4/24/10

සයි-හැකිං || psi-hacking


අළු තොප්පිකාරයො (Gray Hat) අතර භාවිතා වෙන අළුත්ම password Cracking ක්‍රමය තමා psi-hacking
මේකෙ ක්‍රමවේදය තමා සමාජ-ජාල,සංවාද මණ්ඩප වලට ඇවිල්ලා ගොදුරු කරගන්න ඕනෑ පුද්ගලයා  කතා කරන ඒවා ,post කරන ඒවා බලලා ඒ පුද්ගලයාගේ රුචි අරුචි කම් තෝරා ගෙන ,ඒ හරහා එම පුද්ගලයා භාවිතා කිරිමට පුලුවන් මුරවචන ,ආරක්ශක ක්‍රම හොයාගැනීම
මේක මනෝවිද්‍යාවටත් සම්බන්දයි.මොකද 80% දෙනා භාවිතා කරන මුරවචන තමන්ගෙ පුද්ගලික ජීවිතයට සම්බන්ද නියා
මෙහි ඉතා පැතිරුනු අවදානමක් නෑ කියලා හුගක් අය කීවත් අවදානමක් තියෙනවා ,දැනට මේ ක්‍රමය අළු තොප්පිකාරයො යොදාගන්නේ Directory brutal force ක්‍රමයේදි යොදා ගන්නා word list එක කෙටි කිරීමට.නමුත් ඉදිරියට ඔවුන් ක්‍රමයක් සොයාගනීවි කෙලින්ම මුරවචනය සොයා ගන්න.අළු තොප්පිකාරයො පවසන විදිහට මෙය 65% ම සාර්ථක ක්‍රමයක් ලු ඒ වගේම Directory brutal force දි වැයවෙන කාලය 40% අඩුකරගන්න පුලුවන්ලු
(ප්‍රංශ ජාතික තරුනයෙක් ඔය වැඩේ කරලා මාට්ටු උනාලු)

4 comments:

Ravimal said...

ලංකාවෙ නම් 99% කට වැඩිය භාවිතා කරන්නේ තමන්ගෙ පුද්ගලික ජීවිතයට සම්බන්ධ මුරපද. මං දන්න අය අතරින් එකම එක්කෙනයි ශක්තිමත් මුරපද භාවිතා කරන්නේ..
අනික ගොඩක් දෙනා එකම මුරපදේමයි හැම දේකටම යොදාගෙන තියෙන්නේත්...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ලොක්කා වගේ දැම්මට මාත් එහෙමයි :D

හිඟන්නා said...

හප්පා සම්පුර්ණ් ඈත්ත , මාසෙකට සැරයක්වත් පාස්වර්ඩ් වෙනස් කලොත් තමා හොඳ !!!

සුදු මහත්තයා said...

හු ඈ .. ඔන්න අකුරු 179ක් ගෙස් කොරන්න පුළුවන් නං . මගේ පාස්වර්ඩ් එක හොයාගත්තකි .. මම මතකේ තියාගන්නෙත් රටාවකට.. පාස්වර්ඩ් එහෙ මෙහෙ සෙවූ කොරන්නෙත් නැහැ

Post a Comment