7/18/10

Samsung Corby B3410 -අලුත්ම සගයා

ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් එයාගේ පරණ සගයා වෙච්චි නොකියා 6630 ට පොඩි රිටයර්මන්ට් පාරක් දෙන්න ඕනෙ කියලා හිතලා අලුත් පෝන් කට්ටක් හොයන්න පහුගිය දවස් වල පොඩි කට්ටක් කෑවා මුලින්ම අදහස තිබ්බේ නොකියා ඊ 72 ගැන...පොඩි ආර්ථික පුරස්නයක් නිසා ඒ අදහස අත හැරලා දාන්න උනා ..පස්සේ තමා මේ Corby ව සෙට් උනේ






ඔන්න මෙයා ගැන සම්පූර්න විස්තරයක් තියෙනවා මෙතන

ඔන්න මම මේක ගැන මට හිතන දේවල් කියන්නම්කෝ
මුලින්ම මම බැලුවේ qwerty කීබොර්ඩ් එක මැසේජ් කරන්න නම් කවුරුත් මට නෑ ..ඒ උනාට ට්වීට් කරන්න තියෙන පිස්සුව හින්දා ඒක හොදයි කියලා හිතුවා..ඒවගේම මෝස්තර කාර පෙනුම :D..



ඒවගේ ම තමා වෙනම උස්සන් යන MP3 player එකට රීප්ලේස්මන්ට් එකක් ..ඒකත් එලටම තියෙනවා 3.5mm ස්ටීරියෝ ජැක් එක් එක්කම :D ...ඒවගේම තමා 2MP කැමරාව හදිස්සියකට පොටෝ කෑල්ලක් අල්ලන්න කියාපු භාන්ඩය

මේ තියෙන්නේ අල්ලපු පොටෝ කෑලි දෙකක් auto හා daylight mood දෙක තමා පිලිවෙලින් ගහලා තියෙන්නේ අනිත් mood වල ඒ තරම් වෙනසක් නෑ :D



ටච් එකත් නොකියා වලට ආසන්න වෙන්නම තියෙනවා..ඇපල් තරන්නම් නෑ ඉතින් :D

දැන් ඔන්න තියෙන අඩුපාඩු
qwerty යක් තිබ්බට massages 300 ක් විතරයි save කරන්න පුලුවන් ..:( ඒවගෙම contact management අන්තිමයි ඒවගේම අකුරු 52 වඩා තියෙන file name සපෝර්ට් කරන්නෙත් නෑ :( .එවගේම ලොකු ඇගිලි තියෙන අයට මේකේ කීබොර්ඩ් එක use කරන්න ටිකක් අමාරුයි..ආ MP3 player එකේ සින්දු සොර්ට් කරන්න ක්‍රමයකුත් නෑ
:C

මෙන්න  unboxing video එක :D



අන්තිමට කියන්න තියෙන්නේ අඩු මිලට... මෝස්තරකාරී ...ටච්+qwerty පෝන් එකක් ඕනෑනම් ගන්න තියෙන හොදම ෆෝන් එක තමා  Samsung Corby B3410

ෆෝන් එකෙන් හැම වැඩේම කරගන්න අයටනම් මේක හරි යන්නෑ ගාන වැඩි උනත් Nokia E-72 හරි Nokia N=97 එකකට යන්න ඒක තමා Confiuzd ප්‍රෝග්‍රැමර් ගේ උපදෙස :D නමුත් රුපියල් 21500 ඕනවටහ් වඩා වටිනවා මේක :D

14 comments:

KaniRockz said...

Maxxa Maxxa ඒත් මම නම් SE රසිකයෙක් :P

සම්පත් සඳරුවන් said...

එල එල, අපි නම් පොලවේ ගැහුවත් නොකිය තමා...!!! :D

Hasitha ජයසූරිය said...

මේ තියෙන්නෙ බඩු :D කලින් මොඩ්ල් එක කිව්වෙ නෑ නොවැ...ම්ම්ම් දැන් නම් හැහෙන පරිදි බඩු හොදා :D

Hasitha ජයසූරිය said...

වැරදුනා කලින් පෝස්ට් එක දැක්කෙ නෑ නොවැ :(

Anonymous said...

http://www.gsmarena.com/samsung_s3650_corby-reviews-2908.php

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@KaniRockz :D
@සම්පත් අපිත් පොලේ ගහන්නේ නොකියා :D
@Hasitha බඩු හොදා ලස්සනට තියාගන්න ..:p

Ansh Lucky Sri Jay said...

ශහ්, නියමයි නෙ.
:)

සහන් said...

මාත් කාලෙකට කලින් samsung රසිකයෙක් :) ඒත් සැම්සුං වල වැඩි පහසුකම් හොයන්න ගියොත් මාස ගානක් නොකා නොබී ඉන්නයි වෙන්නේ.... :P
(ඒත් ඇපල් වලට වඩා නං වටිනවා මොකද ඒක ඒ ගානට වටින්නෑ)
නමුත් සෝනි එරික්සන් කියන්නේ අඩු මිල වැඩි වැඩ :D ඒ නිසා මම නම් ආයේ සෝනි එරික්සන් එකෙන් මාරු වෙන්නෑ...
නොකියා ගැන නං ඉතිං කියල වැඩක් නෑ.... ඒක හින්ද කියල වැඩක් නෑ.
මේ තියෙන්නේ මගේ ෆෝන් සීන්

Anonymous said...

සහෝදරයා... ගත්ත තැන පොඩ්ඩක් කියමුද ??
මොකද මටත් පොඩි අසාවක් තියෙනවා...

Anonymous said...

kolla IJTS ekada aluth place eka?

Namila said...

ela ...math SE thamai... eth lagadima HTC mobile ekak ganna one ;)

Thusitha Jayasinghe said...

ගත්තෙ කොහෙන්ද???? මටත් ගත්න හිතුන..

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

දැනට දිවයින පුරා තියෙන samsung ප්‍රදර්ශනාගාර වලින් ලබා ගන්න පුලුවන් :D බම්බලපිටියෙ තියෙන එකෙන් තමා මම ගත්තේ

චමියා said...

ඇපල් ගන්න සල්ලි නැති නිසා අපිනම් ඉතින් නොකියා ම තමා. එල එල සහෝ. ලස්සනයි පෝං එක

Post a Comment