6/1/10

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු
අද මම කියලා දෙන්න යන්නෙ JAVA Program එකක් කොහොමද Windows service එකක් විදියට run කර ගන්නෙ කියලා.

මේක හුගක්ම වැදගත් වෙන්නෙ තමන්ගෙම කියලා severs හදාගත අයටයි :) ඒ වගෙම අපගේ සුප්‍රසිද්ධ JDownloader ඒවගෙම වීදුරු මාලුවා(Glass fish) V3 අඩු සංස්කරන Windows service ලෙස run කරගන්නත් මේක වැදගත් වෙනවා .

ඉතින් මොකටද වැඩි කතා පටන් ගම්මුකො වැඩේ



අවශ්‍ය කරන දේවල්:

Java Service Wrapper මෘදුකාංගය ලැබෙන්නෙ .zip හෝ tar.gz පැකේජයක් විදියට .ඉතින් මේ file එක පහසු තැනකට දිග ඇරගන්න

ඊට පස්සෙ ඔයගොල්ලො service 1කක් විදියට run කරන්න හදන .jar file එක එහෙමත් නැත්නම් application  එක Java Service Wrapper හි bin folder එක තුලට copy කරගන්න

Java Service Wrapper හි conf folder ය තුල ඇති wrapper.conf file එක note pad මගින් open කරගන්න

wrapper.java.mainclass හි අගය org.tanukisoftware.wrapper.WrapperSimpleApp ලෙස ලබා දෙන්න

wrapper.java.classpath.1=../lib/wrappertest.jar
wrapper.java.classpath.2=../lib/wrapper.jar

පසුව
wrapper.java.classpath.3=<ඔබගේ .jar file එක> ලබා දෙන්න
උදා :-
wrapper.java.classpath.3=TimeStampSever.jar


wrapper.app.parameter.1 අගය ඔබගේ .jar file එකේ main method එක අඩංගු class එක ලබා දෙන්න

උදා :-
wrapper.app.parameter.1=timestampsever.Main


wrapper.name=<ඔබගේ Service  එකේ නම>
wrapper.displayname=<ඔබගේ Service  එකේ ප්‍රදර්ශනය කලයුතු නම>
wrapper.description=<ඔබගේ Service  ගැන කෙටි විස්තරයක්>

 දැන් wrapper.conf file එක save කරගන්න


ඉන් පසුව bin folder ය තුල ඇති

InstallTestWrapper-NT.bat මගින් එය Windows service එකක් ලෙස ලබා ගත හැක
UninstallTestWrapper-NT.bat මගින් එය එය ඉවත් කිරීම කල හැකිය

3 comments:

Kaniskha Dilshan said...

එල, මේක ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි. තාම මට java program එකක් service එකක් විධියට run ක‍රන්න ඕන වෙලා නෑ. ඒත් මේක ඉස්ස‍රහට ඕන වෙයි. Confiuzd ප්‍රෝග්‍රැමර් අයියාට බොහොම ස්තුතියි අපිත් සමග දැණුම බෙදාගත්තට.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@Kaniskha :j2EE හරි j2SE networking program හදනවානම් අනිවාර්යෙන්ම ඕනෑ වෙයි :D
කොමෙන්ටුවට ස්තුතියි

Malith said...

මම නම් java වගේම ප්‍රෝග්‍රැමිං වලටත් අලුත් පොඩ්ඩක් කියල දෙනවද මොකද්ද මෙ service විදියට run කරන එකෙ උවමනව Jdownloader එක වගෙ එකක් උදාහරනෙට අරගෙන කියන්න පුලුවන්ද , මේකෙ Windows NT කියල කිව්වෙ Windows NT operating system එකද නැත්නම් windows OS එක්ක එන දෙයක්ද

Post a Comment