5/7/10

mega අච්චාරු

මාස දෙකක් ගෙවිලා ගියා ...අන්තිම අච්චාරුවෙන් පස්සේ...
ඉතින් මේ මාස දෙකට හැපනින් දෙයක් නම් සිද්ද වුනේම නෑ....හැම දවසම හරියට while loop එකවගේ හරියටම execute වුනා ..




ඉදලා හිටලා ඔන්න ටිකක හරි out of order වැඩ වෙච්චි දවස් දෙකක් තුනක් තිබ්බා
.:පඩි නඩි නාඩගම්:.
සෑහෙන කාලෙකට පස්සේ දැනෙන්නම අවුරුද්ද කෑවා...හැබැයි මාසෙ අන්තිමට පඩිය අතට ලැබුනාම තමා හොදටම දැනුනේ :D
 -=[..!..]=-
.:තේ එකක්බොමුද?:.


කොහොමින් හරි මේ අවුරුද්දේ ගෙවල් ගානේ ගිහින් තේ බොන කෝස් එක නම් කට් කරා ගන්න පුලුවන් උනා :D
 -=[..!..]=-
.:පැපරාසි කෙල්ලෝ:.


ආ අවුරුද්දට කලින් කෝච්චියේ යන අතරතුර පොඩි පොටෝ ෂූට් එකකටත් හිටියා (කොල්ලා ඉතින් ඇහැට නැතත් කනට වත් පේන එකා නේ) පොටෝ ගත්ත බවලත්තු දෙන්නට (නෑ අනේ පොඩි ගැටිස්සියො දෙන්නෙක්) කියන්නේ පොටෝ ටික මටත් ලැබෙන්න සලස්වනවනම් හොදයි :p
-=[..!..]=-

.:රැකියාව:.

ඊට පස්සේ ඔන්න හා හා පුරා කියලා වැඩට ගියා ඒ එක්කම පොඩි අවුරුදු උත්සවයකුත් තිබ්බා
-=[..!..]=-

.:මැරතන්:.

ඔය අස්සේ කොහොමින් කොහොමින් හරි මැරතනුත් දිව්වා කියමුකෝ ...පැය හයයි දිව්වේ ..වතුර ටිකකුත් වැදුනා ..අන්තිමට මැරතන් දිවිල්ල පැත්තක තියලා කොට්ට පොරයකුත් බලලා නිදාගත්තා

(ඒ අස්සේ මගෙ යාලුවෙකුත් සිංහල බ්ලොග් කරනයට පිවිසුනා)
-=[..!..]=-

.:හොඳ හිත:.




කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත project ගොඩ දැමීමත් මේ පහුගිය කාලෙ ජයටම කලා,,ඒවා කරලා අන්තිමට නරක නාමෙකුත් ගන්න තැනකට පත් වෙන්නත් සිද්ධ වුනා (ඔහොම තමා අස්ථීර වූ ස්ත්‍රී චිත්තය :D)
කට්ටිය බය වෙන්න එපා මොන බාධක ආවත් Confiuzd ප්‍රෝග්‍රැමර් සමාජ සේවයේ යෙදෙන එක නවත්තන් නෑ ඒ නිසා ඔබගේ සියලු කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත java project මා වෙත යොමුකරන්න (සාධාරන මුදලකුත් එක්ක හොදේ :D)

.:මේ දවස් වල:.

මේ දවස් වල නම් ඩොමේන් කතාවයි ,කතා කරන ගෙබි කුමාරිගෙ කතාවයි තමා හැම තිස්සෙමෙ මතක් වෙන්නේ

අතුරු කතා වාරේදිනම් ඉතින තව තව කථා යනවලු...........වැදගත් ඒවා නම් වැඩිය නෑ ....ආ තව smampath web card එකටත් ඇප්ලයි කලා ආවාම තමා ඒ ගැන කියන්න වෙන්නේ

මැරතන් එකේදි ලියන්න පටන් ගත්ත පබ්ලිස් කරන්න බැරි වෙච්ච පෝස්ට් කොට ටිකකුත් තියෙනවා ..ඒවා වලින් හොද ඒවා දෙක තුනක් තෝරලා සම්පූර්න කරලා දාන්නත් ඕනෑ :D

මේ ඔක්කොම හුට පට අස්සේ පූස්තඩියා සමඟ JSP  කියලා අලුත් පාඩම් මාලාවකුත් පටන් ගත්තා කට්ටියම එකත් එක්කත් අත්වැල් බැද ගනී කියලා හිතනවා
 
අදට ඇති ....පූස්තඩියා සමඟ JSP  එක්ක ආයෙ හමුවෙමු :D

--Confiuzd ප්‍රෝග්‍රැමර්

0 comments:

Post a Comment