12/19/10

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010

photo from http://pamalblog.blogspot.com


2010 දෙසැම්බර් 19 තමා ඔන්න 2 වන සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව  තිබ්බේ ..රැකියාවෙනුත් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්න CONFIUZD ප්‍රෝග්‍රැමරුත් ඕකට ඇටෙන්ඩ් එක දාන්න තමා හිටියෙ කොහොම හරි ඔන්න මායි තව බ්ලොග් ලියන කීප දෙනෙකුත් එක්ක ..අද වැඩේට එන්ටර් උනා

වැඩේනම් සාර්තකව සිද්ද උනා...ඒ ගැන කට්ටිය පෝස්ට් වගේම පොටෝ කෑලිත් ඔය අප්ලෝඩ් කරන්නේ එක දෙක

ඉතින් අද උදේ ..පානදරම ..මාත් ඉතින් G2G එකට එන්න හිතාගෙන ,,ඉතින් ආවා ..කලින් කතා කරගෙන හිටිය විදියට කණියා එක්ක තමා එන්න හිටියේ ..එන කෝච්චිය කතා කර ගත්තට ,,,නගින්න ඕනි පෙට්ටිය ගන කිව්වෙ නෑ නෙ කෝහොම හරි සෙට් උනේ මරදානෙදි තමා

ඊට පස්සෙ අපි ආවා කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටට ..ඒ අපේ පොඩි කණියා හා සජියා එක්ක ...
ඔන්න ඊට පස්සේ කස්ටිය හතර අතට කෝල් දදා කට්ටිය එකතු කරනවා ..ලොකු හසියා ..හසී .. දෙන්නා ..මගී පාලම උඩ බර කතාවක් ..ඔය අතරේ පොඩි හසියා ඇන්ඩ් පුබුදු ආවා අපි හිටිය තැනට

ඔය අතරේ තමා මගෙ ප්‍රාණ සමාන ..මගෙ සුරංගනාවි ආවේ ..ඔන්න එයත් එක්ක ආයෙ බස් හෝල්ට් එකට ..එතකොටම ලොකු හසියාම,හසී ඒ දෙන්නත් ආවා .

ඔන්න නඩේ කට්ටිය හරි ..කණියා GPS එකට පින්සිද්ද වෙන්න 500m යන්න තිබ්බ ගමන 1km වලින් DHPL බිල්ඩින් එකට ආවා ඒ එනකොටම හමු උනේ මාධව

කොහොම හරි අපි auditorium එන්ටර් ව්ව්නකොටම හිටියා ..අපේ වත් අක්කා :) දොඩං අයියා ..මාරයත් හිටිය නොවැ

 හප්පා ..එතකොට බනියා,හිගන්නා,ජේඩී,ඉන්දරේ,ෆා ,ජීවා,නීනු,මලින්ත,ඩනිශක .... තව ඩා[ර්]ක් පූසා ..බ්ලොග් ගඩොල් කස්ටිය


කොහොමහරි ඔය නම් කීව අයයි නොකී අයයි කට්ටියම ඇවිත් හිටියා ..කොහොම හරි පොටො කෑලි දෙක තුනකටත් ඉදලා ..  කට්ටිය බෝම සතුටින් විසිර ගියා

ඔන්න මාත් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මා ..දිගටම ආයෙ ලියන්න ගන්නත් ඕනි ... ඉතින් ඊ ලග G2G එකේ හමු වෙමු

(අල්ලපු පොටො කෑලි ටික දැන් ඔන්න මූනු පොතට අප්ලෝඩ් කරනවා කට්ටිය ..මම යනවා ඒ පැත්තේ)

29 comments:

Bugs Bunny said...

SBU GTG එකට පිංසිද්ද වෙන්න කොල්ලාගේ බ්ලොග් එක නම් අප්ඩේට් වෙලා :P

Kanishka | කණියා said...

ෂැක්.. GPS කතාව මෙතන අදින්න එපා බං :D

KaniRockz said...

අන්න ඉතින් ඔක්කොම හොඳට ලියල මට දාල තියන ලින්ක් එක තාමා අවුල :/ ඕක KANIROCKZ.CO.CC නෙවෙයි blog.ykani.info වෙන්ඩ ඕන :P

Hasitha ජයසූරිය said...

අනිව අනිව.. කණිය අයියගෙ GPS එකනන් සුපිරිම සුපිරි :D

Nishy said...

:) lovely day

පූසා said...

එළ එළ

චමියා said...

අනෙ අපොයි. මට වැඩේ මිස් උනානෙ. අපරාදෙ. අව්ලක් නෑ. ලබන අවුරුද්දෙ වත් සෙට් වෙමුකො.................

හසී said...

හික්ස්... අදනම් ගොඩාක් සතුටු දවසක් :D

෴ හසියා ෴ said...

යකෝ අපි මේ පොඩ්ඩා එනකන් උඩට වෙලා හිටියේ....කොහෙද ඒ ගෙම්බා බස් හෝල්ට් එකට වෙලා කට ඇරන් බලං ඉන්නවා....

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@බනී :ඕව් බන් ඒකනේ
@පොඩි කණි : ඔන්න වෙනස් කලා

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@all : කට්ටියටම බොහොම ස්තුතියි

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

හරි හරි ඔන්න අපේ කනියගෙ GSP එකේ තියෙන ඉර එලිය මග ඇරීමේ ඇඩ්වාන්ස් පීචර් එකට පින්සිද්ද වෙන්න ..තමා අපි ගියෙ ..දුර වැඩි උනාට මොකෝ ..අව්වට පිච්චුනේ නෑ නෙ :D

Unknown_User/හිඟන්නා said...

අඩේ GPS සීන් එක මරු ... ; කොහොමහරි එහෙනම් අපි කට්ටිය සෙට්වුනා නොවෑ ... !!!

චන්දික said...

Hmmmmm niyamai :)

blog gadol said...

හැමෝම අද අදුරගන්න ලැබීම ලොකු සතුටක්!!

Dar[K] said...

හප්පටසිරි මේන් මගේ නමත් තියේ !! එල එල කට්ටියවම අදුනගන්න ලැබීම් සන්තොසයි !

දුමී said...

හොඳා හොඳා කට්ටිය හොඳට එන්ජෝයි කොරලා වගේ... සතුටුයි ඒ වගේම දුකයි මොකද එන්න බැරි වෙච්චි එක ගැන....!

Neranji___නෙරංජි said...

ආ.....යාළුවා.... ඊ ළඟ පාර අපි හිතා ඉන්නෙ කාන්තා නියෝජනය වැඩි කරන්න....

Madhawa Habarakada said...

උඹලා ආවෙ පිටිපස්ස පැත්තෙන්නෙ, ඉතින් දුර වැඩී තමයි.
මම ඔය ඔඩිටෝරියම් එකට ඇවිල්ලත් මට මතක තිබ්බෙ නෑ නෙ බන් දොර තියෙන්නෙ කොහෙද කියල DHPL building එකට. :(
ගොඩක් අයව හඳුන ගන්න කතා කරන්න ලැබුනත් ඊටත් වඩා ගොඩක් අයව හඳුනගන්න ලැබුනෙ නෑ. කාලය නම් ටිකක් මදි වගේ නේද?

@Neranji: ඔව් ඔව් මමත් කිව්වෙ අපේ යාළුවෙකුත් ඕකම කිව්වනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ කාන්තාවො තාක්ෂණය පැත්තට යන එක අඩු එකයි.

dinesh said...

ලබන පාරවත් එන්න ට්‍රයි එකක් දානවා.සුබපැතුම් හැමෝටම.

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

මමත් එන්න හිටියට එන්න බැරිවෙනානෙ. වැඩේ හොඳට ගිහින් තියෙනවා. සතු‍ටුයි.. කවිරංග

පුබුදුවා said...

සිරාම දවසක් තමයි ඉතින්,කට්ටියවම හම්බුන එක හරිම සතුටුයි

dedunu said...

මම තමා පරක්කු වෙලා ආව එකා
http://www.dedunumax.info/?p=558

තරිදු පමල් said...

වෙනදා ජාලය හරහා හමුවන මිතුරන් සමග හමුවී කතාබහ කිරීමට හැකිවීම නම් ගොඩක් සතුටුයි....

අන්තිමයා said...

සුවද හමුවට කිව්වට මොකද කොහොම කොහොම හරි අපිත් කට්ටියව එදා අඳුර ගත්තා ......

amila.tk said...

ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ කට්ටිය ටිකක් වැඩියෙන් හිටිය මයෙ හිතේ.

සුජිත් said...

නියමයි නියමයි... මමත් ආව ඒත් කවුරැත් මාව දන්නෙ නෑනෙ... මම බොලොග් එකක් ලියන්නෙ නැති නිසා... :(

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සුජිත් : ලියමු කෝ බ්ලොග් 1කක්
@all : බොහොම ස්තුතියි

Naleen Dilruksha said...

මමත් ආසයි ලංකාවෙ බ්ලොග් කරුවන්ව හඳුනගන්න.අනික් පාර මටත් කියන්න.http://samakayawate.blogspot.com/

Post a Comment