6/2/10

පළවෙනි E-bay ගණුදෙනුව !!!

ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් කොලුවත් සම්පත් වෙබ් කාඩ් එකක් අරන් එහෙම සෙට් උනානේ online transactions කරන්න :D

ඔන්න ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර් ඉස්සෙල්ලාම E-bay එකෙන් ගත්ත අයිටම් එක අද ගෙදරට ඇවිල්ලා ..ඔපීසිය ඇරිලා ගෙදර යනකොට මෙන්න තියෙනවා පාර්සලයක් ...වැඩි හොදට ගෙදර කට්ටියත් කඩලා බිදලා නෑ

වැඩිය මුකුත් නෙමේ ලෙදර් පර්ස් එකක් තමා ගෙන්නුවේ ...පවුම් 3.99 උණා ..ඩොලර් නම් 7 ක් විතර ... කොහොම හරි හරියටම සතියකින් ආවා ....එන්ගලන්තෙන්නේ ගෙන්නුවේ ....

ඔන්න ඉතින් මේ දවස් වල මූඩ් ගහලා ඉන්න Confiuzd ප්‍රෝග්‍රැමර්ට ටිකක් හරි සතුටුයි ගිහින් E-bay එකේ positive feedback එකකුත් දැම්මා ..දාල තමා මේ පැත්තට ගොඩ උනේ



පොඩි ඇඩ් එකකුත් තියෙනවා
 
ඔන්න හෙට උදේ 9 30 විතර බත්තරමුල්ලෙ බුද්දදාස ග්‍රවුන්ඩ් එක පැත්තේ ආවොතින් ප්‍රෝග්‍රැමර්ලා ,වෙන්ඩ ප්‍රෝග්‍රැමර්ලා,ටෙකී ලා ,කට්ටියම එකතු වෙලා 6 සයිඩ් මැච් ගහනවා බලන්න පුලුවන්



ලග පාත ඉන්න අය ඇවිල්ලා පොඩි සප් එක්ක් දෙන්නකෝ

15 comments:

හසිත ජයසූරිය said...

අයියත් මරු බඩුවක්නෙ හා හා පුරා කියල ගෙනත් තියෙන්නෙ...බලන් ගියාම ඒකත් නරක නෑ නොවැ ;) :D:D

Anonymous said...

පිටකොටුවෙන් ගත්තානම් රු:100 විතර ගන්න තිබ්බා. හික්ස් :P

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හසිත :ඉලෙක්ට්‍රොනික් බඩු අනිත් අය ගෙන්නලා තියෙනවානෙ ...ටැස්ට් කරලා බලන්න තමා එන්ගලන්තෙන් ගෙනාවෙ :D.අනික කාඩ් එක දාන්න හොද පර්ස් 1කකුත් එපෑ ලොල්


@Anonymous : කොහෙද උබලාගෙ මහරජා පිටකොටුවෙ 100 ගන්න ප්ලේස් ටික වහලා දැම්මානේ ...ලොල්

Kanishka | කණියා said...

සැහ්.. මාත් ගත්තා සෙලාන් ඩෙබිට් කාඩ් එකක්. මොනවා හරි ගන්න ඕනා.. පර්ස් එක නම් එල වගේ. වැඩේ කියන්නෙ පර්ස් එකට වඩා වියදම ෂිපින් වලටනේ :(

Bunny ! said...

මරු වැඩේ...ඔන්න එහෙනම් කොල්ලට පර්ස් එක පිරෙන්න සල්ලි ලැබෙන්න කියලා ප්‍රර්ථනා කොරනවා :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා:ෂිපින් cost එක කොහොමත් 10$ වලට අඩු ඒවට තියෙනවාමයි 40$- 100$ ඒවටනම් ෂිපින් free මම හිතන්නේ ෂිපින් cost එකත අර ගානටම එකතු කරලද කොහෙද :D;තව අයිටම් 1කක් ගත්තා ආවම කියන්නම් කෝ

@Bunny:පර්ස් එක පිරෙන්න සල්ලි ලැබෙන්න ලැබෙයි පිනට ප්‍රොජෙක්ට් කලාම ලොල් (විහිලුවක් හොදේ)තැන්කූ වේවා !

ප්‍රබෝද මදුශාන් said...

එහෙම එකකුත් නෑ මම දන්න විදියට නම්.. මම Bluetooth dongle එකක් ගෙන්නුවා $2.3 ක.. ඒකත් Free shipping.. :P උන් මුද්දර අලවලා තිබුනා ඒකට $7 ක් විතර.. ලොල්.

Anonymous said...

mokakda e buy ekata yana eddress eka

දුකා said...

නියමයි නේ . .

අනේ බන් මටත් ඔය E Bay එකෙන් බඩු මුට්ටු ගනන් ආසයි ඒත් බයයි ක්‍රෙඩිට් කාඩ් එක වැරදියට Use කරයි කියලා.

මම කප් රුකෙන් විතරයි කාඩ් එකේන් අන්තර්ජාලේ හරහා බඩු අරගෙන ලංකාවට යවලා තියෙන්නේ . .

හිඟන්නා said...

හි හී මටත් e-bay පාරක් දෙන්න හිතයි !!!!

Ishar said...

මමත් HSDPA dongle එකක් ගන්න search පාරක් ebay එකේ දැම්මා. මෙහෙන් ගන්න එක ලාබයි වගේ !ර්‍

BEAUTIFUL SRI LANKA said...

ලින්ක් එක දුන්නනම් අපටත් බලන්න තිබ්බ හොදද කියල, හොදම ලෙදර්ද

පිස්සා පලාමල්ල said...

මමත් ඊ බේ එකෙන් අරන් වගේම විකුනලත් තියෙනවා....

දුකා අයියා : එහෙම කරන්නේ නැහ... ඒත් ඉතින් මමත් ක්‍රෙඩිට් කාර්ඩ් එකින් බඩු ගන්නේ නැහ ඒකෙන්. පේ පැල් පාවිච්චි කරානම් පරිස්සම්.

කzZz ගුණසේකර said...

@පිස්සා පලාමල්ල.. මචන් ලංකාවෙ PayPal Credit Receiving Support කරන්නෙ නෑනෙ.. උඹ කොහොමද විකුණුවේ..?? මාත් ට්‍රයි කරල බලල වැඩේ අතෑරල දැම්ම..

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ප්‍රබෝද :අනේ මන්දා සිංගප්පූරුවෙන් ෂිපින් කරන ඕනෑම දෙයක් free වගේ
@දුකා :හැමදාම ආසයි බයයි බෑ නෙ කොරලම බලන්න වෙනවා දවසක,paypal හින්දා බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ
@හිඟන්නා: කොරමු කොරමු බඩු ලාබයි වගේ
@Ishar : :D
@BSL:මේක එලකිරි ලෙදර් ...
@පිස්සා:ඔය ඉන්නේ ඇසූ පිරූ කස්ටිය :D

Post a Comment