4/25/10

ළගින් හිටිය හිතවතා NOKIA 6630

මේ කියන්නේ මගේ ළගින් අවුරුදු තුනක් විතර නොසැලී සිටිය හිතවතා ගැනයි ඒ තමයි මේ
හංගේරියාවෙ උපත ලබලා තියෙන මෙයා මගෙ ලගට ආවෙ 2007 අවුරුද්දේ අගෝස්තු මාසයේ විතර.ඒ වෙනකොට මේගොල්ලන්ට හැදෙන සාමාන්‍ය ලෙඩක් වෙන display blink රෝගය  හැදිලයි හිටියෙ.ඒ ලෙඩේට නිට්ටාවටම සුව වෙන්න දෙන බෙහෙත වෙන display මාරු කිරීම කරලා 15,000 (ඒ කියන්නේ NOKIA 6230i+2500) ආසන්න මුදලකට මෙයාව මම අයිති කරගත්තා

එතැන් පටන් මෙයාගේ මූලික රාජකාරිය උනේ Local host එක හා මා අතර සියලුම සංනිවේදන කටයුතු කිරීම ,මිතුරන් අතර කෙටි පනිවිඩ හුවමාරුවට සහය දැක්වීම,NIMBUZZ chating කිරීමට,පාලු වෙලාවට Game ගැසීමට වගේ දේවල් වලට තමා ඒ වගේම ඔරලෝසුවක් ලෙස මට නිහඩවම සේවයක් කලා

2008 අවුරුද්දේදි 3G video calling ,හා 3G (384 kbps) මොඩමයක් ලෙසත් ඉතා අනර්ග සේවයක් ඉටුකලා  නමුත් 2009 අග භාගයේදි huawei e220 මගින් ඒ කටයුත්ත භාර ගත්තට පස්සෙ මෙයාට විවේකයක් ලැබුනා

වර්තමානයේ දි මෙය සතු executive calendar එක මගින් මගේ දිනපතා රාජකාරි කලමනාකරනයටත් උදව් දෙනවා

මේ මොහොතෙත් මෙයා මගෙ ලගින්ම ඉන්නවා ..එකම එක වතාවක් බැටරිය සම්බන්ද රෝගයක් වැලදිලා මෙයාට පෙරනිමියෙන් ආ බැටරිය (Li-Ion 900 mAh (BL-5C)) වෙනුවට  Li-Ion 900 mAh (BL-5CA) බැටරියක් යෙදුවා ඒ සමගම මෙයාගෙ Talk time එක විශාල වශයෙන් අඩු වුනා :(

මෙයා දැනට ගිනිය නොහැකි බිම වැටීම සංඛ්‍යාවකටත් ,5 වරක් පමන ජලපහරට හසුවීම් වලටත් (එක් වරක් මුහුදු ජලයට) මුහුන දීලා තියෙනවා

මෙයාගෙ අඩුපාඩුවක් ලෙස මම් දකින්නේ Secondary Videocalling කැමරාවක් නොමැති වීමත් රේඩියෝවක් නොමැති වීම විතරයි

ඉතින් අස්ථාන ගතවීමක් වගේ දෙයක් නොවුනොත් මම  nokia vertu එකක් ගන්න කල්ම මාත් එක්ක මෙයා ඉදීවි :D

5 comments:

හසිත ජයසූරිය said...

එල එල ඔහොම යන්

හෙළයා said...

k

Ansh Lucky Sri Jay said...

නියම ෆෝන් එක.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ කස්ටියටම:වතුරෙන් තමා දුවන්නේ ,තෑන්කූ වේවා !

ගයාන් තාරක said...

නරකද සෙකන්ඩරි කැමරා එකක් නෑ කිය කිය ඉන්නැතිව කණ්නාඩි කෑල්ලක් වත් අරන් ගියානම්.
සරල ප්ලෑන් එකක්නේ.

Post a Comment