7/18/10

භීෂණය රජකල සතියක්

හම්මේ මේ සතියනම් ඇත්තටම පුදුම සතියක් තමා ....සතිය මුලම press conference එකක් එක්ක web launch එකක් පටන් ගත්තේම නිදිමැරිල්ලකින් ..........කොහොම හරි ඔන්න අගහරුවාදා (13) තිබ්බයි කියමුකෝ launch එක ..



නිවාඩුත් අනුමත වෙච්චි එකේ මරලා දැම්මා වගේ නිදාගන්නයි හිතාගෙන හිටියේ 
...14 උදේම විතර ගියා අලුත් ඔෆීසියට (ඒක කියන්නත් බැරි උනානේ මම මාරු වුනා අලුත් තැනකට අලුත්ම නෑ ඉතින් ටිකක් පරණයි :D)...


ගිහින් ඉතින් යක්කු නැටුවා වගේ තිබ්බ ඔෆීස් කාමරේ ටිකක් අස්පස් කරලා බම්බා පැත්තේ රවුමකුත් ගහලා...කලින් යන්න කියලා හිතගෙන ඉන්නකොට 4.30 විතර කෝල් එකක් ආවා අලුත් සයිට් එකට නිව්ස් එකක් දාන්න කියලා ..මාත් ඉතින් ටක් ගාලා දාලා ලොවෙත් නැති වෙන්න මාරුවෙන්නම් කියලා ..හිතාගෙන සර්වර් එකට ලොග් උනා ..දෙයියනේ කියලා නිව්ස් එක දාන්න බලනකොට මෙන්න සර්වර් එක ඇතුලේ තියෙන්නෙ එක page එකයි O_o



...මට ඒවෙලාවේ රෙගියුලර් expressions පැන්නා ..@#%$$&**% අතරේ කොහොම කොහොම හරි අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කරලා ..කවුද මේ වැඩේ කෙරුවේ කියලා හොයන්න ගත්තා ..user log එක බලද්දි තමා තේරුනේ මගේ user name password ම තමා use කරලා තියෙන්නේ ...බඩු හරි site 3කටම ගේම දීලා..අයෙත් ආවා කෝල් එකක් වහාම සර්වර් එකෙන් ඉවත් වෙන්න කීවා තියෙන user name password වෙනස් කරලා ..
ඔව්වා කරලා එලියට එනකොට රෑ 9.00 ගෙදර ඇවිල්ලත් මගේ නිර්දෝශී බාවය ඔප්පු කරා ගන්න සාක්ෂී හොයන එක තමා කලේ..15 වෙනිදා සියලුම කරුනු කාරනා විමසලා කන් දෙක ඈත් වෙන්න බැනුනුත් අහගෙන ..සර්වරය යථාතවයට ගන්න මෙහෙයුම පටන් ගත්තා .. කොහොම හරි දවස් දෙකකට පස්සේ 17 උදේ 10 විතර ඔක්කොම යතා තත්වයට පත් උනා

බැකප් කරනයට හා කට්ටියගේ තාක්ෂනික ක්ක්ඩ්ක් එකට පින්සිද්ද වෙන්න වැඩි හානියක් සිද්දවෙලා තිබ්බේ නෑ ..කොහොම හරි මගේ පිලිගැනීමට නම් ලොකු හානියක් සිද්ද වුනා ...

ඔන්න ඉතින කොහොම හරි  15 ,16 දින දෙකේදි chat එක හරහා මට සම්භන්ද වෙන්න උත්සාහ කරලා අසැබි වදන් වලින් සංග්‍ර විදපු අයගෙන් මම සමාව ඉල්ලනවා ...මතක තිබ්බ අයගෙන් නම් මම පුද්ගලිකවම ඔන්න සමාව ඉල්ලුවා ...:D ..ඒවගෙම තත්වය ගැන විමසලා ..මට වචෙනෙකින් හරි උපකාර කරපු අයටත් බොහොම ස්තුතියි

ඔන්න ඔය කෝර්බි එකක් ගත්ත සීන් එකේ පෝස්ට් එක දාන එකත් කල්ගියා ඒකෙන් මේකෙන් ලබන සතියෙ අනිවා දානවා ..එතකන් ඉන්න බැරි අයට කියන්න තියෙන්නේ ..මෝස්තරේට කැමති ..සින්දු අහන්න කදිම ..චූටි ඇගිලි තියෙන ඕනැම කෙනෙකුට ගැලපෙන qwerty phone එකක් තමා samsung corby b3410 කියන්නේ

 ආ කියන්න බැරිඋනා නේ අර site එක තමා http://tinyurl.com/2d6arpf

7 comments:

සම්පත් සඳරුවන් said...

ඔන්න අපි නම් බැන්නේ නෑ හොදේ..
කොහොම හරි යතා තත්වයට පත්වීම ගැන සතුටුයි..!!

Kanishka | කණියා said...

හප්පා.. මේ වගේ දේවල් කරන එවුන්ට හෙන ගහන්න ඕනා.. ඉස්සරහට පරිස්සමින් වැඩ කරන්න.. ජය!

හිඟන්නා said...

කට්ටක් කාලා වගේ , security භාවිතයේදී ටිකක් සැලකිලිමත් වෙන්න එපැයි ... මාත් ඉතින් හොඳ ගු කටු කාලා තියනවා ඔයවගේ .... කොහොමහරි යථා තත්වයට පත්කරගැනිමට හැකිවිම ලොකු දෙයක් ... ඉස්සරහට සැලකිලිමත්ව වැඩකරන්න .... ජය !!

KaniRockz said...

කොහොම හරි යථා තත්වයට පත් වෙච්ච එක ගැනනම් සතුටුයි! ඕක කරපු කෙනා හොයා ගන්න බැරිද?

Ansh Lucky Sri Jay said...

යථා තත්වයට පත් වෙච්ච එක ගැනනම් සතුටුයි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
:)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කට්ටියටම thankx
කවුද හිතුවේ අඟේ ඉදන් කණ කන උන් ඉදී කියලා ..මටම ගේම් දෙන්න :D

අනුෂ්කා කුමාරි said...

Confiuzd මල්ලියෙ......
ඔකට තමා කියන්නේ තමන්ගෙ පරිස්සම ගැන හිතන්න ඔන කියලා...
කොහොම හරි කමක් නැහැ ඔයා ‍බේරුන එකම ලොකු දෙයක්....
මිට පස්සේ, ඔය යාලුවො කියන මාරයින්ව වැඩිය විස්වාස කරන්න එපා....

Post a Comment