2/23/10

VLC වෙබ් interface


හැමෝම දන්නවනෙ VLC media player එක ගැන අද මම කියන්න යන්නෙ මේකෙ තියෙන එක්තරා විශේෂාංගයක් භාවිතා කරලා කරන්න පුලුවන් cool වැඩක් ගැන :)


මේක හුඟක් වැදගත් වෙන්නෙ කට්ටියක් එකතුවෙලා සින්දු අහ අහා වැඩ කරන අවස්ථාවලදි තමයි.මොකද එක එක කට්ටිය කැමති එක එක විදියෙ සින්දුවලටනේ.ඉතින් සින්දු දාන කෙනාට වෙන්නෙ DJ වගේ එක් එක්කෙනා කියන සින්දුවලට මාරුකර කර ඉන්නයි :D .හැබැයි network 1කේ ඉන්න හැමෝටම පුලුවන්නම් තමන් කැමති සිංදුව තමන්ටම දා ගන්න ඔන්න වැඩේ ගොඩ ..:)


අවශ්‍ය කරන දේවල්
  • VLC media player එක  
  • නෙට්වර්ක් කරන ලඳ පරිගණක කිහිපයක්
  • sub woofer 1ක් හෝ සාමාන්‍ය speaker system 1ක්

වැඩේ පටන් ගමු
මුලින්ම අපි media server 1ක ලෙස භාවිතා කිරීමට සූදානම් වෙන පරිගණයට සියලුම ගීත පිටපත් කරගන්න ,එහි VLC install කර නැත්නම් VLC player එක ස්ථාපනය කරගන්න



ගීත ඇසීමට කැමති සියලු දෙනාම සමග එකතු වී VLC player1 එකෙන් playlist 1 ක සාදා save කරගන්න

VLC හි කෙටි මගක් desktop එක මත සාදාගන්න

එය මත right click කර properties වලට යන්න

එහි Target යන ස්ථාන‍යේ ඇති "‍‍X:\Program Files\VideoLAN\VLC\vlc.exe" ට පසුව ඉඩක් තබා --extraintf=http යන්න එක් කරගන්න
උදා :-  "‍‍C:\Program Files\VideoLAN\VLC\vlc.exe" --extraintf=http

 

VLC.exe ගොනුව ඔබගේ firewall වැඩසටහනට එක් කරගන්න

පෙර පියවරවල් මගින් සාදාගත් කෙටි මගින VLC වැඩසටහන ආරම්භ කර  playlist 1 කද add කරගන්න

වෙබ් ගවේශකය මගින් http://127.0.0.1:8080 වෙත පිවිසෙන්න

මෙවැනි තිරයක් ලැබේදැයි බලන්න

 වෙනත් තිරයක් ලැබේඳ ?
ඔබගේ පරිගනකයේ 8080 port 1ක කිනම් හෝ server  මගින් දැනට භාවිතා කරයි එම නිසා "‍‍C:\Program Files\VideoLAN\VLC\vlc.exe" --extraintf=http --http-host=[ඔබගේ LAN IP එක]:[0 -65535 අතර අංකයක්] යොඳන්න
(windows තුල භාවිතා වෙන සම්මත port සදහා මෙතන කොටන්න)

දැන් ඔබගේ LAN එක තුල සිටින සියලු දෙනාටම වෙබ් ගවේශක මගින් http://[VLC සහිත පරිගනකයේ IP එක]:8080 පිවිසීම මගින VLC වැඩසටහන පාලනය කල හැකියි
මේ තියෙන්නෙ ඔයවිදිහට හදාගත්ත media server 1 (office එකේ තමා හැදුවෙ)

දැන් කස්ටිය rock තමා :D

8 comments:

Anonymous said...

මේ නටන එකා මොකාද
/දොඩන්

ශාකුන්තල said...

\m/ අනිවා රොක්!

Lahiru නිර්මල said...

@Anonymous :අපේ tech lead ..:))
@ ශාකුන්තල:අනිවා ..\m/

Kasun Nadeeshana said...

නියමයි!.

Madhawa Habarakada said...

මෙහෙම කලාම ඒ මැෂින් එකේ ඇපාචි සර්වර් එකක් එහෙම රන් වෙනව නම් අවුලක් වෙනව නේද?

ශාකුන්තල said...

Apache වලින් පාවිච්චි කරන්නෙ port 80
නමුත් මෙතනදි පාවිච්චි වෙන්නෙ port 8080 (මම හිතන්නෙ අපි කැමති port එකක් සකස් කරගන්න පුළුවන්)

ඒ නිසා නෝ ප්‍රොබ්ලම්!

Lahiru නිර්මල said...

@Madhawa & ශාකුන්තල :කැමති port 1ක් දෙන්න පුලුවන් ,ඇපාචි සර්වර් කියන්නෙ මහත පූසා (tom cat) නම් පොඩි අවුලක් තියෙනවා.කැමති port එකක් දෙන විදිය මම මේකට ඇඩ් කරන්නම් කො :)
@Kasun : :)

Ashan Kodagoda said...

හී හී එලම තමා , නටන්න පුලුවන් ඇට්ටි හැලෙන්න .......

Post a Comment