5/7/10

පූස්තඩියා සමඟ JSP -1:තඩී පූසා ගැන (tomcat)

ඔන්න කට්ටිය බලාගෙන හිටිය ඒ මොහොත උදාවුනා:D

දැන් නිළවශ්‍යයෙන් අපේ JSP පන්තිය පටන් ගත්තා....කෝ මේ ලමයි ඔක්කොම ඉන්නවද ?

නටන්න කලින් පොළොව ගැන බලමූ..........!

කට්ටිය මේ වෙනකොට JDK එක හා Tomcat ස්ථාපනය කරගෙන ඇති  කියලා හිතනවා




මුලින්ම අපි tomcat ගැන ටිකක් බලමු

tomcat රන් කිරීම සදහා මුලින්ම

start > All Programs > Apache Tomcat 6.0 > Monitor Tomcat තෝරා ගන්න

එවිට පහත දැක්වෙන ආකාරයේ අයිකනයක් notification බාරයට එකතු වේවි


එය මත ඩබල් click කිරීමෙන්  මෙවන් ජනේලයක් දැක ගන්න පුලුවන්


Tomcat සර්වරය start කිරීම
මෙහි දැක්වෙන start බොත්තම මත click කිරීමෙන් Tomcat සර්වරය start කිරීම සිදුවේ එවිට notification බාරයේ අයිකනය මෙලෙස වෙනස් වනු ඇත


Tomcat සර්වරය stop කිරීම
මේ සදහා බාවිතා වෙන්නේ stop බොත්තමයි

වැදගත්:-
මම මින් ඉදිරියට "සර්වරය Restart කරන්න" යන්නේන් අදහස් කරන්නේ සර්වරය stop කර නැවත start කිරීමයි

Tomcat නිවස්න පිටුව (home page එක)
මෙය ලබා ගැනීම සදහා ඔබගේ වෙබ් ගවේශකයේ address බාරය තුල
http://127.0.0.1:8080/
යන්න ඇතුලත් කරන්න


CATALINA HOME (කැතලිනා ගේ නිවස)
කැතලිනා ගේ නිවස එහෙමත් නැත්නම් $CATALINA_HOME කියන්නේ අපි Tomcat ස්ථාපනය කල මූල(ROOT) ඩිරෙක්ටරියයි මෙය ඉතා වැදගත් ස්ථානයක්
මෙහි  ඩිරෙක්ටරි ආකෘතිය ගත්තොත්


├───bin -- සියලු විධානීය ගොනු රැදවූ ස්ථානය
├───conf  -- සියලු සැකසුම් ගොනු රැදවූ ස්ථානය
│   └───Catalina
│       └───localhost
├───lib -- සියලු run-time libraries මෙහි අඩංගු කර ඇත  
├───logs  --සර්වර් ලොග් files තබා ගන්නා ස්ථානය
├───temp   --තාවකාලික ගොනු තබා ගන්නා ස්ථානය
├───webapps --අපගේ JSP සහිත webapps තබා ගන්නා ස්ථානය
│   ├───docs
│   │           
│   ├───host-manager
│   │      
│   ├───manager
│   │      
│   └───ROOT
│       
└───work
    └───Catalina
        └───localhost
            ├───docs
            ├───host-manager
            ├───manager
            └───_



දැනට අපි අපේ පන්තියෙ වැඩ සදහා webapps folder එක තුල "JSPClass" කියලා  folder 1කක් හදා ගම්මු

ඒ හදා ගත්තු folderඑකේ Short cut එකක් Desktop එකට දාගන්නත අමතක කරන්න එපා :D

ලබන සතියෙ අපි JSP webapp එකක ඩිරෙක්ටරි ආකෘතිය හා web.xml ගැන කතා කරමු

7 comments:

'සුළඟ' said...

මම නම් පන්තියට ආවා...

ඒත් පොඩි අවුලක් වුනා... මම ඔරැකල් දාල තියෙන නිසා රූට් එකට යන එක පොඩ්ඩක් අවුල් වුනා.. ඔරැකල් ස්ටොප් කරල බැලුවත් හරි ගියෙ නෑ..


ඒකට හේතුව දන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න... සර් ;D

'සුළඟ' said...

ම් හරි හරි වැඩේ ගොඩ...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

මේ ගැන පොඩ්ඩක් බලන්න
tomcat server එක නියමිත පරිදි start වෙනවාද?
127.0.0.1:8080 ගිහාම එන්නේ මරකල් සම්බන්ද දෙයක්ද?

'සුළඟ' said...

sever eka start wenawa.

dan probel ekak nea...

සිංහයා... said...

නොමිලේ ‍දැනුම බෙදා ගැනීම ඉතාම හොඳ වැඩක් සුභ පතනව දිගටම කරගෙන යන්න :)

Chamika Godagedara said...

ඔයා දන්නවනේ.. මට JSP පුලුවන්..(ලොල්) ඒත් මේකනම් නියමයි

Sajith Tharaka said...

එළ කිරි. ඔන්න මම අද වැඩේ පටන් ගත්ත JSP පාඩම කියවල වැඩත් කරල බලන්න... වැ‍ඩේ හරි. Install කර‍ ගත්ත...

Post a Comment