6/27/10

Assembly පාඩම 14

Assembly හා software cracking



Software cracking කියන්නේ මොකක්ද?
Software cracking කියන්නේ Software එකක ඇති copy protection, trial/demo version, serial number, hardware key, date checks, CD check වගේ protection method එකක් හෝ වැඩි ගනනක් ඉවත් කිරීමයි
මෙවැනි protection methods වැඩිපුර භාවිතාවෙන්නේ commercial Software වලයි ,මේක නීතිවිරෝධී කටයුත්තක් වගේම හරිම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ කටයුත්තක්..අද මම කියන්න යන්නේ cracking වලට අත් පොත් තැබීමක් ..ඒ වගේම තමා හුගක් cracking teams වලට n00bs ලා බදවාගනිද්දී ලබා දෙන මූලික ගැටලුවක් වන logical bypassing කියන ක්‍රමය


logical bypassing 

logical bypassing කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන තර්කයක් ඒ කියන්නේ මේක මෙහෙමනම් අරෙහෙම කරන්න
if(x==0){
 doNothing();
}else{
   doSomething(); 
}
වගේ සීන් වලට
 මෙතෙන්දි අපිට උවමනා වෙනවා x =0 අවස්ථාවෙදිත් doSomething(); කියන එක  කරා ගන්න ..මේක කරන්න මෙතනදි තියෙන්නේ එකම එක ක්‍රමය නමුත් මේ කෝඩ් කෑල්ල මම Assembly වලට හරවලා පෙන්නනම්
MOV cf,exa
JMP  doNothing 
:doSomething
 //logics
:doNothing 
//logics
ඔන්න දැන් මෙන්න මේ අවස්ථා වෙදි තමා JMP  doNothing ඒ කියන්නේ CF හි අගය  0 සමාන උනාම doNothing කියන Label එකට යනවා අපිට මෙතනදි JMP  doNothing එක වෙනුවට JMP  doSomething කියලා ඇතුල් කරා ගන්න පුලුවන්නම් අපේ වැඩේ හරි

කොහොමද මේ වැඩේ කරන්නේ ?


ඔන්න ඕක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා ...Commercial Software අපිට සොර්ස් කෝඩ් එක බලන්න දෙන්නෙත් නෑනෙ ...එකම විසදුමයි තියෙන්නේ ඒ තමා ඩීබගර් debugger එක මේ කෙන් අපිට execute වෙන ප්‍රෝග්‍රෑම් එකක CPU Instruction ටික බලන්න පුලුවන් ..ඒවගෙම තමා string tables ,memory allocation වගේ දේවලුත් බලා ගන්න පුලුවන් 
මම හුගක් වෙලාවට භාවිතා කරන debugger "OllyDbg " කියන්නේ හරිම lightweight මෙතනින් බාගන්න පුලුවන්
මේ තියෙන්නේ ඒකෙ රෑපයක

දැන් අපි නිකමට වගේ notepad එක debugger එකට ලෝඩ් කරලා බලමු
කරන්න තියෙන්නේ F3 එබුවා එතනින notepad තියෙන තැන .....(අයියෝ මම මේවා ලියන්න ඕනෙ නෑනේ)
මෙන්න තියෙනවා බලන්නකෝ ලේසි පාසු Instruction පේලි ගානක්ද තියෙන්නේ O_o



..මෙච්චර lines ගානක JMP doNothing වගේ එක පේලියක් හොයා ගන්න එක හිතන්නවත් පුලුවන්ද ????? ...කොහොද ඔය තඩි ගේම් එකක exe එකක් ඔය වගේ දෙයක් කරන එක ...ලේසි වැඩක් නෙවේ ..නමුත් ඒක කරලා තියෙනවානේ
මෙතනදි තමා cracker කෙනෙක් සාමාන්‍ය coder කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ..ඔය උඩ තියෙන නිල් පාට play button එක ක්ලික් කරලා බලන්න ප්‍රෝග්‍රැම් එක රන් කරන්න පුලුවන් ඔතනිදිනම් නිකම්ම නෝට් පෑඩ් එක open වේවි

මෙතන ඉදලා මට crack කරන එක උගන්න බෑ ...මග පෙන්වීම විතරයි කරන්න පුලුවන් ....ඔන්න පොඩි උපදෙස් ටිකක් දෙන්නම්

  • ඉස්සල්ලම ඉවත කරන්න ඕනෙ protection එක පිලිබද දල අවබෝධයක් ගන්න ...ඒක ඉවත්නොකර තියෙද්දි දෙන error message ගැන බලන්න
  • error message එක referenced strings වල තියෙනවාද කියලා බලන්න ..තියෙනවා නම් ඒකෙන් අපිට අවශ්‍ය කෝඩ් එක හොයා ගන්න ලෙසියෙන් පුලුවන්
  • එහෙම නැත්නම් ප්‍රෝග්‍රැම් එක නැවතුනු වෙලාවෙදි execute වුන  Instruction ටික බලන්න ..එතනදිත් ලොජික් එක හොයා ගන්න පුලුවන්
  • අවසාන වශ්‍යයෙන් වාසනාව උර ගාන්නත් එක්ක ඔක්කොම JMP JNZ JM SHORT commands ටික බලන්න ...හුගක් වෙලාවට උඩම තමා protection එකට අදාල කෝඩ් තියෙන්නේ ..කල් යන වැඩක් but හරියන්න තියෙන අවස්ථාව වැඩියි
  • ඔය එකක්වත් හරියන්නැත්නම් ඒ ප්‍රෝග්‍රැම් එක logical bypassing කරන්න බෑ ..දැනට අත ඇරලා දාලා වෙන ප්‍රෝග්‍රැම් එකක් හොයා ගන්න :D 
  • ඉස්සෙල්ලාම වැඩිය ලොකු නැති ජනප්‍රිය නැති ප්‍රෝග්‍රැම් එකක් තෝරා ගන්න .....ඒවා ක්‍රැක් කරන්න ලේසියි ....ඉස්සෙල්ලම තඩි ඒවා ක්‍රැක් කරන්න ගිහින් බැරි උනොත් ක්‍රැක් කරන්න තියෙන් ආසාවත් නැතිවෙන්න පුලුවන්

ඔන්න කටියගෙම බය නැති වෙන්නඑක්ක මම එකක් ක්‍රැක් කරලා පෙන්නනවා mobiola webcam තමා ක්‍රැක් කරන්නේ hardware  protection එකක් තමා අයින් කරලා දාන්නේ




ආසයි ද ? කැමත්තක් හිතුනු කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ දැම්මම වැඩ පටන් ගන්න කියලා ....කැමැත්තක් හිතුන් නැතිකට්ටියට කියන්න තියෙන්නේ ....:D ජීවිතේ කවදාවත් Reverse engineering කරන්න බෑ ...

29 comments:

Kanishka | කණියා said...

සැහ්.. මේක නං සිරා.. කොල්ලා හිතුවට වඩා වැඩ කාරයෙක් නෙව :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

දන්නවනේ කොල්ලට අනාගන්නැතිව කරන්න බැරි එකවැඩයි ...;) ඒකත් තිබ්බනම් ඉතින් පුල් ඔප්ෂන් ..බලමු බලමු Practice Makes You Perfect කියලා බණ පොතක කියලා තිබ්බලුනේ :D

H. A. Niraj Yasitha said...

වැඩේ නම් පහර කොල්ලෝ !!

KaniRockz said...

:O සිරා වැඩේ මමත් ට්‍රයි එකක් දීල බලන්න ඕන :P වැඩේ ගොඩ ගියොත් මත් වීඩියෝ එකක් දාන්නම්කො :)

මල්$han said...

අෆ්ෆා මාත් මේ දවස් වල හොය හොය හිටපු දෙයක් තමා....එල එල...පිත්තු කොල්ලෙක් නේ...බයි ද වේ යුස්ෆුල් සටහනක් මචෝ.. :)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

අම්මා හිතුවට වඩා වැඩේ නැගලා යනවනේ ...ලංකාවෙනුත් ලගදිම crack release කරන්න පුලුවන් වෙයි වගේ ලගදිම :D

පොඩි මෑන් said...

එල එල
ඉතුරුටිකත් ඕනේ. :)

ගයාන් චතුරංග said...

ආර්ටිකල් එකනම් මරේ මරු.එක්සෑම් ඉවර උන ගමන්ම මමත් සෙට් වෙනවා

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@පොඩි මෑන් :දෙන්නම් දෙන්නම් ..ලඟදිම ..

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ගයාන් : එල එල හදිස්සියක් නෑ ..හිමින් කරමු :D

Sajith Tharaka said...

ගින්දර :x :x :x මාත් ට්‍රයි කරන්න ඕන..

Akiya said...

මාත් කාලයක් කරන්න හැදුව දෙයක් ඒත් බැරි උනා . දැන් නම් ආයෙත් පටන් ගන්න හිතෙනවා....තැන්කු වේවා.........

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ Sajith & Akiya එල එල ..ට්‍රයි කරමු ...

Sanj said...

පට්ට මචෝ.... නිවී හැනහිල්ලේ බලලා ආයෙ කොමෙන්ටුවක් දාන්නම්කෝ

Bunny ! said...

යකෝ මරුනෙ බන්... මේ ගුරු මුට්ටියද මොකක්ද එක නැතිව ඉතිරිටිකත් දාහන් ගුටි නොකා :P :-D

මදුරඈස්ඒල්1@ said...

එළ එළ පට්ට වැඩේ....... ඔහොම යන් සහෝ.....
ට්‍රයී එකක් දීලම කොමෙන්ටුවක් දාන්නම්කෝ.......

සම්පත් සඳරුවන් said...

ඔහ්.. පිස්සු ආ.. බලමු ට්‍රයි එකක් දාලා..

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@Sanj : එල එල තැන්කූ වේවා!
@බනියා :පොස් අයට මේවා අකැපයි නොවැ ;D
@මදුරඈස්ඒල්1 :තැන්කූ වේවා!
@සම්පත් :එල ට්‍රයි කරමු !:D

තීර්ථ යාත්‍රිකයා said...

වොන්ඩර්පුල් වොන්ඩර්පුල්
මට පේන හැටියට නං ප්‍රෝග්‍රැමර් කන්ෆියුස් වෙලා තියෙන්නේ පස්සට කරන ඉන්ජිනේරු කර්මාන්තෙම කරලද කොහෙද. (ගොඩක් සිනා)
සෝක් ලිපිය. මමත් ආසාවෙන් කියෙව්වා.
වීඩියෝ එක නං පස්සෙ තමයි බලන්න වෙන්නේ.
(මොබිටෙල් මමලත් එක්ක බෑ නොවැ)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ප්‍රෝග්‍රැමර් කන්ෆියුස් වුනේ වැරදි කොම්පයිලර් එකකින් මොංගල් වුණු source කෝඩ් එක කොම්පයිල් කරන්න ගිහින් ..දැන් ඉතින් දත කාගෙන ට්‍රයි එක දෙනවා පස්සට කරන ඉන්ජිනේරු කර්මාන්තෙන් වැඩේ ගොඩ දාගන්න ...ඒත් එතින් තාම ගැලපෙන ඩීබගර් එකක් හම්බ උනේ නෑනේ ..දැන් තියන ඒවා ඔක්කොම වෙන අය use කරනලුනේ ..

හිඟන්නා said...

නරකද මම අහන්නේ cracking කොම්පැනිඅයක් දැම්මානම් , මමත් දෙන්නම්කෝ ෆුල් සප් එක , කාලයක් මටත් ඕක ගහලා තිබ්බා , මේ දවස් වල මට ඔලුවට ගහලා තියන්නේ ගේම් හැදිල්ල නොවැ . එල එල ඔහොම යං , ලංකාවෙනුත් crackers බිහිවුණාම කාටද ආඩම්බර !!!! :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හිඟන්නා :පටන් ගමුකෝ ...:D

Anonymous said...

Crack this if u can.

http://www.midiillustrator.com/download/MidiIllustratorSetup.exe

i can make reasonable payment.
searchbandu22@gmail.com

මෝල්ඩර් ෆයිල්ස් said...

ayyandi mama ada tama mae post eka kiyewwe patta ah

RAT said...

Loweth nahane thnx a lot lokkaa

Maal Asanka said...

අයියේ එල ඈ.. දිගටම කරගෙන යන්න. මම දිගටම කියවනවා.

prabath chathuranga said...

niyamai sahodharaya... Matath mewa gana hodha amaruwak thiyenawa.podi podi sellan ehemath dhamma.eth dan computer ekak na.mobil eken thamai sit eka baluwe.godak hodhai...
www.facebook.com/pdappi
man methana innawa..

Anonymous said...

අඩේ ඩඩ් ඩඩ් ඩා.... මම අදනේ බන් මේ සයිට් එක දැක්කෙ... උඔ සුපිරි පොරක් නේ බන්.... පුලුවන් නං ලියහන්කෝ ඇසෙම්බිලි වලින් මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රැමින් පාඩම් ටිකක්...ඔය දරුණුවටම යන හාඩ්වෙයා ප්‍රෝග්‍රැමින් පාඩම් ටිකක්....

Anonymous said...

උබල හිතන්නෙ ලංකාවෙ reverse engineerලා නෑ කියලද? ඇයි මම ඉන්නෙ....
මම දැනට සොෆ්ට් ගොඩක් ක්‍රැක් කරල තියෙනව.මෙන්න මාත් පටන් ගත්ත බ්ලොග් එකක් slreversetut.blogspot.com මාත් හෙව්වෙ මේ ගැන ටිකක් හරි දන්න කෙනෙක්....මොකද කියන්නෙ සෙට් වෙමුද (cofused programmer) ?

Post a Comment