12/19/10

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010

photo from http://pamalblog.blogspot.com


2010 දෙසැම්බර් 19 තමා ඔන්න 2 වන සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව  තිබ්බේ ..රැකියාවෙනුත් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්න CONFIUZD ප්‍රෝග්‍රැමරුත් ඕකට ඇටෙන්ඩ් එක දාන්න තමා හිටියෙ කොහොම හරි ඔන්න මායි තව බ්ලොග් ලියන කීප දෙනෙකුත් එක්ක ..අද වැඩේට එන්ටර් උනා

වැඩේනම් සාර්තකව සිද්ද උනා...ඒ ගැන කට්ටිය පෝස්ට් වගේම පොටෝ කෑලිත් ඔය අප්ලෝඩ් කරන්නේ එක දෙක

ඉතින් අද උදේ ..පානදරම ..මාත් ඉතින් G2G එකට එන්න හිතාගෙන ,,ඉතින් ආවා ..කලින් කතා කරගෙන හිටිය විදියට කණියා එක්ක තමා එන්න හිටියේ ..එන කෝච්චිය කතා කර ගත්තට ,,,නගින්න ඕනි පෙට්ටිය ගන කිව්වෙ නෑ නෙ කෝහොම හරි සෙට් උනේ මරදානෙදි තමා

ඊට පස්සෙ අපි ආවා කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටට ..ඒ අපේ පොඩි කණියා හා සජියා එක්ක ...
ඔන්න ඊට පස්සේ කස්ටිය හතර අතට කෝල් දදා කට්ටිය එකතු කරනවා ..ලොකු හසියා ..හසී .. දෙන්නා ..මගී පාලම උඩ බර කතාවක් ..ඔය අතරේ පොඩි හසියා ඇන්ඩ් පුබුදු ආවා අපි හිටිය තැනට

ඔය අතරේ තමා මගෙ ප්‍රාණ සමාන ..මගෙ සුරංගනාවි ආවේ ..ඔන්න එයත් එක්ක ආයෙ බස් හෝල්ට් එකට ..එතකොටම ලොකු හසියාම,හසී ඒ දෙන්නත් ආවා .

ඔන්න නඩේ කට්ටිය හරි ..කණියා GPS එකට පින්සිද්ද වෙන්න 500m යන්න තිබ්බ ගමන 1km වලින් DHPL බිල්ඩින් එකට ආවා ඒ එනකොටම හමු උනේ මාධව

කොහොම හරි අපි auditorium එන්ටර් ව්ව්නකොටම හිටියා ..අපේ වත් අක්කා :) දොඩං අයියා ..මාරයත් හිටිය නොවැ

 හප්පා ..එතකොට බනියා,හිගන්නා,ජේඩී,ඉන්දරේ,ෆා ,ජීවා,නීනු,මලින්ත,ඩනිශක .... තව ඩා[ර්]ක් පූසා ..බ්ලොග් ගඩොල් කස්ටිය


කොහොමහරි ඔය නම් කීව අයයි නොකී අයයි කට්ටියම ඇවිත් හිටියා ..කොහොම හරි පොටො කෑලි දෙක තුනකටත් ඉදලා ..  කට්ටිය බෝම සතුටින් විසිර ගියා

ඔන්න මාත් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මා ..දිගටම ආයෙ ලියන්න ගන්නත් ඕනි ... ඉතින් ඊ ලග G2G එකේ හමු වෙමු

(අල්ලපු පොටො කෑලි ටික දැන් ඔන්න මූනු පොතට අප්ලෝඩ් කරනවා කට්ටිය ..මම යනවා ඒ පැත්තේ)

10/22/10

CONFIUZD ප්‍රෝග්‍රැමර් නැවතත් කරලියට !!!!!!!!!!

ආවා අවා ආවා !!!!!!!!!

ඔන්න CONFIUZD ප්‍රෝග්‍රැමර් නැවතත් කරලියට ආවා !!! (ඇත්තටම ආවේ සින්ඩි වලින් පයින් ගහල එලවන්න කලින් පොස්ට් එකක් දාලා යන්න :P)

මේ දවස් වලනම් උන සන්නිපතයෙන් පෙලෙනවා (ආදර උනෙන් නෙවේ)

ආපු එකේ පොඩී ප්‍රොඩක්ට් රිවිව් එකක් දාල යන්නම් කෝ

Compaq Presario CQ42-275TX Notebook PC

ඔන්න තියෙනවා භාන්ඩේ

2.4GHz Intel Core i5 ප්‍රොසෙසරය 2048MB DDR3 RAM එක ATI Mobility Radeon™ HD 545v Graphics with 512 MB dedicated වීඩියෝ කාර්ඩ් එක 500 GB hard එක

මූලිකව ගත්තම හොද තේරීමක් ...තව ඕනිනම් Altec Lansing® speakers ,full keyboard ...

ඒත් මදිනම් HP Pavilion dv‍‍X වගේ විච්චූරන නැති පෙනුම lap එකටම තියෙන්නේ ලෝගෝ 3යි ATI,Altec,Intel අඩුම තරමේ Bluetooth ලෝගෝ එකවත් නෑ...

වරදකට කියන්න තියෙන්නේ Screen Size එකයි USB Port 3 යි තමා අනිත් අතින් ගත්තම රලු භාවිතයට සුදුසු ...කල්පවතින ..performance හොද නිෂ්පාදනයක්

හ්ම්ම් පස්සේ දවසක බෙන්ච් මාර්ක් ටෙස්ටින් ටිකක් දාන්නම්

9/6/10

ආදරෙන් පිස්සු වැටිලා !!!!!

පුදුම සතුටකින් ඒවගේම හදිස්සියකින් තමා මේක ලියන්නේ 


කවුරු හරි කෙනෙක් 

අහින්සකව නුඹ අසල දැවටුන
මගේ පුන්චි සිහින පොදිය
සුණු විසුණු කර නුඹ නික්ම ගොසින් අවසන්
ඇය වෙතට ...
ඒත්
...ආයෙමත්
පුන්චි පුන්චි සිහින එකතු කරන්
නොබිඳෙන්නටම
සිහින මන්දිරයක් තනන්නට
අඩිතාලම දානව මම
ඔහු වෙනුවෙන්...


කියලා කිව්වොත් මොකද කියන්න ඕනේ ................ මම නම් කිව්වේ 



අරුත් සුන් ජී‍විතේ අරුත් නොසොයන්නෙමී...
ඔබේ රජ මාලිගේ පහන් දල්වන්නෙමී...


කියලයි ...මම දැනට ගත්ත හොදම තීරණය කියලා තමා ...මම මේ ගැන හිතාගෙන ඉන්නේ. ...


ඔව් ඔව් කට්ටිය හිතුවා හරි ........
මාත් දැන් 
ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ

9/1/10

Confiuzd Programmer වැඩට ගිහිනුත් අවුරුද්දක්

ඔන්න දඩි බිඩියෙ මේ පොස්ට් එක ලියන්නේ ....Confiuzd Programmer වැඩට ගිහින් අවුරුද්දක් පිරීම නිමිත්තෙන්



මේක ඉතින් Confiuzd Programmer ගෙ පලවෙනි ජොබ් එකනේ ...කටු ලෝකයක් තමා මුලින්ම :D

කොහොම කොහොම හරි ශේප් එකේ වැඩේ කරාගෙන හිටියා ....

මේ අතරතුරේදි හුගක් අය Confiuzd Programmerට හම්බ උනා  ...හුගක් කට්ටිය එක්ක වැඩ කරන්න සිද්ද උනා ...ඔය අතරේ පොඩි පොඩි සිත් අමනාපකම් ..වගේම ලොකු ලොකු සිත් අමනාප කමුත් සිද්ද වුනා

හදවතට සමීප අය හම්බ උනා ...ඒ අයගෙන් වෙන් වෙන්න සිද්ධ උනා .....


යාලුවෝ ගැන අලුත් විදියකට හිතන්න පුරුදු උනා  ...අලුත් යාලුවෝ හම්බ උනා ..

ඉතින් මේ අවුරුද්දක කාලය තුල හම්බ වෙච්චි හැමදෙනාටම ස්තූති කරන්න Confiuzd Programmer කැමතියි ...ඒ වගේම වැඩ කරන අතර තුර හා ඊට පිටින් ඇතිවෙච්ච සිත් අමනාප කම් වලට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා



ප:ලි : ඇත්තමයි මේක හුගක් වැදගත් දවසක් ......2010/09/01 

8/27/10

මේ දවස් වල life එක

ඔන්න මාතෘකාව ලියනවනම් :D මොකද මේ දවස් වල only easy day...Was yesterday කියන එකට හරියටම ගැලපෙනවා
වැඩිය ඒ ගැන කතා නොකර ඉම්මු :D


7/29/10

police කතා


ඔන්න මම ඊයෙ රෑ වෙලා ගෙදර ආවේ ..ආපු වේගෙන්ම ගෙදරට ඇතුල් වෙන පාරට බයික් එක හැරෙව්වා .ඔන්න තඩි වාහනයක් පාරෙ නවත්තලා ...බරා ස් ස් ස් ස්.... උච්ච සා වලට ටියුන් කරලා තිබ්බ බ්‍රේක් වල පිහිටෙන් ඇන ගන් නැතිව නවත්තා ගත්තා ..මෙන්න බොලේ ඒකේ ගහලා තියෙනවා

7/18/10

Samsung Corby B3410 -අලුත්ම සගයා

ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් එයාගේ පරණ සගයා වෙච්චි නොකියා 6630 ට පොඩි රිටයර්මන්ට් පාරක් දෙන්න ඕනෙ කියලා හිතලා අලුත් පෝන් කට්ටක් හොයන්න පහුගිය දවස් වල පොඩි කට්ටක් කෑවා මුලින්ම අදහස තිබ්බේ නොකියා ඊ 72 ගැන...පොඩි ආර්ථික පුරස්නයක් නිසා ඒ අදහස අත හැරලා දාන්න උනා ..පස්සේ තමා මේ Corby ව සෙට් උනේ

භීෂණය රජකල සතියක්

හම්මේ මේ සතියනම් ඇත්තටම පුදුම සතියක් තමා ....සතිය මුලම press conference එකක් එක්ක web launch එකක් පටන් ගත්තේම නිදිමැරිල්ලකින් ..........කොහොම හරි ඔන්න අගහරුවාදා (13) තිබ්බයි කියමුකෝ launch එක ..



නිවාඩුත් අනුමත වෙච්චි එකේ මරලා දැම්මා වගේ නිදාගන්නයි හිතාගෙන හිටියේ 
...14 උදේම විතර ගියා අලුත් ඔෆීසියට (ඒක කියන්නත් බැරි උනානේ මම මාරු වුනා අලුත් තැනකට අලුත්ම නෑ ඉතින් ටිකක් පරණයි :D)...

6/27/10

Assembly පාඩම 14

Assembly හා software cracking



Software cracking කියන්නේ මොකක්ද?
Software cracking කියන්නේ Software එකක ඇති copy protection, trial/demo version, serial number, hardware key, date checks, CD check වගේ protection method එකක් හෝ වැඩි ගනනක් ඉවත් කිරීමයි
මෙවැනි protection methods වැඩිපුර භාවිතාවෙන්නේ commercial Software වලයි ,මේක නීතිවිරෝධී කටයුත්තක් වගේම හරිම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ කටයුත්තක්..අද මම කියන්න යන්නේ cracking වලට අත් පොත් තැබීමක් ..ඒ වගේම තමා හුගක් cracking teams වලට n00bs ලා බදවාගනිද්දී ලබා දෙන මූලික ගැටලුවක් වන logical bypassing කියන ක්‍රමය

6/25/10

පූස්තඩියා සමඟ JSP -4:parameter passing

අද අපි කතා කරන්න යන්නේ parameter passing ගැන parameter passing මගින් තමා JSP පිටු කිහිපයක් අතර දත්ත හුවමාරුව කරන්නේ

මුලින්ම අපි server එක ඇතුලේ අලුත් jsp පිටුවක් හදා ගම්මු .මම ඒක showdata.jsp කියලා නම් කරා ගන්නවා.ඒ වගේම ඒක ඇතුලට කලින් පාඩමේ කියලා දුන්න HTTP request කෝඩ් එක පේස්ට් කරගන්නවා.

ඊට පස්සේ කරපු වැඩේ හරිද කියලා බලන්න ඕනෑ නම් server එක restart කරලා http://127.0.0.1:8080/JSPClass/showdata.jsp වලට browser එකෙන් ගිහිල්ලා කලින් පාඩමේ අන්තිමට ආපු ප්‍රතිපලය එනවද කියලා බලනවා

6/4/10

පූස්තඩියා සමඟ JSP -4:JSP tags ගැන තවදුරටත්

අදත් අපි JSP tag වල භාවිතය ගැන තව දුරටත් කතා කරමු
මෙතනදි අපි අයෙත් කතා කරන්නේ සාමාන්‍ය java syntax වල භාවිතයම තමා
<%@page contentType="text/html" import="java.util.*" %>


<%java.text.SimpleDateFormat sd =new java.text.SimpleDateFormat("yyyy-mm-dd");%>
<html>

  <head>
    <title>JSP Class</title>
  </head>
  <body>
    <b>Current Date and time is <font color="#FF0000">;<%= new java.util.Date() %></font></b><br>
    <b>Current Date  <font color="#00ff00"><%= sd.format(new java.util.Date()) %></font></b> 
  </body>
</html>

මේ කෝඩ් එක මගින් අපිට පහසු වෙන්ම ලබා ගන්න පුලුවන්

6/2/10

පළවෙනි E-bay ගණුදෙනුව !!!

ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් කොලුවත් සම්පත් වෙබ් කාඩ් එකක් අරන් එහෙම සෙට් උනානේ online transactions කරන්න :D

ඔන්න ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර් ඉස්සෙල්ලාම E-bay එකෙන් ගත්ත අයිටම් එක අද ගෙදරට ඇවිල්ලා ..ඔපීසිය ඇරිලා ගෙදර යනකොට මෙන්න තියෙනවා පාර්සලයක් ...වැඩි හොදට ගෙදර කට්ටියත් කඩලා බිදලා නෑ

වැඩිය මුකුත් නෙමේ ලෙදර් පර්ස් එකක් තමා ගෙන්නුවේ ...පවුම් 3.99 උණා ..ඩොලර් නම් 7 ක් විතර ... කොහොම හරි හරියටම සතියකින් ආවා ....එන්ගලන්තෙන්නේ ගෙන්නුවේ ....

ඔන්න ඉතින් මේ දවස් වල මූඩ් ගහලා ඉන්න Confiuzd ප්‍රෝග්‍රැමර්ට ටිකක් හරි සතුටුයි ගිහින් E-bay එකේ positive feedback එකකුත් දැම්මා ..දාල තමා මේ පැත්තට ගොඩ උනේ



පොඩි ඇඩ් එකකුත් තියෙනවා
 
ඔන්න හෙට උදේ 9 30 විතර බත්තරමුල්ලෙ බුද්දදාස ග්‍රවුන්ඩ් එක පැත්තේ ආවොතින් ප්‍රෝග්‍රැමර්ලා ,වෙන්ඩ ප්‍රෝග්‍රැමර්ලා,ටෙකී ලා ,කට්ටියම එකතු වෙලා 6 සයිඩ් මැච් ගහනවා බලන්න පුලුවන්



ලග පාත ඉන්න අය ඇවිල්ලා පොඩි සප් එක්ක් දෙන්නකෝ

6/1/10

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු

JAVA වැඩ සටහනක් Windows NT service එකක් ලෙස Run කරමු
අද මම කියලා දෙන්න යන්නෙ JAVA Program එකක් කොහොමද Windows service එකක් විදියට run කර ගන්නෙ කියලා.

මේක හුගක්ම වැදගත් වෙන්නෙ තමන්ගෙම කියලා severs හදාගත අයටයි :) ඒ වගෙම අපගේ සුප්‍රසිද්ධ JDownloader ඒවගෙම වීදුරු මාලුවා(Glass fish) V3 අඩු සංස්කරන Windows service ලෙස run කරගන්නත් මේක වැදගත් වෙනවා .

ඉතින් මොකටද වැඩි කතා පටන් ගම්මුකො වැඩේ



අවශ්‍ය කරන දේවල්:

Java Service Wrapper මෘදුකාංගය ලැබෙන්නෙ .zip හෝ tar.gz පැකේජයක් විදියට .ඉතින් මේ file එක පහසු තැනකට දිග ඇරගන්න

ඊට පස්සෙ ඔයගොල්ලො service 1කක් විදියට run කරන්න හදන .jar file එක එහෙමත් නැත්නම් application  එක Java Service Wrapper හි bin folder එක තුලට copy කරගන්න

Java Service Wrapper හි conf folder ය තුල ඇති wrapper.conf file එක note pad මගින් open කරගන්න

wrapper.java.mainclass හි අගය org.tanukisoftware.wrapper.WrapperSimpleApp ලෙස ලබා දෙන්න

wrapper.java.classpath.1=../lib/wrappertest.jar
wrapper.java.classpath.2=../lib/wrapper.jar

පසුව
wrapper.java.classpath.3=<ඔබගේ .jar file එක> ලබා දෙන්න
උදා :-
wrapper.java.classpath.3=TimeStampSever.jar


wrapper.app.parameter.1 අගය ඔබගේ .jar file එකේ main method එක අඩංගු class එක ලබා දෙන්න

උදා :-
wrapper.app.parameter.1=timestampsever.Main


wrapper.name=<ඔබගේ Service  එකේ නම>
wrapper.displayname=<ඔබගේ Service  එකේ ප්‍රදර්ශනය කලයුතු නම>
wrapper.description=<ඔබගේ Service  ගැන කෙටි විස්තරයක්>

 දැන් wrapper.conf file එක save කරගන්න


ඉන් පසුව bin folder ය තුල ඇති

InstallTestWrapper-NT.bat මගින් එය Windows service එකක් ලෙස ලබා ගත හැක
UninstallTestWrapper-NT.bat මගින් එය එය ඉවත් කිරීම කල හැකිය

5/28/10

පූස්තඩියා සමඟ JSP -3:JSP tags

අද අපි මූලික වශයෙන් කතා කරන්න යන්නේ JSP tags ගැන ඊට කලින් දැනට server එකේ තියෙන html file එක jsp එකක් කරාගෙන ඉම්මූ



මේ වැඩේ කරන්න හරිම පහසුයි කරන්න තියෙන්නේ index.html කියන file එක index.jsp කියලා rename කරගන්න එක

ඒ වගේම අපේ web.xml එකේ ඇති index,html කියන තැනටත් index.jsp කියලා දා ගන්න එතකොට වැඩේ හරි

ඊට පස්සේ ඉතින් server එක restart කරලා http://127.0.0.1:8080/JSPClass/ browse කරලා කරපු වැඩේ හරිගිහිල්ලා ද කියලා බලන්නත් අමතක කරන්න එපා

5/27/10

All time VG hits || ගේමට සෙට් වෙමුද ?

වීඩියෝ ගේම්ස් අපූරු මාතෘකාවක් මේ තියෙන්නේ මට ලෝකයේ හොදම වීඩියෝ ගේම් 10 තෝරන්න කීවොත් මම තෝරන ඒවා ටික

Pacman


කථා දෙකක් නෑ ..මේක නැත්නම් ගේමුත් නෑ

Wolfenstein 3D


Half Life .Far cry ,වගේ රෝල් ප්ලේයින් ගේම්ස් වල ආරම්භකයා තමා මේ

Virtua Cop 2


මවුස් එකෙන් සම්පූර්නයෙන්ම ගහන්න පුලුවන් ඇක්ෂන් ගේම් එකක්

Age of Empires II


ඉවරයක් නැතුව අවුරුද්දක් උනත් සෙල්ලම් කරන්න පුලුවන්

Need For Speed Hot Pursuit 2


මේ වාගේ යුරෝපියන් Car Lineup එකක් වෙන කිසිම ගේම් එකක් නෑ

Hitman :Silent Assassin


එරස් නම් ගොඩයි ඒත් නියම ගැලීමක් තියෙන හැකියාව වගේම ලක් එකත් ඕනෑ කරන ගේම් එකක්

The Thing



පුලුවන්නම් රෑක තනියම සරවුන්ඩ් සවුන්ඩ්ස් දාගෙන ගහන්න බලන්න

Counter Strike


හ්ම්ම් මේක ගැන මම කියන්න ඕන්නෑ gamerslk පැත්තේ ගියානම් හරි

GUN :The Game


ගේම් එකක් නෙවේ හරියට චිත්තර පටියක් වගේ ගහලම බලන්න ඕනෑ මේකනම්

Moto GP 2


බයික්ස් ට්‍රැක්ස් රයිඩර්ස්ලා ඔක්කොම ඇත්ත ඒවා

5/20/10

පූස්තඩියා සමඟ JSP -2:WEB-INF හා තවත් දේ

අපි අද කතා කරනවා කීවෙ JSP webapp එකක ඩිරෙක්ටරි ආකෘතිය හා web.xml file එක ගැනයි
ඊට කලින් අපි සරල වෙබ් පිටුවක් අපේ සර්වර් එකට දාලා බලමු සර්වර් එක හරියටම වැඩ කරනවාද කියලා :D
ඉස්සරලා ම මේ වෙබ් පිටුව හදාගෙන ඉම්මු

<html>
 <head>
  <title>My Test Page</title>
 </head>
 <body>
 
 <h1>Hellow World</h1>
 
 </body>
</html>
මේ හදා ගත්ත පිටුව අපි කලින් පාඩමේ හදා ගත්ත JSPClass කියන folder එක ඇතුලෙ index.html කියන නමින් save කරගන්න

5/7/10

පූස්තඩියා සමඟ JSP -1:තඩී පූසා ගැන (tomcat)

ඔන්න කට්ටිය බලාගෙන හිටිය ඒ මොහොත උදාවුනා:D

දැන් නිළවශ්‍යයෙන් අපේ JSP පන්තිය පටන් ගත්තා....කෝ මේ ලමයි ඔක්කොම ඉන්නවද ?

නටන්න කලින් පොළොව ගැන බලමූ..........!

කට්ටිය මේ වෙනකොට JDK එක හා Tomcat ස්ථාපනය කරගෙන ඇති  කියලා හිතනවා

mega අච්චාරු

මාස දෙකක් ගෙවිලා ගියා ...අන්තිම අච්චාරුවෙන් පස්සේ...
ඉතින් මේ මාස දෙකට හැපනින් දෙයක් නම් සිද්ද වුනේම නෑ....හැම දවසම හරියට while loop එකවගේ හරියටම execute වුනා ..




ඉදලා හිටලා ඔන්න ටිකක හරි out of order වැඩ වෙච්චි දවස් දෙකක් තුනක් තිබ්බා
.:පඩි නඩි නාඩගම්:.
සෑහෙන කාලෙකට පස්සේ දැනෙන්නම අවුරුද්ද කෑවා...හැබැයි මාසෙ අන්තිමට පඩිය අතට ලැබුනාම තමා හොදටම දැනුනේ :D
 -=[..!..]=-
.:තේ එකක්බොමුද?:.


කොහොමින් හරි මේ අවුරුද්දේ ගෙවල් ගානේ ගිහින් තේ බොන කෝස් එක නම් කට් කරා ගන්න පුලුවන් උනා :D
 -=[..!..]=-
.:පැපරාසි කෙල්ලෝ:.


ආ අවුරුද්දට කලින් කෝච්චියේ යන අතරතුර පොඩි පොටෝ ෂූට් එකකටත් හිටියා (කොල්ලා ඉතින් ඇහැට නැතත් කනට වත් පේන එකා නේ) පොටෝ ගත්ත බවලත්තු දෙන්නට (නෑ අනේ පොඩි ගැටිස්සියො දෙන්නෙක්) කියන්නේ පොටෝ ටික මටත් ලැබෙන්න සලස්වනවනම් හොදයි :p
-=[..!..]=-

.:රැකියාව:.

ඊට පස්සේ ඔන්න හා හා පුරා කියලා වැඩට ගියා ඒ එක්කම පොඩි අවුරුදු උත්සවයකුත් තිබ්බා
-=[..!..]=-

.:මැරතන්:.

ඔය අස්සේ කොහොමින් කොහොමින් හරි මැරතනුත් දිව්වා කියමුකෝ ...පැය හයයි දිව්වේ ..වතුර ටිකකුත් වැදුනා ..අන්තිමට මැරතන් දිවිල්ල පැත්තක තියලා කොට්ට පොරයකුත් බලලා නිදාගත්තා

(ඒ අස්සේ මගෙ යාලුවෙකුත් සිංහල බ්ලොග් කරනයට පිවිසුනා)
-=[..!..]=-

.:හොඳ හිත:.




කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත project ගොඩ දැමීමත් මේ පහුගිය කාලෙ ජයටම කලා,,ඒවා කරලා අන්තිමට නරක නාමෙකුත් ගන්න තැනකට පත් වෙන්නත් සිද්ධ වුනා (ඔහොම තමා අස්ථීර වූ ස්ත්‍රී චිත්තය :D)
කට්ටිය බය වෙන්න එපා මොන බාධක ආවත් Confiuzd ප්‍රෝග්‍රැමර් සමාජ සේවයේ යෙදෙන එක නවත්තන් නෑ ඒ නිසා ඔබගේ සියලු කොට උඩ ගිය,වැරදිච්ච ,අනා ගත්ත java project මා වෙත යොමුකරන්න (සාධාරන මුදලකුත් එක්ක හොදේ :D)

.:මේ දවස් වල:.

මේ දවස් වල නම් ඩොමේන් කතාවයි ,කතා කරන ගෙබි කුමාරිගෙ කතාවයි තමා හැම තිස්සෙමෙ මතක් වෙන්නේ

අතුරු කතා වාරේදිනම් ඉතින තව තව කථා යනවලු...........වැදගත් ඒවා නම් වැඩිය නෑ ....ආ තව smampath web card එකටත් ඇප්ලයි කලා ආවාම තමා ඒ ගැන කියන්න වෙන්නේ

මැරතන් එකේදි ලියන්න පටන් ගත්ත පබ්ලිස් කරන්න බැරි වෙච්ච පෝස්ට් කොට ටිකකුත් තියෙනවා ..ඒවා වලින් හොද ඒවා දෙක තුනක් තෝරලා සම්පූර්න කරලා දාන්නත් ඕනෑ :D

මේ ඔක්කොම හුට පට අස්සේ පූස්තඩියා සමඟ JSP  කියලා අලුත් පාඩම් මාලාවකුත් පටන් ගත්තා කට්ටියම එකත් එක්කත් අත්වැල් බැද ගනී කියලා හිතනවා
 
අදට ඇති ....පූස්තඩියා සමඟ JSP  එක්ක ආයෙ හමුවෙමු :D

--Confiuzd ප්‍රෝග්‍රැමර්

5/1/10

පූස්තඩියා සමඟ JSP:ආරම්භක පාඩම

අළුත් වැඩක් සමඟ Confiuzd ප්‍රෝග්‍රැමර්
මැරතන් එක වෙලාවෙදි වගේම පටන් ගත්ත කාලෙදිත් මම කිව්ව නේ "පූස්තඩියා සමඟ JSP" පාඩමක් කරන්න අදහසක් තියෙනවා කියලා

ඔන්න ඒක පටන් ගන්නයි යන්නේ..මුල සිට සරලවම ...හැබැයි මේතනදි මම ජාවා උගන්වන්නන්ම් යන්නෑ..JSP තමා උගන්වන්නේ..ඒ නිසා මෙකදි භාවිතා වෙන අතුරු තාක්ෂනයන් ගැන පොඩි වැටහීමක් තියෙනවනම් තමා හොද..

දැන් අපි බලමු මගෙ පංතියට එන්න තියෙන්න ඔනෙ මූලික සුදුසුකම් :D
  • ජාවා පිලිබද දැනීම (ඒ කියන්නේ RMI හරි advance hash index වගේ දේවල් නෙමේ,class එකකින් අලුත් object එකක් හදන තැනට දැන ගත්තම ඇති (මෙන්න පටන් ගන්න පොට් 1කක්))
  • HTML/XML (එතනදිත් ඕනෙ අර බේසික් දේවල් tag එකක් ඇරියම එක වහන දෙවල් වගේ වැඩ)
  •   TCP\IP හා http,https සම්මුතීන්ගේ හැසිරීම පිලිබද මූලික අවබෝධය(බය වෙන්න එපා .ඕක බැරිනම් මේ පොස්ට් 1ක බලන්නත් බෑ)
.:ඕනෑ කරන ආයුධ ටික:.

.:JDK එක 1.5 ඉදලා ඉහලට ඕනෑ එකක්:.

මෙන්න මෙතනින් ගන්න පුලුවන්
ස්ථාපනය කරන හැටි මෙන්න මෙතන තියෙනවා මරුවටම

.:Apache tomcat sever:.

මෙන්න මෙතැනින් ගන්න පුලුවන්
install කරන්න හරි ලේසියි .ජාවා මුලින් install කරලා ඉන්න ඕනෑ

.:IDE එක:.

මුල පාඩම් වලට භාවිතා කරන්නේ සරල text editor 1කක් පස්සෙ Eclipse හරි Netbeans වලට හරි මාරුවෙමු එතකම් මම පාවිචි කරන්නේ Notepad++ 


මෙන්න මෙතැන තියෙනවා IDE ගැන විස්තරයක්

ඔන්න පන්තිය පටන්ගන්නේ ලබන සතියෙ ලමයි වෙලාවට එන්න :D

4/30/10

Assembly පාඩම 13

ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද  windows System Parameter Inflammations වලට Assembly  වලින් ඇතුල් වෙන්නෙ කියලා
මෙතනදි මම ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක තමා වෙනස් කරන්නේ මේ කෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔනෙ කෙනෙකුට පොඩි ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක ලොක් කරන වැඩසටහනකුක් හදා ගන්න පුලුවන්

වැඩි කතා ඔන් නෑ ඔන්න කෝඩ් එක
.486                      ; create 32 bit code
      .model flat, stdcall      ; 32 bit memory model
      option casemap :none      ; case sensitive
  
;     include files
;     ~~~~~~~~~~~~~
      include \masm32\include\windows.inc
      include \masm32\include\masm32.inc
      include \masm32\include\gdi32.inc
      include \masm32\include\user32.inc
      include \masm32\include\kernel32.inc
      include \masm32\include\Comctl32.inc
      include \masm32\include\comdlg32.inc
      include \masm32\include\shell32.inc
      include \masm32\include\oleaut32.inc
      include \masm32\macros\macros.asm

;     libraries
;     ~~~~~~~~~
      includelib \masm32\lib\masm32.lib
      includelib \masm32\lib\gdi32.lib
      includelib \masm32\lib\user32.lib
      includelib \masm32\lib\kernel32.lib
      includelib \masm32\lib\Comctl32.lib
      includelib \masm32\lib\comdlg32.lib
      includelib \masm32\lib\shell32.lib
      includelib \masm32\lib\oleaut32.lib

      include \masm32\include\dialogs.inc
   
       
   .data
   FileName db "test.bmp", 0
   .data?
   hFile HANDLE ?
   
   
  .code


start:
  
 
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 
          invoke ExitProcess,eax


end start
මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දි ඒ ෆොල්ඩරේ ඇතුලට "test.bmp" කියලා BMP ඉමේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා

අර ලොක් කරන සීන් එක කරන්න ඕනෙනෙම් මෙන්න මේ කෝඩ් කෑල්ල දාන්න
lbl1:
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 invoke Sleep, 10000 
jns lbl1

4/25/10

Confiuzd ප්‍රෝග්‍රැමර් ගේ නිළ මැරතන් අවසන් කිරීමේ ලිපිය

ඔන්න මම දුවලා ඉවරයි....!!! මේක දාන්නේ ඔෆිස් 1කෙ ඉදන් :D

ඔන්න දඩි බිඩියෙ තවත් පෝස්ට් එකක්

සුබ උදෑසනක් වේවා!
කට්ටිය දුවලා වගේ හි හි :D
බිඟුවා යි ජේ ඬී යි කරට කර දුවනවා..
අනික හොද හොද සෙල්ලම් තිබිලා තියෙන්නේ එලිවෙන ජාමේ...
අපරාදේ මටත් 10 විතර පටන් ගන්න තිබ්බේ :D
තව පැය 3ක් දුවන්න තියෙනවා නේ

key Bord 1කේ keys 202 ?

හම්මෝ දැන්නම් මට බෑ key Bord 1කේ keys 202  විතර තියෙනවා වගේ පේනවා උදේ 4 නැගිටින්නත් ඕනෙ....
ඔන්න ඉතින් මාත් හැලුනා............
අයෙ පුලුවන් කමක් තිබුනොත් උදේට පොස්ට් 2ක් වත් දාන්නම්

වතුර ගහපු..බලන්න ආපු හැමෝටම තෑන්කූ වේවා !
-- Confiuzd ප්‍රෝග්‍රැමර්

metallica යකඩ සංගීතයේ පිය උරුමය

බර යකඩ නැත්නම් Heavy metal ගැන කතා කරනවා නම් ඉතින් metallica ගැන කතා නොකරම බෑ
මෙන්න ඔවුන් ගැන පොඩි විස්තරයක්
බෑන්ඩ් එක පටන් ගත්තෙ 1981 එතකොට හිටිය කට්ටිය තමා Ron McGovney Dave Mustaine Cliff Burton Jason Newsted James Hetfield Lars Ulrich Kirk Hammett Robert Trujilloකියන කට්ටිය
ඔක්කොම සින්ගල්ස් 45 විතර කරලා තියෙනවා
"Hit the Lights" තමයි ඔවුන්ගේ පලවෙනි ගීතය  Nothing Else Matters තමා ජනප්‍රියම සින්දුව



රස විදලම බලන්නකෝ

ළගින් හිටිය හිතවතා NOKIA 6630

මේ කියන්නේ මගේ ළගින් අවුරුදු තුනක් විතර නොසැලී සිටිය හිතවතා ගැනයි ඒ තමයි මේ
හංගේරියාවෙ උපත ලබලා තියෙන මෙයා මගෙ ලගට ආවෙ 2007 අවුරුද්දේ අගෝස්තු මාසයේ විතර.ඒ වෙනකොට මේගොල්ලන්ට හැදෙන සාමාන්‍ය ලෙඩක් වෙන display blink රෝගය  හැදිලයි හිටියෙ.ඒ ලෙඩේට නිට්ටාවටම සුව වෙන්න දෙන බෙහෙත වෙන display මාරු කිරීම කරලා 15,000 (ඒ කියන්නේ NOKIA 6230i+2500) ආසන්න මුදලකට මෙයාව මම අයිති කරගත්තා

එතැන් පටන් මෙයාගේ මූලික රාජකාරිය උනේ Local host එක හා මා අතර සියලුම සංනිවේදන කටයුතු කිරීම ,මිතුරන් අතර කෙටි පනිවිඩ හුවමාරුවට සහය දැක්වීම,NIMBUZZ chating කිරීමට,පාලු වෙලාවට Game ගැසීමට වගේ දේවල් වලට තමා ඒ වගේම ඔරලෝසුවක් ලෙස මට නිහඩවම සේවයක් කලා

2008 අවුරුද්දේදි 3G video calling ,හා 3G (384 kbps) මොඩමයක් ලෙසත් ඉතා අනර්ග සේවයක් ඉටුකලා  නමුත් 2009 අග භාගයේදි huawei e220 මගින් ඒ කටයුත්ත භාර ගත්තට පස්සෙ මෙයාට විවේකයක් ලැබුනා

වර්තමානයේ දි මෙය සතු executive calendar එක මගින් මගේ දිනපතා රාජකාරි කලමනාකරනයටත් උදව් දෙනවා

මේ මොහොතෙත් මෙයා මගෙ ලගින්ම ඉන්නවා ..එකම එක වතාවක් බැටරිය සම්බන්ද රෝගයක් වැලදිලා මෙයාට පෙරනිමියෙන් ආ බැටරිය (Li-Ion 900 mAh (BL-5C)) වෙනුවට  Li-Ion 900 mAh (BL-5CA) බැටරියක් යෙදුවා ඒ සමගම මෙයාගෙ Talk time එක විශාල වශයෙන් අඩු වුනා :(

මෙයා දැනට ගිනිය නොහැකි බිම වැටීම සංඛ්‍යාවකටත් ,5 වරක් පමන ජලපහරට හසුවීම් වලටත් (එක් වරක් මුහුදු ජලයට) මුහුන දීලා තියෙනවා

මෙයාගෙ අඩුපාඩුවක් ලෙස මම් දකින්නේ Secondary Videocalling කැමරාවක් නොමැති වීමත් රේඩියෝවක් නොමැති වීම විතරයි

ඉතින් අස්ථාන ගතවීමක් වගේ දෙයක් නොවුනොත් මම  nokia vertu එකක් ගන්න කල්ම මාත් එක්ක මෙයා ඉදීවි :D

4/24/10

LP හා මම ...

මම වැඩියම LP ලට කැමති නෑ ....ඒ කට හේතුව තමා මේක :D


LP රසික රසිකාවියො මාත් එක්ක තරහ වෙන්න එපා ...............

ඒ අය මේක බලන්න



ඊලග පොස්ට් 1ක ලියන්න කල් ගන්නයි මෙහෙම කරන්නේ :D

Knock'n on heavens door රස දෙකකින්

වතුර ගහන්නත් කට්ටිය නැති එකේ ගියා U නලය පැත්තේ

යකඩ සංස්කරනය



ගෑරුප්පු ගල් සංස්කරනය

50 තව ලිපි 4 යි ....!!

මගෙ මුලු පෝස්ට් ගාන 50 වෙන් තව ලිපි 4 ඕනෙ .....
මේක ඔට්ටුද දන් නෑ නේ :D
පැය 24 හිටියනම් අනිවා 100 පන්නනවා :D

Nos ගැහුවම හයියෙන් යන්නේ කොහොමද?

The Fast and the Furious වල ජවනිකාවක්

O'Conner යි Dom යි කරට කර drag එකක් ඔන්න අපේ O'Conner ස්විච් එකක් එහෙම දාලා බටන් එකක් ඔබනවා ..කාර් එක එකපාරටම රොකට් එකක් වගේ වෙනවා RPM කට්ට කොනේ ....ඒ අස්සේ Domත් අර වගේ ම සීන් එකක් කරනවා ...මිනිහගේ කාර් එකත් රොකට් ....

කට්ටිය මේ වගේ ජවනිකා දැකලා ඇතිනේ එකපාරටම ටික වෙලාවකට වාහන වලට සුපිරි බලය ලබා දෙන මේ ක්‍රමයට කියන්නේ NOS එහෙමත් නැත්නම් nitrous oxide systems කියලා
 මෙතන්දි වෙන්නේ ද්‍රව කරනය කල nitro­us oxide (N20) කෙලින්ම එන්ජිම තුලට ඇතුල් කිරිමයි .සාමාන්‍යයෙන් එන්ජිමක ධාවන තත්වයේදී උෂ්ණත්වය 570  Fවිතර ඒ කියන්නේ සෙල්සියස් නම් 300 ක් මේ උෂ්ණත්වයේ දි  N20 පහසුවෙන්ම oxygen හා nitrogen බවට පත් වෙනවා ඒ කියන්නේ දහන කුටීරය (combustion chamber) තුල oxygen වැඩියි .මේ නිසා එන්ජිම තුල වැඩි ඉන්දන ප්‍රමානයක් දහනය කරන්න පුලුවන් ඒ නිසා වැඩි අශ්වබල ප්‍රමාණයකුත් ගන්න පුලුවන්
N20 තවත් වාසි දෙකක් තියෙනවා N20 වාශ්පී කරනය වෙද්දි උරා ගන්නා තාපය නිසා intake වායු ධාරාව සිසිල් වෙනවා එම නිසා PV=nRT අනුව intake කලහැකි වායු ප්‍රමානය වැඩි වෙනවා එයිනුත් සැලකිය යුතු oxygen ප්‍රමානයක් ලැබෙනවා ඒ වගේම nitrogen මගින් combustion chamber තුල පීඩනය නියතව තබා ගන්නවා.එමගින් ගෑස්කට් පිපිරීම වලක්වනවා
කොහොම උනත් මේ මගින් ගන්න පුලුවන් බලයේ කාලසීමාව අවමයි ඔය ඉහල රූපයේ තියෙන ටැංකියෙන් යන්තම් තප්පර 2 විතර දුවා ගන්න පුලුවන්.ඒ වගේම තමා NOS බටයක් කැඩුනොත් රෝස් පාන් ..නිවැරදි උෂ්ණත්වය RPM එක එන්ජිමේ නොතිබුනොත් මුලු එන්ජිමම ඉවරයි

ඉතින් NOS ගැහිල්ල හරියට කරන්න ඕනෙ .නියමිත වෙලාවෙදි විතරයි ..ඒක හරියටම දන්න Dom හැම තිස්සෙම දිනනේ ඒකයි :D

confiuzd Programmer ළඟ නිතරම තියෙන දේවල්

ආයෙත් විකාර වැඩක් :D කට්ටිය ටෙක්නොලොජියට වඩා මේවට කැමතියි වගේ :D
මේවා තමයි Confiuzd Programmer ගෙදරින් එලියට බහිද්දි නොවරදවාම අරන් යන දේවල්


  1. T.sonic 610





  2. sony in-ear හෙඩ් සෙට් එක




  3. NOKIA 6630




  4. Kingston DT 100



  5. huawei e220 with මොබිටෙල් connection


බුදු අම්මෝ මගෙ ඇගිලි රිදෙනවා !!! aooch

දැන් නම් ඇගිලි රිදෙනවා හරියට .....එක්කෙනෙක් කිව්වා ගිටාර් එක play කිරීම මේකට හොදයිලු
විනාඩි 15 කින් ආයෙ හමු වෙමු .....ආ වතුර ගහන අයට තෑන්කූ :D

සයි-හැකිං || psi-hacking


අළු තොප්පිකාරයො (Gray Hat) අතර භාවිතා වෙන අළුත්ම password Cracking ක්‍රමය තමා psi-hacking
මේකෙ ක්‍රමවේදය තමා සමාජ-ජාල,සංවාද මණ්ඩප වලට ඇවිල්ලා ගොදුරු කරගන්න ඕනෑ පුද්ගලයා  කතා කරන ඒවා ,post කරන ඒවා බලලා ඒ පුද්ගලයාගේ රුචි අරුචි කම් තෝරා ගෙන ,ඒ හරහා එම පුද්ගලයා භාවිතා කිරිමට පුලුවන් මුරවචන ,ආරක්ශක ක්‍රම හොයාගැනීම
මේක මනෝවිද්‍යාවටත් සම්බන්දයි.මොකද 80% දෙනා භාවිතා කරන මුරවචන තමන්ගෙ පුද්ගලික ජීවිතයට සම්බන්ද නියා
මෙහි ඉතා පැතිරුනු අවදානමක් නෑ කියලා හුගක් අය කීවත් අවදානමක් තියෙනවා ,දැනට මේ ක්‍රමය අළු තොප්පිකාරයො යොදාගන්නේ Directory brutal force ක්‍රමයේදි යොදා ගන්නා word list එක කෙටි කිරීමට.නමුත් ඉදිරියට ඔවුන් ක්‍රමයක් සොයාගනීවි කෙලින්ම මුරවචනය සොයා ගන්න.අළු තොප්පිකාරයො පවසන විදිහට මෙය 65% ම සාර්ථක ක්‍රමයක් ලු ඒ වගේම Directory brutal force දි වැයවෙන කාලය 40% අඩුකරගන්න පුලුවන්ලු
(ප්‍රංශ ජාතික තරුනයෙක් ඔය වැඩේ කරලා මාට්ටු උනාලු)

NSIS එන්. ඇස්. අයි .ඇස්

NSIS (Nullsoft Scriptable Install System) කියන්නේ පහසුවෙන් setup හදාගන්න භාවිතා කල හැකි  Scriptable language එකක්
setup factory Installshield වැනි setup හදන tools වලින් NSIS වෙනස් වන්න හේතුව තමා Script language වීම මොකද එය ඉතා පහසුවෙන් වෙනස් කිරීමට හැකි වීම



Nullsoft කියන්න ජනප්‍රිය winamp player හදපු සමාගමේ පලවෙනි නිෂ්පාදනය

Confiuzd Programmer අදින්න කැමති දේවල්

ටිකක් විකාර රූපියි ...ලියන්න දේවල් ඇත්තෙම නෑ ඉතින් මම පොඩි විකාරයක් කලා
  1. සුදු ටී shirt එක (ටොප් එක සුදු වෙන්න ඕනෙ)







  2. නිල් ඩෙනිම් එක








  3. නිල්පාට sneakers







  4. belt එක (මේක දාන්නේ නම් කලිසම වැටෙනවට :D)






  5. leather wristband (හම් අත්පලදනාව)




(ඔය වගේ ඇදුම් ඇදගත්තු ගීක් ඩයල් එකක් දැක්කොත් ඒ මම තමා)
තව විනාඩි 15 කින් වැඩකට ඇති දෙයක් ලියන්නම් :D