8/27/10

මේ දවස් වල life එක

ඔන්න මාතෘකාව ලියනවනම් :D මොකද මේ දවස් වල only easy day...Was yesterday කියන එකට හරියටම ගැලපෙනවා
වැඩිය ඒ ගැන කතා නොකර ඉම්මු :D




ඔන්න ඉතින් ඇසෙම්බ්ලි පාඩම නම් ඉවරයි .....ඔතනින් එහාට කියල දෙන්නේ නෑ ....මොකද අනිතිමට ලියපු පෝස්ට් එක හින්දා තව පොඩ්ඩෙන් ජංජාල ගොඩයි.තව දුරටත් ඉගෙන ගන්න ඕනෙ අය ඉන්නවනම් ඉතින් සෙල්ෆ් ස්ට්ඩිස් තමා :D ...මේ ප්‍රශ්න ටික විසදුන කාලෙක මම අයෙත් පටන්ගන්නම් ...

පූස්තඩියා සමඟ JSP වලටත් ඒ සෙතේම තමා ඒත් එකනම් දිගටම කරගෙන යන්න තමා අදහස ...ඊලග සතියෙ පෝස්ට් එකක් අනිවා දානවා ..කට්ටිය පරණ පාඩම් කියවලා මතක් කරගෙන ඉන්නකෝ

ඔන්න ඊයෙ මරු ඉවෙන්ට් එකක් තිබ්බා ...මට සෙට් වෙන්න බැරි උනා ....නමුත් හැපනින් ඉවෙන්ට් එකක් ලු

#TweetUpSL 2010

හි හි ඔන්න පොටෝ දාලා තියෙනවා මූනු පොතේ  සිංහල බ්ලොග් කරුවො කිහිප දෙනෙකුත් ට්විට්‍ර් යාලුවො ඔක්කොම වගෙත් ඒකට ගිහිල්ලා ...අපරාදෙ මටත් විනාඩි 5කට වත් ඔලුව දාන්න තිබ්බනම් :D

මට හිතෙන්නේ සිංහල බ්ලොග් ලියන කට්ටියත් ඒවගේ එකක් තිබ්බනම් හරි ...කලින් පාරකුත් තිබ්බලුනේ ...:D

ඒ අස්සේ කණියා පරන ගේම් ගැන ලියනවා ....මාත් දෙක තුනක් බාගත්තා ගහන්න වෙලාවක් තමා නැත්තේ

samsung external හාඩ් ඩිස්ක් එකක් ගත්තා ...ඔන්න  external හාඩ් ගන්න ඉන්න අයට හොද ආරන්චියක් මේක තමා දැනට තියෙන අඩුම external හාඩ් එක 11950 වෙන්නේ

ම්ම්ම් තව පොඩි සොෆ්ට්වෙයර් කැල්ලක් ගැනත් ලියන්න හිතුනා

ඒ තමා Helium Music Manager 7


මේක දැන් පිනට දෙන්නේ :D ....ඊයෙ ඔෆිස් ඒකේ ඉන්ස්ටෝල් කලා ..පස්සේ ගෙදර ඇවිත් පරන එක අප්ඩේට් කලා ...දැන් එලකිරි වගේ වැඩ ...iTune ස්ලෝ කට්ටියට ...වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක අරහං කට්ටිය මේක try කරලා බලන්න . ..ඒ වගේම තමා කට්ටිය දන්න හොද  Music Manager එකක් හා video Manager එකක් තියෙනවනම් මට පොඩ්ඩක් කියන්න ..කොමෙන්ට් එකක් දාලා යන්න ..වින්ඩෝස් මීඩියා සෙන්ටර් එක ටිකක් මේ වැඩේට ගැලපෙන් නෑ

අච්චාරුවට මොනවද අඩු ......ම්ම්ම්ම් සින්දුවක් :D .....මෙන්න තියෙනවා එකක් අපේ මහසෙන් අයියා තමා දුන්නේ



Godsmack ලා ගැන කියන්න ඕන් නෑනෙ..මේක ඒගොල්ලන්ගේ style එකෙන් පිට ගිය එකක්

පූස්තඩියා සමඟ JSP සමඟ නැවත හමු වෙමු

12 comments:

Hasitha ජයසූරිය said...

කට්ටියගෙ මීටින් එක ඊයෙ නැගල ගිහිල්ල...නෙක්ස් ටයින් නම් අනිව මාත් සෙට් වෙන්න ඕනෙ

පූස්තඩියා සමඟ JSP වත් එහෙනම් ලියමු දිගටම

Hasitha ජයසූරිය said...

external හාඩ් එක නම් එල...මාත් ගෙදරට පොඩි අයිඩියා පාරක් දාල බලන්න ඕනෙ...ඒත් ඉතින් කියන්න බෑ :/
අපි තාම රැකියා විරහිත පාසල් ශිශ්‍යයින් නොවැ :D

Kanishka | කණියා said...

ගේම් නං ඉතිං dosbox දාලා නෙලන එකයි ඇත්තේ.. :d
හික්.. හදිස්සියකට ඉල්ලගන්න පෝට‍බල් හාඩ් එකකුත් තියේ එහෙනං :D කාලෙකිං ඒ පැත්තෙ එන්නත් බැරි උනාද මන්දා :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@Hasitha :) ඒක තමා ..අපිට කොහෙන්ද පූසෝ මාලු කිව්වලු

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා : හා හා වරෙන් ...(කෝ අත් දෙක වන වන ..) :D

Thilina Madhushankha said...

iTunes v9.0 වලින් පස්සේ ආපු සංස්කරණ වල, speed එක නම් සැළකිය යුතු මට්ටමකින් වැඩියි කියන එකයි මගේ අදහස. WMP එකේ music manage කරන එක මටත් පොඩ්ඩක් අවුල් වැඩක්. හැබැයි මට නම්, දැනට අහල තියෙන හොඳම sound quality එක තියෙන්නේ එකේ.

Music managing ගත්තම, Helium එක තමයි මම පාවිච්චි කරල තියෙන හොඳම එක. වැඩ ගොඩක් ඒකෙන් කර ගන්න පුලුවන්. SongBird(Open-source) ඕනි නම් දාලා බලපන්.http://www.getsongbird.com
හැබැයි Helium තරම් තවම හොඳ නැතිව ඇති. මේ පහල තියෙන ඒවත් ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙයි.

iTunes වල library එකට mp3s එහෙම add කරන එකත් තරමක වදයක්. විශේෂයෙන්ම, ගොඩක් files තියෙන කොට සැරින් සැරේ install කරන වාරයක් පාසා add කරන්න වුනාම විකසිත වන මල ගැන කියන්න ඕනි නෑ, කට්ට කාලා තියෙන අයට. iTunes Library Updater කියන්නේ මේ ප්‍රශ්නෙට කියාපු විසඳුමක්. ඔන්න ගිහිල්ලා කියවලා, බාගෙන දාලා බලපන්. එළම තමයි.
http://itlu.ownz.ch/

Music Brainz, ගීත වල විස්තර (ID3 tags එහෙම) හොයා ගන්න මරු. මේකත් මම පාවිච්චි කරල තියෙනවා. මට නම් සතුටු වෙන්න පුලුවන් මට්ටමක මේක තියෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි ගීත වල වගේ විස්තර ස්වයංක්‍රීයව හොයා ගන්න උදව් කර ගන්න පුලුවන්.
http://musicbrainz.org/

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@Thilina තැන්කූ කිව්වා දුන්න තොරතුරුවලට ... iTunes නම් සක්ස් ඒකෙ දෙකක් නෑ

෴ හසියා ෴ said...

පුස්තඩිය එක්ක JSP ලියමු ඉක්මනට.....නැගල යනවා වැඩේ
ඇසෙම්බ්ලි ටිකනම් පට්ට....
ම්මම් ඊටත් වඩා පොර්ටබල් හාර්ඩ් එක පට්ට....මේ බැරිද 100 GB විතර කෑල්ලක් මට දෙන්න....හික්ස්....

Bunny ! said...

උබේ අර වැ# ටික තියෙන්නෙ අර හාඩ් එකේ වෙන්ටැ ? :P එන්ට ඔනේ ගෙවල් පැත්තේ :D ලොල් :D

අපිටනම් ඉතින් ඔය VLC තිබ්බම මදෑ :D

Prabhath Darshana said...

ඇසෙම්බ්ලි මග නැවැත්තුවෙ අපරාදෙනෙ... කමක් නෑත් එක්ක හැබැයි. අපේ මිනිස්සුන්ට සේරම පිනට දෙන එකෙත් තේරුමක් නෑ නොවැ...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හසියා :එල එල දෙන්නම්කෝ
@බනියා :ඔව් උබට දෙන්නම තමා තියාගෙන ඉන්නේ
@Prabhath:අනේද කියන්නේ

චමියගෙ ගැජමැටික් said...

ඔන්න මචෝ උඹේ බ්ලොග් එක බලල මටත් එකක් ලියන්න හිතුනා. තවම වැඩේ හරියට තේරෙන්නෙ නෑ. කරලම බලමුකෝ........

Post a Comment