4/24/10

Nos ගැහුවම හයියෙන් යන්නේ කොහොමද?

The Fast and the Furious වල ජවනිකාවක්

O'Conner යි Dom යි කරට කර drag එකක් ඔන්න අපේ O'Conner ස්විච් එකක් එහෙම දාලා බටන් එකක් ඔබනවා ..කාර් එක එකපාරටම රොකට් එකක් වගේ වෙනවා RPM කට්ට කොනේ ....ඒ අස්සේ Domත් අර වගේ ම සීන් එකක් කරනවා ...මිනිහගේ කාර් එකත් රොකට් ....

කට්ටිය මේ වගේ ජවනිකා දැකලා ඇතිනේ එකපාරටම ටික වෙලාවකට වාහන වලට සුපිරි බලය ලබා දෙන මේ ක්‍රමයට කියන්නේ NOS එහෙමත් නැත්නම් nitrous oxide systems කියලා
 මෙතන්දි වෙන්නේ ද්‍රව කරනය කල nitro­us oxide (N20) කෙලින්ම එන්ජිම තුලට ඇතුල් කිරිමයි .සාමාන්‍යයෙන් එන්ජිමක ධාවන තත්වයේදී උෂ්ණත්වය 570  Fවිතර ඒ කියන්නේ සෙල්සියස් නම් 300 ක් මේ උෂ්ණත්වයේ දි  N20 පහසුවෙන්ම oxygen හා nitrogen බවට පත් වෙනවා ඒ කියන්නේ දහන කුටීරය (combustion chamber) තුල oxygen වැඩියි .මේ නිසා එන්ජිම තුල වැඩි ඉන්දන ප්‍රමානයක් දහනය කරන්න පුලුවන් ඒ නිසා වැඩි අශ්වබල ප්‍රමාණයකුත් ගන්න පුලුවන්
N20 තවත් වාසි දෙකක් තියෙනවා N20 වාශ්පී කරනය වෙද්දි උරා ගන්නා තාපය නිසා intake වායු ධාරාව සිසිල් වෙනවා එම නිසා PV=nRT අනුව intake කලහැකි වායු ප්‍රමානය වැඩි වෙනවා එයිනුත් සැලකිය යුතු oxygen ප්‍රමානයක් ලැබෙනවා ඒ වගේම nitrogen මගින් combustion chamber තුල පීඩනය නියතව තබා ගන්නවා.එමගින් ගෑස්කට් පිපිරීම වලක්වනවා
කොහොම උනත් මේ මගින් ගන්න පුලුවන් බලයේ කාලසීමාව අවමයි ඔය ඉහල රූපයේ තියෙන ටැංකියෙන් යන්තම් තප්පර 2 විතර දුවා ගන්න පුලුවන්.ඒ වගේම තමා NOS බටයක් කැඩුනොත් රෝස් පාන් ..නිවැරදි උෂ්ණත්වය RPM එක එන්ජිමේ නොතිබුනොත් මුලු එන්ජිමම ඉවරයි

ඉතින් NOS ගැහිල්ල හරියට කරන්න ඕනෙ .නියමිත වෙලාවෙදි විතරයි ..ඒක හරියටම දන්න Dom හැම තිස්සෙම දිනනේ ඒකයි :D

4 comments:

මැර-සහන් said...

එල....
මචෝ ඕක ගැන මාත කාලයක් පර්යේශන කලා....
අන්තිම ප්‍රථිඵලය විදිහට බයික්කෙ සයිලන්සරේට spark plug එකකුත් ඇමිනුවා තව ඩින්ගෙන් ඒක ගිනි ගන්නවා.... :P

Prabhath Darshana said...

ඔං ඕකයි ‍ඩොම් ගේ රහස නේ

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ඊතර් තමා හරියන්නේ :D සයිලන්සරේට ටිකක් දැම්මනම් මල්වෙඩි සංදර්ශනයක් බලන්න තිබුනා :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@Prabhath:O'Conner හැමදාම කලින් ගහනවානේ මිනිහට අර ක්ෂනික ලෙඩේ :D

Post a Comment