7/29/10

police කතා


ඔන්න මම ඊයෙ රෑ වෙලා ගෙදර ආවේ ..ආපු වේගෙන්ම ගෙදරට ඇතුල් වෙන පාරට බයික් එක හැරෙව්වා .ඔන්න තඩි වාහනයක් පාරෙ නවත්තලා ...බරා ස් ස් ස් ස්.... උච්ච සා වලට ටියුන් කරලා තිබ්බ බ්‍රේක් වල පිහිටෙන් ඇන ගන් නැතිව නවත්තා ගත්තා ..මෙන්න බොලේ ඒකේ ගහලා තියෙනවා

අම්මා කිරි ඩැඩාට ඩොග්ස් පැනපි කිව්වලු ..ඔන්න වාහනේ දොර ඇරගෙන බැහැපි දේවදාර කදක් වගේ අපේ OIC මහත්තයා මෙතුමා හරිම ජනප්‍රියයි වේගවත් කම්මුල් ප්‍රහාර ,පා ප්‍රහාර වලට ඒ වගේම තමා දක්ෂ යතුරුපැදි මෝටර්රථ ධාවකයෙක් ,ආ ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවය කිහිප වරක් දිනා ගත්ත දක්ෂ වෙඩික්කරුවෙක් ඒක නිසාම හැමෝම ගාව තියෙන මලකඩ කාපු නේවි රිවොල්වර්ය වෙනුවට තියෙන්නේ චීනයේ නිෂ්පාදිත 9එම් එම් බ්‍රවුනින්ග් එකක් :D

OIC මහත්තයා :කොහෙද තමුසෙ මේ යන්නේ ?
මම :ගෙදර සෑර්
 OIC මහත්තයා :මොකෝ දැන් කොරන්නේ ?
මම : පොඩි ජොබ් එකක් කොරනවා කොලබ ..අන් .. සෑර්
OIC මහත්තයා :(මගේ වැවුනු කොන්ඩය දෙසත් ඇදුම දෙසත් බලා කෝචොක් හිනාවක් කට කොනට ගෙන) හා හා යනවා ..

අම්මේ ඔන්න ඒකෙන් බේරිලා ගෙදර ආවම එතුමා ගැන පොඩි කතා දෙකක් මතක් උනා ..මේවා ලියන්නෙනම් එතුමාට උපහාසයට නෙමේ ..මේවට හිනා යනවද කියලා කියන්නත් බෑ ..ඒත් මට ලියන්න හිතුනා

අංක 1 : ගල් ලිද

ඔන්න මෑන්ස් කෙනෙක් ඉන්නවා මිනිහා ටිකක් අමුතුයි ..ඇවිදිනකොටත් දෙපැත්තට වැනි වැනි ඇවිදින්නේ ..මොකකට හරි උත්තර දෙන්නේ පොල්ලෙන් ගැහුවා වගේ
ඔන්න දවසක් අපේ මෑන්ස් එනවා නාකියාගෙන පාර දිගේ ..නාලා හින්දම ඇස් දෙකත් රතු වෙලා ..වැනි වැනි පාර දිගේ එනවලු ඔය අතරතුරේදි අපේ OIC මහත්තයත් ආවලු ජීප් එකේ පොඩි මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමකට
මේ වැනි වැනි යන ඩයල් එක දැකලා ජිප් එක නවතලා බැහැලා ඇවිත් ඇහුවලු
OIC මහත්තයා :තමුසේ බීලද ?
මෑන්ස්:නෑ .......නාලා
OIC මහත්තයා :කොහෙන්ද?
මෑන්ස්:ගල් ලිදෙන්
OIC මහත්තයා :තොගෙ ... ....පටා ආ ආ ස්(කම්මුල පහරක් මෑන්ස් ජිප් එකේ පස්සේ දොරෙන් ඇතුලට ගිය හැටි තාමත් අරුමයකි)

කොහොම හරි මෑන්ස් එලියට ගත්තේ ගමේ වැඩිහිටි පුද්ගලයෝ කිහිපදෙනෙක් පොලිසියට ගිහින් මිනිහගේ හැසිරීමත් ගල් ලිද කියන්නෙ මොකද්ද කියලත් පැහැදිලි කලාට පස්සේ

(ගල් ලිද කියන්නේ ප්‍රදේශයේ ඇති පොදු ලිදකි ..පිහිටි ගල අල්ලා තවත් ගල් කිහිපයකින් වටකොට බැම්මක් බැද ඇති නිසා ගල් ලිද යයි බොහෝ දෙනා කියති)

ආ අර මෑන්ස් ගෙන් ඊට පස්සේ නෑවෙ කොහෙන්ද කියලා OIC මහත්තයා කිව්ව ... වලට වඩා හොද ... අහගන්න පුලුවන්
------------------------------------------------------------------------------------------------------------------------
අංක 2 : වික්කේ කවුද ?
මේ තවත් මෑන්ස් කෙනෙක් නම වික්‍රමදාස ..ජීවත් වෙන්න කොරන වික්‍රමේ තමා ගෙවල් ගානෙ ගිහින් පොල්කටු එකතු කරන එක හා ඒවා අපේ හොර සුරා ස්කාගාර වලට වැහි කාලෙට විකිනීම..මේ වැඩේට ගම් නියම් ගම් පුරා ඇවිදින හින්දා මිනිහා හරිම ජනප්‍රියි කා අතරත් මිනිහත් ඒක ගැන හරි ආඩම්බරෙන් උන්නේ කවුරුත් මිනිහට කිව්වේ "වික්කේ" කියලා

ඔන්න අපේ OIC මහත්තයා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමකක් සාර්ථකව නිම කරලා කට්ටිය අල්ලගෙන වෙල් එලියේ කමතක බීපු කට්ටියයි ..බීපු ඒවයි තියාගෙන ඉන්වෙස්ටිගේට්මන්ට් පාර කරගෙන යනවා .එතුමාගෙ ගෝල බාලයොත් දාඩිය මුගුරු පෙරාගෙන බලාගෙන ඉන්නවා

OIC මහත්තයා :කවුද වික්කේ ?

කස්ටිය රා බිව් උගුඩුවන් සේ නිහඩය

OIC මහත්තයා :කවුද යකෝ වික්කේ ?

ඔන්න ඔය අතරේ තමා ව්‍යාපාරික කටයුත්තකට ගිය අපේ වික්‍රම සීන් එකට එන්ටර් උනේ ..සෙනග අතරින් මෑත් වුනු මිනිහා කිව්වලු
"මමයි සෑර්"

කියලා
මම ඔතන හිටියේ නෑ කට්ටිය කියපු විදිහට මැරඩෝනා ගේ පාපහර පරයා යන විදිහේ පාපහරක් ලබපු වික්‍රම ගෝල් කනු දෙක මැද්දෙන් පුට්බෝලෙ යනවා වගේ ගිහිල්ලා ජිප් එකේ සීට් එකක් යට පතිත උනාලු

ඇත්තටම වික්‍රම හිතලා තියෙන්නේ අපේ OIC මහත්තයා මිනිහාවම තමා හොයලා තියෙන්නේ කියලා ..නමින්ම කතා කරපු නිසා තමා ඉස්සරහට පැනලා තියෙන්නේ :D

-----------------------------------------------------------------------------------


තවත් කතාවක් මතක් උනා ..OIC මහත්තයා නම් සම්බන්දයක් නෑ ...යාලුවෙකුට සිද්ද වෙච්චි දෙයක් ..
ඔන්න මිනිහා පුටාර් එකෙන් පොලිසිය ඉස්සරහින් යදිදි නොසැලකිලිමත් ලෙස පසුපසට ධාවනය කරපු පොලිස් රියක ගැටිලා තියෙනවා මිනිහා ගෙම්බා පොලේ ගැහුවා වගේ පාරමැද දොයි ..මේක දැකපු පොලිස් මහත්තරු මෑන්ස්ව පොලිසිය ඇතුලට ගෙනිහිල්ලා වාඩි කොරොලා කැඩිච්ච බිදිච තැන් තියෙනවාද කියලා බලලා තියෙනවා ..කොහොම හරි මේ ගාල ගෝට්ටිය ඇහිල ඒ වෙලාවෙ එතන හිටිය S S P කෙනෙකුත්  එතන්ට ඇවිත්..කොහොම හරි යාලුවාව ජීප් එකේ දාගෙන ගෙදරටම ඇරලුවා කියමුකෝ

ඔන්න යාලුවා අපිට උගේ වික්‍රමාන්විත කතාව කියනවා අපිත් කට ඇරගෙන අහගෙන ඉන්නවා...
මචං ඒ වෙලාවෙ උන් සෙට් එක හොදටම බයවෙලා හිටියේ...කොච්චරද කියනවනම් එකෙක් ආවා ඌට යුනිෆොර්ම් එක යට කරගන්නත් අමතක වෙලා ...

:D ඔය කිව්වේ අර S S P ගැන (මීටර් නැති කට්ටිය Senior Superintendent of Police ගෙ යුනිෆෝර්ම් එක දිහා පොඩ්ඩ්ක් බලන්නකෝ )

අම්මෝ අදට ඇති .....හිතේ දුක නැතිවෙන්නම විහිලු කතා ලිව්වා ..හිනා යන්නේ නම් නැතුව ඇති ..මටනම් මේවාට හිනායනවා කදුලු පනිනකම්ම :D :D

12 comments:

දුමී said...

එළ කිරි කතා ටික මළයෝ . . . මගෙත් කට කහනව කහනව වගේ . . . . !

KaniRockz said...

මේ දවස්වල පොලිසියෙන් කැරකෙනව වැඩී තමයි.. එක දවසක් මමත් රෑ 10.30ට විතර ගෙදර යද්දි හෙඩ් ලයිටුත් ගහගෙන වාහනයක් තිබුන. ඒක දිහා බැලුවට පේන්නෙත් නෑ ලයිට් නිසා.. ඒක පාරම ඒ වාහනේ පැත්තෙන් ඒයි ඒයි ගෑව.. මම බැලුව කවුද බොලේ මේ මහ රෑ මට කථා කරන්නෙ කියල.. බැලින්නම් OIC මහත්තයම තමා.. "කොහෙද තමුසෙ මේ යන්නේ ?" ඔය ප්‍රශ්නෙම මගෙනුත් ඇහුවනෙව.. මමත් ඉතින් පොර වගේ ගෙදර යමි කීව.. ඊට පස්සෙ කාගෙදෝ නමක් කියල අදුරනවද කියල ඇහුව ( මට නම මතක නෑ ) සිරාවටම මම දැන ගෙන හිටියෙ නෑ.. ඉතින් මම නැ කීවම ගෙවල් කොහෙද ඇහුව.. මම ඉතින් ඔන්න ඔතනින් චුට්ටක් ඉස්සරහට ගියම තියනව කීව.. ඊ‍ට පස්සෙ තමා යන්න දුන්නෙ.. පේන විදියට මේ දවස් වල ලොකු වැඩක් වගේ නේද :P

පුබුදුවා said...

පට්ට පට්ට.මොනවා වුනත් මට පොලිසිය අල්ලන්නේ නැහැ

පිස්සා පලාමල්ල said...

පට්ට කතා ටික. පොලිසියේ හුඟක් අය රස්නෙ ඔලුවට ගහල ඉන්නේ. මනුස්සයෙකුට කතා කරන්න දන්නෙ නැහනේ.

තමුසේ... ඕයි...

මට නම් ඕකුන් අල්ලනෙම නැහ

Thilina said...

මටත් පොලීසිය නං පෙන්නන්න බෑ :/

හෙළයා said...

:D :D
එළ මචං.

Akiya said...

මචන් එල කතාව... මටත් වෙලාවකට shirt එක යට කරන්න අමතක වෙනවා හික්ස්

Hasitha ජයසූරිය said...

එල කිරි කතානෙ

Kanishka | කණියා said...

හික්ස්.. සිරා කතා ටික :D

Thusitha Jayasinghe said...

එල කිරි

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

අම්මා හුග දවසකින් නේ මම ආවේ කට්ටිය පොලීසියට කැමති වගේ
thank s for comments කිව්වලු :D

Bunny ! said...

හක හක හක මරු කතාසෙට් එක...උබත් මගේ ජාතියෙමයි බකට් පෙරලගත්තොත් එතන පොලිස්ය අනිවා :P

Post a Comment