෂා වලට සහය දක්වනවා
මේ අතර  JSP වලට සහය දක්වන තුන්ගොල්ලක් ඉන්නවා
  1. Apache Tomcat (පූස්තඩියා)
  2. JBoss (J ලොක්කා)
  3. GlassFish (වීදුරු මාලුවා)
මේවගේ ක්‍රියාකාරීත්වය හා හැකියාවන් ගැන කියනවනම්  Apache Tomcat (පූස්තඩියා) තමා පොඩිම බර අඩුම ඒ වගේම හැකියවන් අඩුම කෙනා


JBoss (J ලොක්කා) නම් මැදහත් පුද්ලයෙක් බර වගේම හැකියාවනුත් සමබරයි.දැනට ලෝකයේ තියෙන ප්‍රමුඛථම තාක්ෂනයක් වෙන EJB සදහා මෙයා සහය දක්වනවා

GlassFish (වීදුරු මාලුවා) severs අතර ජේත්තුකාරයා EJB,severs clustering,virtual server වලට සහය දක්වනවා වගේම ඉතාම සිත් ඇදගන්නා සුලු JSF admin console එකකුත් මෙයාට තියෙනවා


මම නම් මේ කටියමත් එක්ක ඔට්ටු වෙලා තියෙනවා,J ලොක්කා ටිකක් අමාරු කාරයා,වීදුරු මාලුවා යි පූස්තඩියා යි නම් ෂේප් :D

මොකද්ද මේ AJAX..... !

ලාංකීය සිතුවිලි හා සිංහල බ්ලොග් කියවනය දෙකේම මැරතන් විකාශනය සදහා AJAX භාවිතා කරනවා මම දැක්කා .ඉතින් ඒකයි පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුවේ

Ajax එහෙමත් නැත්නම් asynchronous JavaScript and XML මේක තාක්ශනයන් කිහිපයක් එකතුවක්
CSS හා HTML මගින් පරිශීකලකයාට හැඩගස්වනු ලැබූ අතුරුමුහුනතක් ලබා දෙනවා JavaScript මගින් DOM එක වෙනස් කිරීම සිදුවෙනවා.ඒ අතරම XMLHttpRequest මගින් දැනට ඇති දත්ත පරීශීලකයාට පාවිචිකිරීමට ඉඩ ලබා දෙන ගමන් නැවත පිටුව ප්‍රතිපූරණ්යක් නොමැතිව හා සමමුහුර්තනයෙන් තොරව (asynchronously) ගවේශකය හා server අතර දත්ත හුවමාරුව සිදුකර දෙනවා

හැබැයි කොහොම උනත් මේ නමේ නොගැලපීමක් තියෙනවා JavaScript thread සදහා සහය දක්වන් නෑ එම නිසා එය synchronized language එකක් ලෙස හදුන්වනවා ඒ වගේම ‍XML computer language නෙවේ එය දත්ත නිරූපනය කීරීමට භාවිතා කරන්නක් එම නිසා එයටත් asynchronous හි සම්බන්දයක් නෑ

ඉතින් මේ අරුම පුදුම තාක්ශනයන් ගැන ඉදිරියටත් කතා කරමු :D

Apache ගේ පූස්තඩියා (Apache tomcat)

කලින් පෝස්ට් 1කේ කෙනා නෙමේ මෙයා තමා Apache ලගේ හුරතලා :D

Apache tomcat තමා PHP වලට ‍xamp වගේ JSP වලට tomcat ,හරිම light weight sever එකක්,JSP engine එකක් ,JDBC POOL එකක් වගේම වෙනස් කරගත හැකි ප්ලඟින්ස් වලින් සමන්විතයි ඒ වගෙම virtual hosting වලටත් සහය දක්වනවා

ආ ඒ වගේම සරල ඇඩ්මින් කොන්සොල් එකකුත් තියෙනවා...

මගේ අදහසක් තියෙනවා "පූස්තඩියා සමඟ JSP" කියලා පාඩම් මාලාවක් පටන් ගන්න :D
හොදට වතුර වැදුනොත් තමා කරන්නේ :D

මගේ පූස් තඩියා

මේ කියන්න යන්නෙ නම් තාක්ෂනයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති පූස්තඩියෙක් ගැනයි :D
මගේ පූස් තඩියා (ඇත්තටම මූට කන්න බොන්න දෙන්නෙනම් අපේ නංගි :D)

Apache Subversion

ඔන්න තවත් field එකේ භාවිතා වෙන apache  නිෂ්පාදනයක්
SVN කියලත් කියනවා මේකෙන් තමා කට්ටියක් එකතු වෙලා කරන project එකක version control කරන්නේ ඒ වගේම අතුරුඵලයක් විදිහට backup වීමත් සිදුවෙනවා
FOSS කට්ටියනම් මේක නිතරම භාවිතා කරනවා
මේක එක්ක use වෙන තවත් ප්‍රධාන tool දෙකක් තමා SVN admin හා tortoisesvn 
ඔය group project කරන කට්ටිය මේක use කරන්න බලන්න හරිම පහසුයි.අනික බුල කෙලින අයත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් :D

කූබියා හා මෙවන් (ANT vs Maven)

apache වල ඇති ප්‍රධානම build tool දෙක තමා Ant හා Maven  දෙකේ පොඩි  වෙනසක් තියෙනවා නමුත් මූලික වශයෙන් දෙකෙන්ම කෙරෙන්නේ එකම් වැඩේ
ANT ඉතා සරල java build tool එකක් Maven  කියන්නේ java base project management tool එකක්
Maven  වල ඇති ප්ලගින ,SVN පහසුකම ,multi- project builder හෙවත් maven reactor නිසා maven ජාවා ක්‍රමලේඛයන් අතර ඉතා ජනප්‍රියයි,



ඉතින් ජාවා ක්‍රමලේඛයෙක් වෙන්න හිතාගෙන ඉන්නවානම් ANT වගේම maven ගැනත් ඉගෙන ගන්න නැත්නම් අර පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා :D

apache හා අපි

මේ මම නිතරම භාවිතා කරන මගේ විශ්වාසය දිනා ගත්ත apache ගැන කියන්නයි යන්නේ
apache ඒ කියන්නෙ රතු ඉන්දියානු ස්වදේශිකයා නැත්නම් අර හෙලිකොප්ටරේ නෙවෙයි open source project සංවර්ධනය හා වැඩි දියුනු කිරිම සදහාම ඇප කැප වෙලා ඉන්න ලාභ නොලබන ආයතනයක් තමයි Apache Software Foundation කියන්නෙ
මම නිතරම භාවිතා කරන Apache project කිහිපයක් තමා මේ (මගෙම සිංහල නම් ටිකකුත් තියෙනවා මෙවාට)

  1. HTTP Server
  2. Ant (කූබියා)
  3. Commons
  4.  Maven(මෙවන්)
  5. Struts 
  6. Subversion
  7. Tomcat(පූස්තඩියා)
  8. Velocity (ප්‍රවේගය)
මේ එක එක ගැන පොඩි විස්තරයක් ඉදිරියට ලියන්නම්

    සැරසේන එලවේන් යා ........

    ඔන්න ඉතින් වැඩේ පටන් ගත්තා ........
    දැන් ඉතින් දුවන්න තමා තියෙන්නේ
    පලවෙනි පොස්ට් 1කනේ මේ ඉතින් හිමින් හිමින් තමා පටන් ගන්න ඕනේ



    හැබැයි ඉතින් අනිතිම හරියෙදි Noz ගහන්න තමා හිතා ග්ගෙන ඉන්නේ
    ආ දුවන හැමෝටම ජය වේවා !!


    ඊළඟ පොස්ට් 1කෙන් හම්බ වෙමූ :D

    මැරතන් !! මැරතන් !!!

    ඔන්න මැරතන්  එකට කලින් අතේ පයේ හිරි ඇරගන්නත් එක්ක පොඩි පෝස්ට් එකක් දානවා :D

    ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වර්ෂා(ගෙ\වෙ)න් :D ගොරෝ ගොරෝ වැස්සොත් හරි විදුලිබලය ඇණ හිටියොත් හරි වැඩේට සොරි.කොම්

    කොහොමින් හරි ඉහතින් කීව බාධක ආවෙ නැත්නම් Confiuzd ප්‍රෝග්‍රැමර් මැරතන් එක දුවන්නයි ඉන්නෙ (මේ දැන් තමා ලියාපදිංචිය තහවුරු කිරීමෙ ඊ මේල් එක ආවෙ)

    Apache projects වල වැඩ කිඩ හා ගුන අගුණ ගැන තමා මූලික වශයෙන් ලියන්න ඉන්නේ.අතරින් පතර විහිලුවක් විකාරයක් කරන්නම්කෝ

    එහෙනම් පව 7.45 කාලගුන ත්තවය බලලා කියන්නම් හරියටම දුවනවද නැද්ද කියලා :D

    4/23/10

    Assembly පාඩම 12

    file සමග වැඩ කරමු

    අද මම කියන්න යන්නේ ජනෙල් මත file සමග වැඩ කිරීම පිලිබදවයි
    මෙහිදී මූලික පියවර 3 නක් අනුගමනය වෙනවා,ඒ තමා
    1. CreateFile-[File එක සෑදීම හෝ පවත්නා File එකක් විවෘත කොට එහි පාලකය (handle) එක  ලබා දීම]
    2. ReadFile\WriteFile [File එකෙන් දත්ත කියවේම හෝ File එකට දත්ත ලිවීම]
    3. CloseHandle – [සෑදූ පාලකය (handle) එක  වසා දමා File එක නිදහස් කිරීම ]
    Memory (මතකය)
    File එකක් අඩංගු දේ කියවීමට අපිට RAM එකෙන් මතකය අවශ්‍ය වෙනවා.මේ මතකය මුලින් allocated කරන්න ඕනෙ ඊට පසුව lock  කරලා කැමති ආකරයකට පාවිචි කරන්න පුලුවන් ඊට පසුව  unlock කිරීම හා free කිරීම කලයුතුයි
    මේ සදහා භාවිතා වෙන functions පිලිවෙලින් ගත්තොත්
    1. GlobalAlloc
    2. GlobalLock
    3. GlobalUnlock
    4. GlobalFree
    දැන් අපි වැඩේට බහිමු :D මේතනදි මම කරන්නේ boot.ini file එක MessageBox එකක් තුල පෙන්වීමයි
    .386
    .model flat, stdcall
    option casemap :none
    include \masm32\include\windows.inc
    include \masm32\include\user32.inc
    include \masm32\include\kernel32.inc
    includelib \masm32\lib\user32.lib
    includelib \masm32\lib\kernel32.lib
    ;මේවා නම් දැන් කියන්න ඕන් නෑ නෙ
    .data
    FileName db "c:\boot.ini", 0
    .data?
    hFile HANDLE ?
    hMemory HANDLE ?
    pMemory DWORD ?
    ReadSize DWORD ?
    ;FileName හා තවත් variables 4 අපි define කරගන්නවා
    .const
    MEMORYSIZE equ 65535
    ;File එක තාවකාලිකව තබා ගන්න භාවිතා කරන memory ප්‍රමානය මෙතන දක්වනවා
    .code
    start:
    invoke CreateFile, addr FileName, GENERIC_READ, FILE_SHARE_READ,
    NULL, OPEN_EXISTING, FILE_ATTRIBUTE_NORMAL, NULL
    mov hFile, eax
    ;CreateFile invoke කරලා සෑදෙන handle එක hFile තුල ගබඩා කර ගැනීම මෙහිදී සිදුවෙනවා
    invoke GlobalAlloc, GMEM_MOVEABLE or GMEM_ZEROINIT, MEMORYSIZE
    mov hMemory, eax
    invoke GlobalLock, hMemory
    mov pMemory, eax
    ;Memory Allocate කිරීම හා lock කිරීම සිදුකරනවා
    invoke ReadFile, hFile, pMemory, MEMORYSIZE-1, addr ReadSize, NULL
    ;File කියවා එය pMemory තුල ගබඩා කරගන්නවා 
    invoke MessageBox, NULL, pMemory, addr FileName, MB_OK
    ;MessageBox තුල පෙන්වීම සිදු කරන්නේ මේ line එකෙන්
    invoke GlobalUnlock, pMemory
    invoke GlobalFree, hMemory
    invoke CloseHandle, hFile
    ;Unlock කිරීම Free කිරීම හා File Handle එක වසා දැමීම සිදු කෙරෙනවා
    invoke ExitProcess, NULL
    end start
    

    4/21/10

    අනේ මන්දා

    අදනම් එපාම කරපු දවසක්...දවසින් බාගයක් වත් ගෙවිලා නෑ තාම....

    උදේ පාන්දරම වහින්න වගේ තත්වයක් තමා තිබ්බේ ......ඒත් වැස්සේ නෑ...

    අනේ මන්දා පුදුම කම්මැලි කමක් තියෙන්නේ...සයිට් එකක script එකක අවුලක් තියෙනවා..ඒක හදන්නවත් තරම් මගෙ හිත නිරවුල් නෑ...යාන්තමට ටිකක් ගොඩ දැම්මා දැන් අවුලක් නෑ වගේ.

    මේකට හේතුව මෙන්න මේ පෝස්ට් එකේ කියපු එක්කේනා අද මාත් එක්ක හිනා වුනා.පරණ රෝලමද ආයෙත් ..?

    අනේ මන්දා ..........මුකුත් හිතා ගන්න බෑ .....

    පරණ සින්දුවකුත් මතක් වුනා


    කියන්න නම් තියෙන්නේ පැවතුම් ඔබේ ...නොදනිම් ළඳේ ....

    4/16/10

    රැකී රක්ෂා සදහා පිටවීම හා රක්ෂාව රැක ගැනීමට සදහා පිටවීම

    ඔන්න ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර්රුත් රැකී රක්ෂා සදහා පිටවීමේ නැකත අමතක කරලා රක්ෂාව රැක ගැනීම සදහා අද උදේම පිටවුනා





    ඒක නිසාම අවුරුදු උත්සවයකටත් සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.මැක්සා එකට තිබ්බා...

    ගෙදරට වෙලා ඉදලා අද වැඩට ගියාම හරිම අමාරුයි.:( කෝච්චියෙ  ගමනත් ඇගට හරිම අමාරුයි වගේ



    ඒ නිසා අද නම් Assembly පාඩම දෙන්න වෙන් නෑ....:D

    4/14/10

    Assembly පාඩම 11

    ඔන්න කොහොමින් හරි අවුරුද්දත් ලබලා ඉවරයි ...:D .කට්ටියට වැඩ අල්ලන වෙලාවට කරන්න පොඩි වැඩක් මෙන්න
    .මේක compile කරලා run කලලොත් මගෙ අවුරුදු පනිවිඩය බලා ගන්න පුලුවන්


    .486                      ; create 32 bit code
          .model flat, stdcall      ; 32 bit memory model
          option casemap :none      ; case sensitive
     
    ;     include files
    ;     ~~~~~~~~~~~~~
          include \masm32\include\windows.inc
          include \masm32\include\masm32.inc
          include \masm32\include\gdi32.inc
          include \masm32\include\user32.inc
          include \masm32\include\kernel32.inc
          include \masm32\include\Comctl32.inc
          include \masm32\include\comdlg32.inc
          include \masm32\include\shell32.inc
          include \masm32\include\oleaut32.inc
          include \masm32\include\msvcrt.inc
          include \masm32\include\dialogs.inc
          include \masm32\macros\macros.asm
    
    ;     libraries
    ;     ~~~~~~~~~
          includelib \masm32\lib\masm32.lib
          includelib \masm32\lib\gdi32.lib
          includelib \masm32\lib\user32.lib
          includelib \masm32\lib\kernel32.lib
          includelib \masm32\lib\Comctl32.lib
          includelib \masm32\lib\comdlg32.lib
          includelib \masm32\lib\shell32.lib
          includelib \masm32\lib\oleaut32.lib
          includelib \masm32\lib\msvcrt.lib
    
    
          hout PROTO :DWORD,:DWORD,:DWORD,:DWORD 
    
        .data?
            hInstance dd ?
    
        .code
    
    ; «««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    
    start:
     
          mov hInstance, FUNC(GetModuleHandle,NULL)
    
          call main
    
          invoke ExitProcess,eax
    
    ; «««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    
    main proc
    
        Dialog "Happy New Year", \           ; caption
               "Tahoma",10, \            ; font,pointsize
                WS_OVERLAPPED or \              ; styles for
                WS_SYSMENU or DS_CENTER, \      ; dialog window
                2, \                            ; number of controls
                50,50,150,80, \                 ; x y co-ordinates
                1024                            ; memory buffer size
    
        DlgButton "OK",WS_TABSTOP,48,40,50,15,IDCANCEL
        DlgStatic "Confiuzd Programmer is Wishing you a very happy New Year !!!", \
                  SS_CENTER,2,20,140,9,100
    
        CallModalDialog hInstance,0,hout,NULL
    
        ret
    
    main endp
    
    ; «««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    hout proc hWin:DWORD,uMsg:DWORD,wParam:DWORD,lParam:DWORD 
    
    
        .if uMsg == WM_INITDIALOG
          invoke SendMessage,hWin,WM_SETICON,1,
                             FUNC(LoadIcon,NULL,IDI_ASTERISK)
    
        .elseif uMsg == WM_COMMAND
          .if wParam == IDCANCEL
            jmp quit_dialog
          .endif
    
        .elseif uMsg == WM_CLOSE
          quit_dialog:
           invoke EndDialog,hWin,0
    
        .endif
    
        xor eax, eax
        ret
    
    hout endp
    
    ; «««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    
    
    end start
    

    මේකෙ තියෙන ඔක්කොම කොටස් දැනට ආවරණය වෙලා තියෙන්නේ ,ඊලග පොස්ට් 1කෙන් මම පොඩි පැහැදිලි කිරිමක් කරන්නම් මේ ගැන

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    4/13/10

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.. || Wishing you prosperous New Year!!

    බ්ලොග් කෙරුවාව කරන හැමෝටම ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් ගෙන් අලුත් අවුරුදු සුබ පැතුම් !!!!


    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.. || Wishing you prosperous  New Year!!

    මහා බ්ලොග් මැරතන් එකට ඉල්ලුම් කලෙමි !! නමුත් ඇතුලත් කරගත් බවට email එකක් තවම නොලැබුනි දන්න කෙනෙක් පොඩ්ඩක් මට කියනවද ?

    4/7/10

    සිංහල බ්ලොග් මැරතන් 2010

    මේක නම් Confiuzd ප්‍රෝග්‍රැමර් බලාගෙන හිටිය item එකක් ඒත් දුක කියන්නේ 25 ඉරිදා මම වැඩට යන්න ඕනෙ දවසක් නේ ඉතින් 6 ටවත් ගෙදරින් පිටත් වෙන්න ඕනෙ

    ඒත් කොහොම හරි Confiuzd ප්‍රෝග්‍රැමර් මේකට සහභාගී වෙනවා අඩුම තරමේ පැය 6 ක් වත් දුවන්නයි කල්පනාව :D
    පළවෙනි පාරටනෙ කරන්නේ ඔහොමවත් දුවමු ඉතින්
    අනික ඔයවෙලාව අතර තුර වතුර ගැහිල්ලත් ජයටම කොරන්නයි  Confiuzd ප්‍රෝග්‍රැමර්ගේ අදහස ඉතින් කස්ටිය නාන්න ලෑස්ති වෙලා අවොත් හොදා

    4/4/10

    ඔබගේ (පරණ) දුරකථනය WebCam එකක් විදියට භාවිතා කරන්නේ මෙහෙමයි.

    තුන්වෙනි නෙතේ දාල තිබ්බා ඔබගේ දුරකථනය WebCam එකක් විදියට භාවිතා කරන්නේ මෙහෙමයි. කියලා පොස්ට් එකක්

    අම්මට සිරි අතේ සතේ නැතිව ඉන්න වෙලාව වගේම WebCam එකක උවමනාව තදින්ම දැනෙන වෙලාවක් දඩිබිඩි ගාල බාගෙන install කරා කියමුකො.crack එකත් එලකිරි (පුදුම වෙන්න එපා ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙච්චි මමත් crack use කරනවා )crack හදපු කෙනාට පින් දිදී sis ෆයිල් එක phone එකට දැම්මා ..ම්හ් file corrupted ලු.:(

    හුටා ආයෙත් ඇස්දෙක පිහදාල බැලුවා O_o එතකොටයි දැක්කෙ අගින් තියෙන S60V3 අපිට කොයින්ද බූල් බල්ලෝ මගෙ 6630 S60V2 නෙ කලින් පොස්ට් එකට කොමෙන්ට් එකකුත් දාලා ගියා ගූගල් පැත්තෙ

    මෙන්න මේක හොයාගත්තා Serial ඇතුලෙ තියෙනවා

    අනික මේකෙ ගාන දරාගන්න පුලුවන් එකක් $9.95 පුලුවන් අය සල්ලි දීල ගන්න එතකොට කාටත් හොදයිනේ :D

    4/2/10

    confiuzd top 20 සිංදු

    නිකමට වගේ බැලුවා මගෙ play list එකේ වැඩිපුරම play වෙච්චි සිංදු ටික ඔක්කොම ගල් සිංදු :D දෙකක් විතරයි hip-පොප්
    කට්ටිය කැමති වෙයිද දන් නෑ මගෙ play list එකට අහලම බලන්නකෝ
    1. Metallica - Mama Said

    2. Staind - So Far Away
    3. Metallica - The Unforgiven

    4. Lifehouse - You And Me
    5. Low Shoulder - Through the Trees
    6. flyleaf - i'm so sick

    7. Chris Daughtry - Its Not Over
    8. Bullet For My Valentine - Hand Of Blood
    9. Shania Twain - You're Still the One
    10. Metallica - Nothing Else Matters
    11. Metallica - For Whom The Bell Tolls

    12. Daughtry - Over You
    13. U2-Green Day - The Saints Are Coming
    14. Celldweller feat. Styles Of Beyond - Shapeshifter
    15. rock & roll queen the subways
    16. The Fray - You Found Me

    17. Keri Hilson - Knock You Down
    18. Shinedown-45
    19. Teriyaki Boyz -Tokyo Drift (Fast & Furious)
    20. Green Day - 21 Guns

    රූප රාමු සඳහා සාදර අනුග්‍රහය කවදත් වගේ Uනළය තමා :D

    Assembly පාඩම 10

    අම්මෝ පොස්ට් 9ක්ම ඇසෙම්බ්ලි ගැන ලියලා කොහොම හරි GUI එකක් හදාගන්න තැනටත් ඇවිල්ලා
    ඉතින් මට හිතුනා RECAP එකක් දාන්න හොඳම වෙලාව කියලා

    ඉතින් අපි ඉගන ගත්ත ඒවා ගැන පොඩ්ඩක් බලමු


    පලවෙනි පාඩම

    මේ පාඩමේදි අපි කථා කලේ Assembly භාවිතා කිරීම පිලිබදව වගේම අපි ඉගෙන ගන්න යන MASM SDK එක ගැන


    දෙවනි පාඩම

    Assembly ස්ථාපනය කිරීම වගේම අපේ පලමු Hello World ක්‍රමලේකයත් ලිව්වේ මේ පාඩමේදි තමා

    තුන්වන පාඩම

    වැදගත් පාඩමක් අපි මෙතනදි Assembly මූලාශ්‍ර ගොනුවක ආකෘතිය වගේම keywords කිහිපයකුත් ඉගෙන ගත්තා
    ඒ වගේම Assembly මූලාශ්‍ර ගොනුවක් compile කිරීම වගෙම link කරන හැටිත් ඉගෙන ගත්තා


    හතරවෙනි පාඩම

    අපි එකපාරටම GUI වලට මාරු උනා :D

    පස්වෙනි පාඩම
    CPU Registers ගැන වගේම OFFSET හා ADDR ගැන කතා කලා
    8 bit Registers අටයි EAX,EBX,ECX,EDX,ESI,EDI,ESP,EBP
    16 bit Registers හයයි CS,DS, ES, FS, GS ,SS

    ඒ වගෙම EFLAGS හා EIP



    හයවෙනි පාඩම

    Assembly Basic Instruction ගැන කථා කලා මේ තියෙන්නෙ ඒවා


    හත්වන පාඩම

    stack manipulate වගේම stack එක ගැනත් ඉගෙන ගත්තා

    අටවන පාඩම

    MASM ආවේනික Macros,Functions,Variables ගැන ඉගෙනගත්තා

    නවවෙනි පාඩම

    කොහොමින් හරි අපි GUI එකක් අටවා ගන්න තැනට ආවා :D